මේ විදුලිය කැපීමට වගකිව යුත්තේ මහජන උපයෝගිතා කොමිසම යි – විදුලි බල ක්ෂේත්‍රයේ නිරීකෂ්කයෝ කියති

 

 

මේ දිනවල සිදුවන විදුලි කප්පාදුවට හේතුව නොකඩවා විදුලිය දීමට ඉන්ධන ගැනීමට ප්‍රමාණවත් ආදායමක් ලංකා විදුලි බල මණ්ඩලයට නොලැබීම බවත්, එය සිදුවුයේ විදුලි බිල වැඩි කිරීමේ දී මහජන උපයෝගිත කොමිසම මුල් යෝජනා ප්‍රතික්ෂේප කිරීමෙන් බවත්, විදුලි බල ක්ෂේතයේ නිරීක්ෂකයෝ කියති.

මේ බව හෙළි වුයේ විදුලි බිල යළි වැඩි නොකර නොකඩවා විදුලිය ලබා දිය නොහැකි බව විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් ගැන විමසීමේ දී ය. ඇමතිවරයා කීවේ ඉන්ධන ගැනීමට ප්‍රමාණවත් ආදායමක් වැඩි කළ විදුලි බිලෙන් නොලැබෙන බව යි.

මේ ගැන විදුලි ක්ෂේත්‍රයේ තතු දත් නිරීක්ෂකයින් කියන්නේ වියදම් පියවාගැනීමට අවශ්‍ය මිල සංශෝධන ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කළ විට උපයෝගිතා කොමිසම කිසිදු පදනමකින් තොරව එයට විරුද්ධ වූ බව යි. උපයෝගිතා කොමිසම කියා ඇත්තේ අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් ලබා ගත යුතු බව යි. එලෙස මුදල් ලබා දීමට ද කොමිසමට හැකි වී නැත.

දැන් තත්ත්වය වන්නේ යලි මිල වැඩි කිරීමට සිදුවීම හෝ විදුලි කැපීම දිගට ම පවත්වාගෙන යාමට ය.

මේ වන විට ඉන්ධන ප්‍රශ්නය නිසා දිනකට පැය දෙකක් විදුලිය කැපීම දිගට ම පවත්වාගෙන යාමට සිදු වී තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *