|

මිහින්තලේ නායක හාමුදුරුවෝ මාසෙකින් ආණ්ඩුව එලවනවාලු !

ජනාධිපති අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයට ජනතාවට සහන දීම සඳහා මාසයක කාලයක් ලබාදෙන බවත්, එසේ නොකළහොත් ආණ්ඩුව එලවා දමන බවත්, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කරති.

ඉදිරි මාසය තුළ ජනතාවට සහන නොදී තවදුරටත් රට පාලනය කරන්නට උත්සාහ කරන්නේ නම් ආණ්ඩුව එළවා දමන බවද උන්වහන්සේ කියා සිටිති.

ආණ්ඩුව එලවන ආකාරය ගැන හෝ උන් වහන්සේට එය කළ හැකි ආකාරය ගැන හෝ උන්වහන්සේ කිසිවක් කියා නැත

මිහින්තලේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ ලබාදුන් “වොයිස් කට් ” මෙලෙස ය.

“ජනාධිපතිට, අගමැතිට කැබිනට් එකට කාලේ දෙන්නේ මාසයයි. රටේ ලක්ෂ 220ක් ගැන හිතපල්ලා. මේ සියලු ආගම්, සියලු ජාතීන් එකතුවෙලා උඹලට කියන්නේ මිනිස්සුන්ට සහන දීපල්ලා. මිනිස්සුන්ට සහන නොදී උඹලා දිගටම මේ රට පාලනය කරන්න යනවා නම්, අපිට වෙනවා උඹලා එලවන්න.

ජනවාරි මාසයේ අලුත් අවුරුද්දක් ලබනවා. පුර පසළොස්වක පෝයත් ලබනවා. ඒ වෙනකොට මහජනතාව වෙනුවෙන් ජීවත්වෙන්න අයිතිය දීපල්ලා. උඹලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ මධුසමය ගතකරන්න කියලා හිතනවා නම් උඹලට වැරදිලා.

මෙච්චර කල් අපෙන් වැරදීමක් වුණා. ඒක අපි නිවැරදි කරන්න තමා එක මාවතකට, එක කොඩියක්, එක නීතියක්, එක රටක් කියන එකට අපි පෙළගස්වන්නේ. පාර්ලිමේන්තුව කරන එක නායකයෙක්වත් අපිට වැඩක් නෑ.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *