|

මූල්‍ය අරමුදලේ විසඳුම් වේදනාකාරි විය හැකියි -ආචාර් ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

මූල්‍ය අරමුදලේ විසඳුම් වේදනාකාරි විය හැකියි -ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වෛද්‍යවරයෙකුට හමුවට යෑම හා සමාන බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

ඔහු පවසන්නේ එමගින් ලබා දෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බවය.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, රාජ්‍ය මූල්‍ය එකඟතාවය පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර ඒ සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ආදී නීතිමය සාධක මඟින් මූල්‍ය කළමනාකරණයට සහාය විය යුතු බව ද ඔහු පවසයි.

ශ්‍රී ලංකා මහ  බැංකුව සංවර්ධන බැංකුවක් ලෙස නොසැලකිය යුතු අතර එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට වගබලා ගත යුතු බව ඔහු පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලැබුණ ද නොලැබුණ ද ආර්ථිකය ස්ථාවර කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතු බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වු සහනාධාර වැඩපිළීවෙලවල් ආර්ථික අර්බුදය වර්ධනය කිරීමට එක් හේතුවක් වූ මෙම සහනාධාර වැඩපිළිවෙල සඳහා අධික මුදලක් වැයකිරීම හේතුවෙන් අයවැය හිඟය තව තවත් ඉහළ නැංවුණු බව හිටපු මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.

අද දෙරණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *