|

සාම්පුර් බලාගාරය නැවැත්වීමෙන් වසරක පාඩුව කෝටි 1000 යි . විදුලි අර්බුදයකුත් එයි .

ඉදිකිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති සාම්පුර් බලාගාරය ඉදි නොකිරීමට රජය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කල හොත් වසරකට සිදුවන පාඩුව රුපියල් කෝටි 1000ක් බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි . ගල් අගුරු වෙනුවට ස්වභාවික වායු මගින් විදුලිය නිෂ්පාදනය සදහා මෙම අතිරේක වියදම දරන්නට සිදු වනු ඇත.

එමෙන්ම සාම්පුර් වෙනුවට නව බලාගාරයක් සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමට වසර ගණනාවක් ගතවිය හැකි බැවින් එම අතරවාරයේ විදුලි බල අර්බුදයක් ඇතිවීමද වැළක්විය නොහැකි වනු ඇති බව  කියති .

සාම්පුර් බලාගාරය නැවැත්වීමේ තීරණයට රජයට සම්බන්ධ විද්වතුන් ගණනාවක් විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇති බවද දැනගන්නට ඇත .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *