ජාතික ප්‍රතිපත්ති සඳහා නිත්‍ය කොමිසන් සභාවක්

 

රටේ ජාතික ප්‍රතිපත්ති සැකසීම සහ නියාමනය සඳහා ජාතික කොමිසන් සභාවක් ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තුවේ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය පිලිබඳ ජාතික සභා අනු කමිටුව යෝජනා කොට ඇති අතර ඒ සඳහා සැලසුම් සකස් කිරීමට කමිටුවක් පත් කිරීමට තීරණය කොට තිබේ.

නියාමනයක් සහිතව ජාතිත ප්‍රතිපත්ති නිසිපරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික ආකෘතියක් සැකසීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතීත්වයෙන් එම අනුකමිටුව පත්කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කොට ඇත.

කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ පසුගියදා පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

ප්‍රතිපත්ති ගොඩනැගීම, ක්‍රියාත්මක කිරීම මෙන්ම අධීක්ෂණය සඳහා ස්වාධීන වූ ආයතනයක් ලෙස පනතක් මගින් මෙම කොමිෂන් සභාව පිහිටුවීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව කියයි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *