ප‍්‍රමිතියට හැදුවොත් අපේ ආයුර්වේද නිෂ්පාදන සඳහා ලොව හොඳම ඉල්ලූමක් ඇති කරගන්න පුලූවන් – දීඝායු ආයුරුවේද නිෂ්පාදන ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ – සරත් ජයකොඩි

බටහිර වෛද්‍ය ක‍්‍රමයේ  රසායනික සංඝටක වලින් කරන්න බැරි දේවල් ආයුරුවේදයෙන් කරන්න පුලූවන්.  ප‍්‍රමිතියට හැදුවොත් අපේ ආයුරුවේද නිෂ්පාදන සඳහා ලොව හොඳම ඉල්ලූමක් ඇති කරගන්න පුලූවන්

අපේ රටේ ලෙඩරෝගවලට ප‍්‍රතිකාර ගැනීමට වෛද්‍ය ක‍්‍රම කිහිපයක් තියෙනව. ප‍්‍රධාන වශයෙන් බරහිර වෛද්‍ය ක‍්‍රමය ප‍්‍රචලිත වෙලා තියෙනව. ආයුරුවේද වෛද්‍යක‍්‍රමයත් තියෙනව. යුනානි, හෝමියෝපති වගේ වෛද්‍ය ක‍්‍රම තියෙනව. නමුත් මේ එකම වෛද්‍ය ක‍්‍රමයකවත් නීත්‍යනුකූල ක‍්‍රමයට ලියාපදිංචිවෙලා නෑ. උදාහරණයක් විදිහට 1961 පනතක් තියෙනව ආයුරුවේද සම්බන්ධයෙන්, ඒ පනතෙ ෙඖෂධ ගැන කිසිදෙයක් නැහැ. රජයේ ෙඖෂධ සංග‍්‍රහයක් තියෙනව. ආසව, කල්ක, ගුලි ආදිය ගැන එහි සඳහන් වෙනව. රජය පිළිගන්නේ ඒ ෙඖෂධ සංග‍්‍රහයට අනුව. ෙඖෂධ සංග‍්‍රහය කියන්නේ 1976 නිකුත් කරපු ලියවිල්ලක්. ඒන මේ වනවිට අවුරුදු 40ක් පමණ පරණයි. ඒක අලූත්වෙලා නැහැ. ඒක නීත්‍යනුකූල ලියවිල්ලක් බවට පත් කළ යුතුයි. අපේ ආයුරුවේද රෝහල්, ආයුරුවේද ෙඖෂධ නිෂ්පාදනය, ආයුරුවේද ෙඖෂධ නිෂ්පාදන ආයතන, අමුද්‍රව්‍ය මේ ඔක්කොම බලපානවා නිෂ්පාදනයකට. ඖෂධයක් කියන්නේ අවසානයේ තමාගේ ශරීරයට යන මාත‍්‍රාව. ඒක තමයි ෙඖෂධයක් කියල කියන්නේ. පැරසිටමෝල් නම් මිලි ග‍්‍රෑම් 500ක් තමයි ටැබ්ලට් එකක තියෙන්නෙ. වෛද්‍යවරයා රෝග විනිශ්චය කරල, චිකිත්සාවෙන් අඳුරගත්ත රෝගයට  ද්‍රව්‍ය ගුණය පාවිච්චි කරල තමයි ෙඖෂධ තීරණය කරන්නේ. බටහිර නම් රසායනික ෙඖෂධ, ආයුරුවේද ක‍්‍රමයේදී නම් ශාඛ වලින් කරන ෙඖෂධ. ෙඖෂධයක ප‍්‍රමිතිය කියන්නේ ශරීරයට ඇතුළත් වෙන මාත‍්‍රාව මොකක්ද කියන එකයි. එසේ මාත‍්‍රාව මෙපමණයි කියන්න හැකි තත්ත්වයට ආයුරුවේදය දියුණුවෙලා නැහැ. නියම විදිහට කොතලහිඹුටු නම් කොතලහිඹුටු මිලිග‍්‍රෑම් කීයක්ද වැටේන  ඕනැ. සාරය කොපමණ ප‍්‍රමාණයක්ද කියා ගණනය කළ යුතුයි. වෙදමහත්තයා වට්ටෝරුව ලියල දෙනව. ලෙඩා ඒක ගෙනල්ලා බේත් කඬේට දෙනවා. බේත් කඬේ කෙනාවත් දන්නෑ ඒකෙ තියෙනව ද්‍රව්‍ය අරුදු කීයක් පරණද කියල. ඒකෙ ගුල්ලොගහපු ඒවා තියෙනව. වේලිලා දර වෙච්ච ඒවා තියෙනව, පරණ වෙච්ච ඒවා තියෙනව. ඒ ඔක්කොම එකතු කරල ගෙනල්ල තම්බල බොනව. තම්බල බිව්වහම ලැබෙන්නෙ ෙඖෂධ මාත‍්‍රාවක් නෙමෙයි. අද ගෙනල්ල තම්බල බොන කසායෙයි, ඊළ`ග දවසෙ ගෙනෙ  කසායෙ ද්‍රව්‍ය ගුණය වෙනස්. පසුවදා ගේන්නේ වෙනත් කඩයකින්, නැත්නම් වෙන ගෝනියකින් කිරල දෙන ඒවා.

ඖෂධයක් කියන එකේ තියෙන්න  ඕනෙ, ඒක නිර්වචනය කරන්න පුළුවන් විදිහෙ ප‍්‍රමිතියක්. මෙන්න මේ සංඝටකයෙන් මෙච්චර තියනව කියල. රෝගියා පාවිච්චි කරන ප‍්‍රමාණය මේ ඖෂධයෙන් මෙච්චරයි කියල තියෙන්න  ඕනෙ. එහෙම නැතිවුණාම ප‍්‍රශ්න දෙකයි. අධිමාත‍්‍රාව එක් ප‍්‍රශ්නයක්. කොතල හිඹුටු එහෙම අධිමාත‍්‍රාවෙන් පාවිච්චි කරපුවහම වකුගඩු නරක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න හේතුව තමයි අධිමාත‍්‍රාව.  අව මාත‍්‍රාවෙන් බිව්වොත් වැඩක් වෙන්නෙ නෑ. අදාල රෝගයට නියමිත මාත‍්‍රාව ලැබෙන්නෙ නෑ. ඊළ`ගට විෂම මාත‍්‍රාව. විෂම මාත‍්‍රාව කියල කියන්නෙ. ඒකෙන් වෙනත් ප‍්‍රතිඵලයක් එන්න පුලූවන්. ආයුර්වේදයේ දී ඇහෙන් බලල, නාසයෙන් ග`ඳ සුවඳ බලල, දිවෙන් රස බලල තමයි තීරණ ගන්නෙ. කිසිම ආයුරුවේද නිෂ්පාදනයක් උපකරණයකින් පරීක්‍ෂා කරල බලල නෙමයි එන්නේ. කස්ටම් එකෙන් බලන්නෙත් නෑ. ඔවුන් නිෂ්කාශනයෙදි බලන්නෙ අදාල ලියකියවිලි වලට අනුව ආනයනය කරල තියෙනවද විතරයි. එහිදී නිෂ්පාදනයේ නම, ප‍්‍රමාණය වගේ දේවල් තමයි  රේගු පනතට අනුව ඔවුන් පරීක්‍ෂා කරල බලන්නෙ.

ලෝක සෟඛ්‍ය සංවිධානය කියන ආයතනය විසින් අපේ තියෙන පැරණි ක‍්‍රම, ලංකාවෙ තියන දේශීය චිකිත්සා, ඉන්දියාවෙන් ආව ආයුරුවේදය සහ තව සිද්ද්‍රසයිනා කියල ක‍්‍රමයක් තියෙනව. එහෙම වර්ග කිහිපයක් තියෙනව. යුනානි පර්සියාවෙන් ඉන්දියාවට ඇවිල්ලා, එතනින් ලංකාවට ඇවිල්ල ලංකාවෙත් ස්ථාපිත වෙලා තියෙනව. මීට අමතරව පොඩි පොඩි ප‍්‍රතිකාර ක‍්‍රම රාශියක් තියෙනව.

ලෝක සෞඛය සංවිධානය කියන්නෙ මෙහෙමයි, ලෝකයේ  ඕනැම පැරණි වෛද්‍ය ක‍්‍රමයක් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න පුලූවන් කිසිම වෙනසක් නොකර. වෙනසක් කළොත් ඒ වෙනස පිළිබඳව වගකියන්න  ඕනැ ඒ ගැන. ලෝක සෞඛ්‍ය සංවිධානය නීති පද්ධතියක් හදන්න කියල තියෙනව. බටහිර වෛද්‍ය ක‍්‍රමයට කිසියම් පාලනයක් තියෙනව වගේම ආයුරුවේද වෛද්‍ය ක‍්‍රමයටත් කිසියම් පාලනයක් තිබිය යුතුයි. බටහිර වෛද්‍ය ක‍්‍රමයට කිසියම් ෆාමර්ගෝපියා එකක් තියෙනව වගේම, ආයුරුවේදයටත් ෆාමගොපියා එකක් අවශ්‍යයි කියන එක. බරහිර ෙඖෂධවල මේ වගේ ද්‍රව්‍ය, මේ ප‍්‍රමාණයක් අඩං`ගුයි කියල තියෙනව වගේම, ආයුරුවේද ඖෂධවලත් මේ මේ ඖෂධවල මේ  ප‍්‍රමාණයෙන් අඩංගුයි කියල ග‍්‍රන්ථයක (ෆාමර්ගෝෆියා* සඳහන් වියයුතුයි කියන එක. බි‍්‍රටිෂ්  ෆාමර්ගෝෆියා එක අවුරුද්දකට දෙපාරක් එනව. ලංකාවේ ගත්තම බටහිර වෛද්‍ය ක‍්‍රමයටවත්, දේශීය වෛද්‍ය ක‍්‍රමයටවත් හදපු එකක නෑ. ශ‍්‍රී ලංකන් ෆාමර්ගෝෆියා කියල එකක් නැහැ.

ශ‍්‍රී ලංකා ෆාමර්ගෝෆියා එකක් වෙන්න නම් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවෙ පණතකින් සම්මත වෙලා නීතිගතවෙන්න  ඕන. රජය පිළිගන්න  ඕනෙ මේවා තමයි නියම ඖෂධ කියල. චීනයට තියෙන්නෙ මුළු රටටම එක ෆාමර්ගෝෆියා එකයි. ඔවුන් කියන්නේ රටේ ජනතාව පාවිච්චි කරන ඖෂධ එකම පිළිවෙලකට තිබිය යුතුයි කියල. අලූතින් ඒකට ඖෂධයක් ඇතුල්කරනව නම් ඒකට වෙනම ක‍්‍රමවේදයක් තියෙනව. පරීක්‍ෂණ පවත්වල, ඒ පරීක්‍ෂණ වාර්තා ඉදිරිපත් කරල තමයි ඒ ලේඛනයට ඇතුල් වෙන්න පුලූවන්. එහෙම ඇතුල් නොවුනොත් ඒක ඖෂධයක් විදිහට පිළිගන්නෙ නෑ. අපේ රටේ තියෙන ෆාමර්ගෝෆියා එක 1976 ලියපු එකක්. ඒකෙ කිසිම දෙයක් නියමිත පරිදි අලූත්වෙලා නෑ. අලූත් ඖෂධයක් හදන්න යාවත්කාලීන කරපු ෆාමර්ගෝෆියා එකක් නැ. ඒහෙම හදන්න සූදානමක්වත් ලංකාවේ නෑ.

ලෝකේ හැමතැනම පාහේ ජනතාවට ආයුරුවේදය ගැන උනන්දුවක් තියෙනව. හේතුව බටහිර ඖෂධ රසායනිකයි කියන්නෙ ඒක කෙමිකල් එකක්. රසායනික ඖෂධයක් මිනිස්සුන්ට පත්‍ය නැහැ. රසායනික දෙයක් තියෙනවනම් ඒක ජීවියෙකුට අපත්‍යයි.  ඕනෑම රසායනික සංයෝගයක් ගත්තාම අතුරු ප‍්‍රතිඵලයක් තියෙනව. ඖෂධ නිෂ්පාදනවලත් එහි තියෙන අතුරු ආබාධ ගැන සඳහන් වෙනව. පැරසිටමෝල් වල ඉඳල හැම නිෂ්පාදනයෙම එහෙමයි.

ප‍්‍රධාන වශයෙන් වයස් ගතවීමේ දී ඇතිවෙන, දියවැඩියාව, කොරස්ට‍්‍රරෝල් වගේ වයසත් එක්ක එන රෝග නිට්ටාවට සුව කරන්න  බැහැ. රෝගයත් එක්කම ජීවත්වෙන්න  ඕනැ. හෙම්බිරිස්සාව වගේ වෛරස් වලින් ලෙඩක් හැදුනාම වෛරස්එක මැරුණාම ලෙඬේ සනිප වෙනව.  දියවැඩියාව එහෙම සනීප වෙන්නෙ නෑ. ශරීර අවයව වයසට යනකොට ඇතිවෙන ලෙඩක්. එකම දේ තියෙන්නෙ ඒකෙ පාලනය හා එහි වැඩිවීම වලක්වගෙන අනික් ඉන්ද්‍රියන් පරිස්සම් කර ගැනීම. බටහිර වෛද්‍යක‍්‍රමයේදී ගන්න බෙහෙත් වල ඇති රසායනික ද්‍රව්‍ය හේතුවෙන් තව ඉන්ද්‍රියන්වලට හානි පැමිණෙනව. ඒකට වෙන විකල්පයක් නැහැ.

බරහිට වෛද්‍ය ක‍්‍රමය කියන්නෙ, කාර්මික විප්ලවයෙන් පස්සෙ කර්මාන්ත ශාලාවක් ඇතුළෙ පර්යේෂණාත්මකව හදන කිසියම් සංඝටකයක්. එක ටැබ්ලට් එකක සංඝටක තුනක් විතර තියනව. එක සීමාවක් තුළ විතරයි එයින් ප‍්‍රතිකාර කරන්න පුලූවන්. ආයුරුවේදය ඊට වෙනස්. ලෝකයේ ශාක වර්ග හාරලක්‍ෂ අනූදාහද්  (4.90.000/-* තියෙනව. එයින් 500ක් වත් පාවිච්චි වෙන්නෙ නෑ. සොබාදහම නිර්මාණය වෙලා තියෙන්නෙ ඒ විදිහට. ලෝකය මැව්වා කියල විශ්වාස කරනව නම් ලෝකය මවල තියෙන්නෙ මිනිසාත්, මිනිසාට අවශ්‍ය ඖෂධත් එක්කයි. පස්සෙ කෘතිම බෙහෙත් නිර්මාණය කරගන්න කියල නෙමේ.

ඒ වගේම බි‍්‍රතාන්‍ය ජාතිකයන් අපේ රට යටත්කර ගන්නකොට අපේ සෞඛ්‍ය විධි ඒ ගොල්ල හැදුව. ඒ නීති වලින් තමයි අපේ සෞඛ්‍ය සේරම පාලනය කෙරුවෙ. අපේ රටවගේ 56ක් යටත්විජිත තියෙනව. එ රටවල් 56ම නීතිරීති හුදුවෙ සුද්දන්. එයින් සුද්දන්ට ලොකු වෙළෙඳපොළක් නිර්මාණය වුනා. සෞඛ්‍ය ප‍්‍රශ්නය සඳහා හැම අවුරුද්දෙම මෙපමණ ප‍්‍රමාණයක් වියදම් කරනව කියල රජය තීරණය කරනව. ඒ වගේම ඒ රටවල් 56ම ඇති කෙරුව. එතකොට ඒක ව්‍යාපාරයක්. වෛද්‍ය විද්‍යාල, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඒ ගොල්ලො අර ඖෂධ කටපාඩම් කරනව. කටපාඩම් කරල ඒ ගොල්ලන් ඉගෙනගත්තු සිලබස් එක අනුව බේත ලියනව. උණ 102ං නම් පරසිටමෝල් මෙච්චරයි. කොරොස්ට‍්‍රරෝල් මෙච්චරනම් මේ බෙතෙන් මෙච්චරයි. ඒ නිසා එක බටහිර බෙහෙත් වර්ගයකට නම් දහස් ගණනක් තියෙනව. වෛද්‍ය වරයා කරන්නෙ නම මාරුකරනව, කෙමිකල්එක එකමයි. එදා ඉඳන්ම බටහිර වෛද්‍ය ක‍්‍රමය විසින් මෙය ග‍්‍රහණය කරගෙන තියෙනව. ඒක අදටත් එහෙමයි. තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙන්නෙ. මිනිස්සුන්ට අවශ්‍ය සොභාදර්මයෙ තියෙන දේවල්වලින් රෝග වලක්වාගෙන ජීවන් වෙන්න. එමගින් රෝග සුවකරගන්නත් පුලූවන්. ඒ හැකියාව සොභාදම_යේ තියෙනව.

අපේ වගේ ගර්ම කලාපීයට රටවල් වලට වගේ නෙමේ. සීතල රටවල්වලට මාස හතරක් තිස්සෙ වින්ටර් එක. (අධික සීතල* හිරු එළිය නෑ. අපේ වගේ රටවල්වලට ඉර එළියෙන් ශක්තිය ලැබෙනව. ඉර එළියෙන් තියෙන ශක්තිය අපිට ලැබෙද්දිත් අපි කනව බටහිරට උචිත කෑම. පිටි සීනි වගේ දේවල්. එතකොට ඒවා ආපසු තැන්පත් වෙලා අපිට ශක්තිය වැඩිවෙනව. අපි ගන්න ආහාර සීනි බවට පත්වෙලා ඒ සීනි ලේවලට යනව. අපි ගන්න ආහාර පරිසරයත් ගැලපෙන්නෙ නෑ. අපි කියන්නෙ ආහාර සීනි බවට පත්වෙලා සීනි වැඩිවෙනව කියන එකනෙ. එතකොට අර ජීවන ක‍්‍රියාවලිය හරියට සිදුවුනේ නැතුවම තමයි ඒක වෙන්නෙ. ජීරණ ක‍්‍රියාවලිය වෙන්න අවශ්‍ය ඖෂධ තමයි කුලූබඩු කියල කියන්නෙ. ජීරණ ක‍්‍රියාවලිය ඇති වෙන්න කෙමිකල් එකක් හදන්න බෑ. උදාහරණයක් විදිහට දියවැඩියාව ගත්තොත්, දියවැඩියාව කියන්නෙ අපි ගන්නා ආහාර ජීරණ පද්ධතිය තුළ හරියට දහනය වෙන්නෙ නැතුව ලේවල සීනි මට්ටම ඉහල යනව. හරියට දහනය වුණොත් සීනි ලේවලට යන්නෙ නෑ. ආයුර්වේද ක‍්‍රමය අනුව නම් අපි කරන්න  ඕනැ ආහාර ජීරණ පද්ධතිය තුළදී පිෂ්ඨය හා සීනි දිරවන්න පුළුවන්නම් දියවැඩියාවක් නැහැ. ආයුර්වේද ක‍්‍රමය තුළ තියෙන්නෙ ආහාර ජීරණ පද්ධතිය තුළදී ආහාර ජීරණය කරනව. කැලෑ සත්තුන්ට ලෙඩ රෝග හැදෙන්නෙ නෑ. ඒත් ගෙදර ඇතිකරන බල්ලන්ට සීනි, කොරස්ට්‍රෝල්, හාට් ඇටෑක් හැදෙනව. ඒකට හේතුව ආහාර ජීරණය හරියට සිද්ධවුණාම ලේ වලට යන්න දෙයක් නැහැ. අපි කඩෙන් ගන්න කුළුබඩු පැකට් එකෙන් අපි හැම දෙයක්ම උයනව. ඒක හරි ප‍්‍රමිතියකට හදල තියෙනව නම් ශරීරයට අවශ්‍ය කරන අඩුපාඩුව ලැබෙනව.

අපි ආහාරයක් ගන්නව කියන්නෙ ප්‍රෝටීන් ප‍්‍රමාණයකුයි, කාබෝහයිටේ‍්‍රට් ප‍්‍රමාණයකුයි, මේද ප‍්‍රමාණයකුයි ඇ`ග ඇතුළට දාගන්නව.  ඒක කොන්ට්‍රෝල් කරන්න තමයි දැන් සප්ලිමන්ට් කියල ක‍්‍රමයක් ඇවිල්ල තියෙන්නෙ. උ්‍යධ කියන්නෙ ඒක තමයි. ඒක හරියට හදාගත්තොත් අපිට ලොකු වෙළෙඳ පොළක් හදාගන්න පුළුවන්. තවම ඉන්දියාවෙවත් උ්‍යධ හරියට නීතිගත කරල නැහැ. මුරිසි දිවයින්වල යම් කිසි තත්ත්වයක් නිර්මාණය කරගෙන තියෙනව. ලංකාවෙ අපිට කරන්න පුලූවන්කම තියෙනව නම් ලොකු වෙළඳපොලක් හදාගන්න පුලූවන්. ඒක පනතක් මගින් සම්මත කරල, විශ්වායක් ඇති කරල ලෝක අවධානය දිනාගෙන කරන්න පුලූවන් දෙයක්. මේ මගින් රටට විශාල වශයෙන් විදේශ විනිමය උපයන්න පුලූවන්. නිෂ්පාදන හා රෝහල් එම ප‍්‍රතිපත්ති අනුව ක‍්‍රියාත්මක කරගන්න පුලූවන්නම් ඒක ලෝක අවධානයට ලක්වෙයි.

ඇ`ග ඇතුලෙ තියෙන ශෛල අවස්තාවක් ආවොත් වර්ධනය වෙන්න පුලූවන්. (කැන්සර්*  ඒක වැලැක්වීමට අවශ්‍ය කරන දේවල් ආයුරුවේදයේ තියෙනව. කහ හොඳ ඖෂධයක්. ඒක නිකම් කහටිකක් අරන් කෑවට ඒක අපේ ඇ`ගට යන්නෙ නැහැ. නැනෝ තාක්‍ෂණය අනුව දැන් ලෝකෙ කහ හදල තියෙනව. එතකොට කහවල තියෙන ගුණය ඇ`ගට ලබාගන්න පුලූවන්. ඒ මගින් පිළිකා ශෛල වර්ධනය වීම නවත්වන්න පුලූවන්. ඒක විද්‍යානුකූලව ඔප්පුවෙලා තියෙන දෙයක්. ආයුරුවේද වෛද්‍ය ක‍්‍රමයේ තියෙන වටිනාකම තමයි රසායනික සංඝටක වලින් කරන්න බැරි දේවල්  ආයුරුවේදයෙන් කරන්න පුලූවන්. කොරොස්ටෝල් නවත්වන්න නම් ආහාරත් එක්ක මේද දහනය වෙන දේවල් ගන්න  ඕනෙ. දියවැඩියාවට නම් සීනි දහනය වෙන කුළුබඩු ආහාර පිසීමේ දී එකතුකරගත යුතුයි.

අපේ ආයතනයේ කරන්නේ, ඉන්දියාවෙන් ලබාගන්නා තාක්‍ෂණයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීමයි. මම කලින් කිව්ව වගේ නියමිත මිලි ග‍්‍රෑම් ගණනට ඖෂධය නිෂ්පාදනය කළ යුතුයි. අවශ්‍යම දේවල් දාලා. අරිෂ්ඨයක් ගත්තම ජාති හැටක් විතර තියනව. ඒ හැටෙන් මොකක්ද වැඩ කරන්නෙ කියල දන්නෙ නෑ. ඉස්සර කාලෙ දැනුම නැති නිසා විවිධ දේවල එකතුකර කර අත්හදා බලනව. කෝකෙන්ද හරියන්නෙ කියල. අයින් කරන්නෙ නැ එකතුකරනව මිසක්. චීනෙ කරන්නෙ, පරීක්‍ෂණ මණ්ඩලයක් මගින් පරීක්‍ෂා කරමින් ප‍්‍රමිතයක් නිර්මාණය කරගන්න එක. වර්ග 5 ක් පමණක් තිබෙන ආකාරයටයි ඔවුන් නිෂ්පාදනය කරන්නෙ. උපරිම වර්ග 10ක් පමණයි ඔවුන් පාවිච්චි කරන්නෙ. කොහොම නමුත් වර්ග 10කට සීමා වෙනව.

ආයුරුවේද වෛද්‍ය ක‍්‍රමය දියුණු කරන්න පුළුවන්නම් ලොකු වෙළඳපොලක් ලෝකෙ තියෙනව. නමුත් ලංකාවේ තවම ආයුරුවේද නිෂ්පාදන කියල බොන්නෙ ප‍්‍රමිතියෙන් තොර නිෂ්පාදන හා කසාය. ආයුරුවේද බාම් වර්ග තියෙනව. ඒවා නිෂ්පාදනය වෙන්නෙ වැස්ලින් වලින්. වැස්ලින් කියන්නෙ පෙට්ටෝලියම් වල අතුරු නිෂ්පාදනයක්. එයින් නිෂ්පාදනය කරන බාම් කියන්නෙ ආයුරුවේද ඖෂධයක් නෙමේ.    අනික පිටින් තවරන ආලේපන වර්ග ශරීරයට බලපෑමක් ඇති කරන්නේ නැහැ. රූපාලාවන්‍ය ක‍්‍රීම් වර්ග වුනත් එහෙමයි. පිටින් ආලේපනය කෙරුව කියල සමට බලපෑමක් කරන්න බැහැ. හම කියන්නේ ශරීරයේ වැස්ම. අපේ සිරුර දරාගෙන සිටින ඇඳුම කියල කියන්නත් පුලූවන්. එයට පිටින් ආලේපන තැවරුවට ශරීරය ඇතුළට බලපෑමක් වෙන්නෙ නෑ. මතුපිට හමට යම් බලපෑමක් කෙරුවත් එය ප‍්‍රතිකර්මයක් ගානට ගණන්ගන්න බැහැ. ලංකාවේ ඒවට හොඳ වෙළඳපොළක් තියෙනව. කවුරුත් ලස්සන වෙන්න කැමැති නිසා. නමුත් වෙනත් රටක නම් පරීක්‍ෂණයකින් ඔප්පු නොකර එවන් නිෂ්පාදනයක් වෙළෙඳපොළට නිකුත් කරන්න බැහැ. ලංකාවෙ රූපාලාවන්‍ය නිෂ්පාදනවලට විදේශීය වෙළෙඳපොළක් නැත්තෙ පරීක්‍ෂණ මගින් ඔප්පු කර නැති නිසා. උ්‍යධ අනුව ප‍්‍රමිතියට හැදුවොත් අපේ ආයුරුවේද නිෂ්පාදන සඳහා ලොව හොඳම ඉල්ලූමක් ඇති කරගන්න පුලූවන්

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *