සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස්

 

නොරොච්චෝලේ ‘ලක්විජය’ ගල්අඟුරු බලාගාරයේ 3 වැනි ජනන යන්ත්‍රය ලබන දෙසැම්බර් 15 වන දින ජාතික විදුලිබල පද්ධතියට නැවත එක් කිරීමට නියමිතව බවත් ඉන් පසුව සංචාරක අමාත්‍යාංශය හඳුනාගෙන ඇති සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

රටපුරා රාත්‍රී විදුලි කප්පාදුව පැය 1 දක්වා අඩු කිරීමටත් නත්තල් සහ අලුත් අවුරුදු සමයේ විදුලි කප්පාදුව අත්හිටුවීමටත් බලාපොරොත්තු වන බවත් දකුණු සහ ඇල්ල සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුව දෙසැම්බර් 1 වැනිදා සිට අත්හිටුවන බවත් අමාත්‍යවරයා කීය.

(යොහාන් භාසුර)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *