|

බැංකු පොලී අනුපාත පහළට – ශ්‍රී ලංකා බිස්නස් ටී වී

 

 

ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉහළ බැංකු පොලී අනුපාතික ඉදිරි දිනවල පහත වැටෙනු ඇති බව ශ්‍රී ලංකා බිස්නස් ටී වී ආර්ථික විශ්ලේෂක ජයන්ත කොවිලගොදගේ මහතා ප්‍රකාශ කරයි.

තැන්පතු සඳහා බැංකු අතර තරඟ කිරීම නවත්වන ලෙස මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් වීරසිංහ මහතා බැංකුවලට පසුගිය දා උපදෙස් දීමෙන් මේ බව පැහැදිලි වන බව ඒ මහතා පෙන්වා දෙයි.

මහ බැංකුව බැංකුවලට මුදල් ලබාදෙන පොලී අනුපාතය 15.5 ක් පැවතිය දී භාණ්ඩාගාර බිල්පත් පොලිය පසුගිය දිනවල සියයට 33 දක්වා ඉහළ ගොස් තිබිණි. ඒ අතර බැංකු තැන්පතු සඳහා පොලිය ද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබිණි. එයට හේතු වුයේ බැංකු මුහුණ දී සිටි ද්‍රවශීලතා ප්‍රශ්න බව කෝවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි.

ද්‍රවශීලතා ප්‍රශ්න විසදාගැනීමට මහ බැංකුව මැදිහත්වීමට සුදානම් බව ද මහ බැංකු අධිපත්වරයා බැංකු ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

මෙම තත්ත්වය තුළ බැංකු පොලී අනුපාත අනිවාර්ය ලෙස පහල යනු ඇති බව ශ්‍රී ලංකා බිස්නස් ටී වී ආර්ථික විශ්ලේෂක ප්‍රකාශ කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *