තමා ජනාධිපති වීමේ රහස රනිල් හෙළිකරයි

 

තමාට ජනාධිපතිවීමට හැකි වීමේ රහස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර් ලිමෙන්තුවේ දී හෙළි කළේය.

විදුලි බිල සියයට 50 වැඩි කිරීමට කිසිදු දේශපාලඥයකු කැමති නොවන බව කී ජනාධිපතිතුමා විපක්ෂය දෙසට හැරී කීවේ ” ඔයගොල්ලෝ කවුරුත් ඒ තීරණය ගන්න කැමති නැහැනේ – එකනේ මාව මෙතනට පත් කළේ ” යනුවෙනි.

ඊට පෙර අද දිනයේ පාර් ලිමේන්තුව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා කීවේ ජනප්‍රිය නොවන තීරණ ගැනීමට සිදුවන බව සහ රට අද අගාදයට වැටී ඇත්තේ ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට මැලි වූ නිසා බවයි.

දැන්වත් ජනප්‍රිය නොවන තීන්දු ගෙන රට ගොඩ දැමිය යුතු බව ඒ මහතා කී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *