නියෝජ්‍ය ඇමැතිවරයකු ළඟදීම අත්අඩංගුවට – නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක හෙළිකරයි

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම සිදු කරන ලද විමර්ශන අනුව යහ පාලන රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව සමාජ සවිබල ගැන්වීම හා සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පවසයි.

යහපාලන රජයේ ඇමැතිවරුන් මෙන්ම නියෝජ්‍ය ඇමැතිවරුන් 15 දෙනකුට අධික පිරිසක් මේ වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ප්‍රශ්න කර ඇති බවත් සමහර ඇමැතිවරුන් තුන් හතර වතාවකට වඩා කැඳවා ප්‍රශ්න කර ඇති බවත් හෙතෙම කීවේය.

මෙසේ අත් අඩංගුවට ගැනීමට නියමිත නියෝජ්‍ය ඇමැතිවරයා සිය ආදායමට වඩා මුදල් උපයා ඇති බවත් එම මුදල් ඉපැයූ ආකාරය එළි කිරීමට අසමත් වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

නියෝජ්‍ය ඇමැතිවරයාට එරෙහිව ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම මඟින් සිදු කළ පරීක්ෂණවලින් සියයට 95ක්ම මේ වන විට අවසන් කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ඒ අනුව අල්ලස් හා දූෂණ කොමිසම විසින් අදාළ නියෝජ්‍ය ඇමැතිවරයා ළඟදීම අත්අඩංගුවට ගනු ඇතැයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඊයේ (26) සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

 චන්දිමා එදිරිමාන්න  – දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *