|

ජනාධිපති සිවුරු හැඳගත් බට්ටන් කීවේ අපටයි – පුජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

 

තමන් වහන්සේ වැනි භික්ෂුන්ට සිවුරු පොරවාගත් බට්ටන් කියා ජනාධිපතිතුමා අපහාස කළ බව පුජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ ප්‍රකාශ  කරති.  උන් වහන්සේ කියන්නේ මෙය ශානයට අපහාසයක් බව යි.

පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ බලාගෙන ඉන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බවත් මින් පෙර කිසිදු නායකයෙක් මෙවන් කතාවක් කියා නැති බවත් පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ  වැඩි දුරටත්ස ඳහන් කරති.

පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ හරියට කළ නිසා අදටත් මේ රට රැකී ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

රට ආරක්ෂා වී රනිල් වික්‍රමසිංහ මහතාට ඔය පුටුවේ වාඩි වෙන්නට හැකියාව ලැබුණේද පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ හරියට කළ නිසා බවද උන්වහන්සේ පැවසූහ.

මාධ්‍ය හමුවක් අමතමින් සිරිසුමන හිමියන් මෙම අදහස් පල කරන ලදී.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *