ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට සුදානම් – චීන අගමැති මුල්‍ය අරමුදලේ ප්‍රධානීට කියයි

ණය ගැන චීනය දුන් පොරොන්දුව

තුන්වන ලෝකයේ රටවල ණය පරතිව්යුහගතකිරීමේ ක්‍රියාවලියකට චීනය එකඟ බව චීන අගමැති ලී කෙචාන්ග් මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජියා මහත්මියට ප්‍රතිඥා දී ඇති බව වාර්තා වෙයි. චීන අගමැතිවරයා පවසා ඇත්තේ ජී 20 කණ්ඩායමේ සාමාජිකයින් සමග එක්ව සාධාරණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියකට තමන් එකඟ වන බව යි.
චීන අගමැති ලී කෙචාන්ග් මහතා   ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය ඊයේ (08)  හමුවී කළ සාකච්ඡාවේ දී මෙම ප්‍රතිඥාව ලබා දී තිබේ . එහි දී  සාර්ව ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ද  ප්‍රතිඥා දී තිබේ.

චීන රජයෙන්එ කළ ආරාධනයක්ම අනුව මෙම හමුව චීනයේදී සිදුව තිබුණි.

චීනය ගෝලීය ආර්ථීක ක්‍රියාවලියේ ප්‍රමුඛ ක්‍රියාකරුවෙක්, එය රකින්නෙකු සහ එහි දායකයෙකු වී ඇති බව එහි දී සඳහන් කළ චීන අගමැතිවරයා, චීනය වසර ගණනාවක් පුරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ හොඳ සහයෝගීත්වයක් සහ සබඳතාවක් පවත්වා ගෙන යන බව පැවසීය.

ඔහු පැවසුවේ ර්සව  ආර්ථික ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සඳහා චීනය සියලු පාර්ශ්ව සමග සහයෝගයෙන් කටයුතු කරන බවය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය අර්බුදය විසඳීම සඳහා එක්ව කටයුතු කරන බවද ඔහු පැවසීය.

එසේම G20 කණ්ඩායමේ “ණය සේවාකරණ අත්හිටුවීමේ ක්‍රියාවලිය” ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට චීනය සූදානම් බවත් ඔහු පවසයි. අනෙකුත් G20 සාමාජිකයින් සමග එක්වී සාධාරණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුමකට චීනය ද සූදානම් බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *