විපක්ෂනායකගේ වීදුරු ගෙට ළඟදීම ගලක් ගහනවා – රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ

 

විපක්ෂ නායකතුමාගේ  වීදුරු ගේ විනාශවීමට  ගලක්  ළඟදීම  ගසන බව  සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී  පැවසුවාය.

පක්ෂය ලබාදී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක කළේ තමා බව පැවසූ ගමගේ මහත්මිය කෙළෙහි ගුණයක් නැති එතුමා  අද වීදුරු ගෙයක සිට හතර වටේට ගල් ගසමින් සිටින බවද  කීවාය.

“මම ඔය වීදුරු ගේ විනාශ වෙන්න ගහන්න ඕන එක ගලයි” යැයිද  ඇය ප්‍රකාශ කළාය.

ඩයනා ගමගේ මහත්මිය  මෙසේ පැවසුවේ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක  සභා අවස්ථාවේ විවාදයේදීය.

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලංකාදීප 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *