හදිසි මැතිවරණයක් නොතියනවාට අපි කැමතියි – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 

නියමිත කාලයට පෙර පාර් ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් නොපවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට තමන් කැමති බවත්, එයින් පක්ෂය ප්‍රතිසංවිධානය කර ගැනීමට කාලයක් ලැබෙන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

තමන් වැනි කුඩා පක්ෂවලට මෙය වාසිදායක බවත්, එයින් තමන්ට පක්ෂය සංවිධානය කර ගැනීමට වසර දෙකක කාලයක් ලැබෙන බවත්, හිටපු ජනාධිපතිවරයා කියයි.

ශ්‍රීලනිප කොළඹ පැවැත් රැස්වීමක දී ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *