අංශභාගය සෑදුණු ගෝල්ෆේස් අරගලය – ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල් කාන්ත

 

ගෝල්ෆේස් අරගලය සඳහා නිශ්චිත සැලැස්මක් නොමැති වීම හේතුවෙන් අක්‍රීය වී අංශභාග තත්ත්වයක් ඇති වූ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල් කාන්ත මහතා පවසයි.

ඔහු පවසන්නේ නිවැරදි නායකත්වයක් මෙන්ම නිවැරදි උපක්‍රම හෝ සැලසුම් නොතිබීම තුළින් එම අරගලය පසුගාමී වු බවය.

නුවරඑළිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් කේ.ඩි ලාල් කාන්ත මහතා එම අදහස් පළ කළේය.

ගෝල් ෆේස් අරගලය හැමතැනම තිබ්බා එතැන තමා සංකේතය. ඒ අරගලය ට නිවැරදි නායකත්වයක් මඟ පෙන්වීමක් නොතිබුණා වගේම නිවැරදි උපක්‍රම, උපායමාර්ග තිබුණෙත් නෑ. ගෝඨාභය ගියාට පස්සේ ඊළඟ වැඩේ තිබුණා අරගලය ඉදිරියට ගෙනියන්න. ඊළඟ වැඩේ තිබුණේ පාර්ලිමේන්තුව. ඒක ක්‍රියාත්මක වුණේ නෑ. අංශභාග අරගලේ. ජනාධිපතිගේ බලය ඉවර කළා. මේක රැක්කා. මේක රැක්කට පස්සේ, නැවත වරක් ජනාධිපතිවරයා ව හැදුවා. වැඩක් නෑ. අරගලය පස්සට ගියා. කොතැනත් අරගලය පස්සට යද්දි එනවා වැඩ දෙකක්. එකක් යම් යම් ප්‍රතිසංස්කරණ. ඒක හොඳට වෙන්නත් පුළුවන් නරකට වෙන්නත් පුළුවන්. අනික මර්දනය වෙන්නත් පුළුවන්. ජාතික ජන බලවේගයෙන් දෙන අභියෝගය තමා අපේ මේ ගේන්නේ. උඹලාගේ මර්දන කතා, හිට්ලර් කතා ඔක්කෝම එන්නේ කකුල් වෙව්ලනකොට.”

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *