බැසිල්ගේ ඇමැති මණ්ඩල යෝජනාවට රනිල් නැවතත් බැහැ කියයි

 

පොදුජන පෙරමුණේ ප්‍රබලයින් ඇතුළත් ඇමැති මණ්ඩලයක් දෙසැම්බර් 8 වැනිදාට පෙර පත්කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යලිත් වරක් ප්‍රතික්ෂේප කොට ඇති බව තතු දත් දේශපාලන අංශ කියයි.

පසුගිය දිනක දෙදෙනා අතර සිදුකරන ලද සංවාදයක දී මෙම ප්‍රතික්ෂේප කිරීම සිදුව තිබේ.

විපක්ෂයෙන් ආණ්ඩුවට එකතුවීමට සිටින මන්ත්‍රීවරුන් සහ පොදුජන පෙරමුණෙන් ඇමැති ධුර අපේක්ෂා කරන හිටපු ඇමතිවරුන් පිළිබඳව මෙහි දී සාකච්ඡා කොට ඇති අතර ඇතැම් නම් පිළිබඳව එකඟතාවක් ඇති වී නැති බව කියති.

කෙසේ වෙතත්, ආණ්ඩුව සහ ශක්තිමත් කිරීමට පුළුල් සන්ධානයක  අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *