ආණ්ඩුවට එරෙහි පෙරටුගාමී උද්ගෝෂණය අද

 

 

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ වෘත්තීය සමිති කිහිපයක් එක්ව ආණ්ඩුවට එරෙහිව මෙහෙයවන උද්ඝෝෂණ ව්‍යාපාරය අද පැවැත්වේ.

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව ලෙස පවත්වන එම උද්ඝෝෂණයට ආයතන රැසක සේවකයින් සම්බන්ධවීමට නියමිත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ප්‍රකාශ කරයි.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සංවිධාන පසුගිය සඳුදා සහ අඟහරුවාදා විරෝධතාවයක් ක්‍රියාත්මක කළ අතර එම සංවිධාන අද පවත්වන උද්ඝෝෂණයට සම්බන්ධ වන්නේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *