සංස්කෘතික අරමුදලේ කෝටි දහසකට සජිත් කළ දේ ගැන පරීක්ෂණයක්

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යටතේ පැවති 2015 – 2019 අතර කාලයේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ  රුපියල් කෝටි දහසකට වැඩි මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විශේෂ පරීක්ෂණයක් පවත්වන බව  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.

මේ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට 2017 වර්ෂයේදී මුරකරුවන් 2250 දෙනකු බඳවා ගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද කමිටුවේ අවධානය යොමුවිය.

පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් කෝටි සියයකට වැඩි මුදලක් ස්ථාවර තැන්පතු වලින් මුදා හැරීම සම්බන්ධයෙන්ද  විශේෂ අවධානය යොමු වූ බව කෝප් කමිටුව පවසයි.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පෙරේදා (24) රැස්විය.

මේ කරුණු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2018-2019 අතර කාලයේදී සියයට 100 කින් වැඩි වී තිබූ බවටත් වැඩි මුදල් ප්‍රමාණයක්  ආදායම් උත්පාදනය වන ව්‍යාපෘතිවලට වඩා   දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් වැය කර ඇති බවටත් එහිදී තොරතුරු අනාවරණය විය.

සේවක වැටුප් වෙනුවෙන්  රුපියල් කෝටි 12කට වැඩි මුදලක්  වැය කර ඇතැයිද එහිදී සඳහන් විය.

ආදාහන පූජෝත්සව 21 සඳහා  රුපියල් කෝටි ගණනක්ද වෙනත්   ව්‍යාපෘති 368 කට  රුපියල් ලක්ෂ 30 බැගින්ද  වැය කර ඇතැයි මෙහිදී අනාවරණය විය.

හොරු සමග ආණ්ඩු නොකරන බවත්, සියලු හොරුන්ට දඬුවම් කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා නිතර කියන කතාවකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *