විදෙස් ගත වුවන් එවන මුදල්වලට අත තියන්නේ නැහැ – ශ්‍රී ලංකා මහ බැංකුව

 

විදෙස්ගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් මෙරටට එවන විදේශ ප්‍රේෂණ මත කිසිදු බදු පැනවීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පෙන්වාදෙන්නේ, අදාළ විදේශ මුදල් බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්ථනය කරන බවට පැතිර යන ප්‍රචාරද සම්පුර්ණයෙන්ම සාවද්‍ය බවය.

මෙරටට එවන විදේශ විනිමය ප්‍රේෂණ විදේශීය ව්‍යවහාර මුදල් වශයෙන්ම තම බැංකු ගිණුම්වල තබා ගැනීම හෝ රුපියල් බවට පරිවර්ථනය කිරීම සේවා නියුක්තිකයන්ගේ අභිමතය පරිදි සිදුකළ හැකි බව මහ බැංකුව පවසයි.

එමෙන්ම විදේශගතව සිටින සේවා නියුක්තිකයන්ට දැනට ලබාදී ඇති විවිධ දිරි දීමනා අඛණ්ඩව තවදුරටත් කිසිදු වෙනසකින් තොරව ලබාදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *