අපි ඉන්නවාට පක්ෂය අකමැති නම් අලුත් ශ්‍රීලනිපයක් හදනවා – ඇමැති මහින්ද අමරවීර

 

තමන් ඇතුළු කණ්ඩායම ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ සිටිනවාට විරුද්ධ නම් අලුතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් හැදීමට සූදානම් බව කෘෂිකර්ම, වනජීවි හා වන සංරක්ෂණ ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන නිලධාරීන් විරුද්ධ ව සිටියදී එම පක්ෂයේ සිටින්නේ කෙසේදැයි මාධ්‍ය විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

“අපි බලමුකෝ. එහෙම නැත්තං අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් හදන්නම්.ඒකට නම විතරක් නෙමේ .පොඩ්ඩක් වෙනස් කරගන්නේ අවශ්‍ය වෙන්නේ.අපට ඕන තරම් විකල්ප තිබෙනවා”

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් ගණනාවක ගේ සාමාජිකත්වය අත් හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක පසුගියදා තීරණය කොට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *