බැසිල්ගේ පුගොඩ ඉඩමත් රාජසන්තක වෙයි !

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සතුව තිබුනා යයි පැවසෙන ගම්පහ මල්වාන ඉඩම හා නිවාස  රාජසන්තක කරන ලෙස ඉල්ලා  පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරිමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස සුදානම් වන බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

අදාළ ඉඩම සම්බන්ධයෙන් පූගොඩ අධිකරණයේ මේවනවිට නඩු කටයුත්තක් සිදුවන අතර, ඒ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය බැසිල් රාජපක්ෂ මහතා ගෙන් කිහිපවරක් ප්‍රශ්න කර තිබිණ.

ඒ සම්බන්ධයෙන් ද මිට ඉහතදී බැසිල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගෙන පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරිණි.

බැසිල් රාජපක්ෂට අයිති බව පැවසෙන කඩුවෙල සහ මාතර බ්‍රවුන්සිල් හි පිහිටි ඉඩම් ද රජයට පවරා ගැනීමට රජය මිට ඉහතදී පියවර ගනු ලැබිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *