යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ණය කපා හැරීමක් නැහැ !

 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ණය යම් ප්‍රමාණයක් කපා හැරීමට යෝජනා වනු ඇතැයි අපේක්ෂා කළ ද , පැරිස් සමාජය දැන් ඉදිරිපත් කොට තිබෙන  යෝජනාව අනුව කටයුතු කරන්නේ නම්, කපා හැරීමකින් තොරව ණය ප්‍රතිව්‍යුහගත කරගත හැකිවනු ඇතැයි ද ආර්ථික ක්ෂේත්‍රයේ නිරීක්ෂකයෝ කියති.

මෙලෙස ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නම් එයට ණය හිමියන්ගේ කැමැත්ත ලබා ගැනීම ද අපහසු නොවනු ඇතැයි කියති.

මුල් අවස්ථාවේ දී විශ්වාසය වුයේ ද්විපාර්ශවික ලෙස ලබාගෙන ඇති ණය ප්‍රමාණයෙන් සියයට 50 ක් හෝ 30 ක් හෝ වැනි ප්‍රමාණයක් කපා හැරීමට සිදුවනු ඇති බවයි. එවැනි කපා හැරීමකට සියලු ණය හිමියන්ගේ කැමැත්ත ලබාගැනීම දුෂ්කර වනු ඇතැයි විශ්වාස කෙරිණි.

කෙසේ වෙතත්, පැරිස් සමාජය මේ වන විට යෝජනා කොට ඇත්තේ වසර 10 ක සහන කාලයක් ලබාදීමට සහ වසර 15 ක් සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කිරීමට යි.

මෙම යෝජනාව ප්‍රධාන ණය හිමියන් විසින් පිළිගතහොත් මුල්‍ය අරමුදලේ සහය ලබාගැනීම ඉක්මන් කළ හැකිවනු ඇතැයි නිරීක්ෂකයෝ කියති.

පැරිස් සමාජයේ යෝජනාවත් සමග කොටස් වෙළෙඳපොළේ පිබිදීමක් දක්නට ලැබෙන බව අද දහවල් වාර්තා වී තිබිණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *