|

ඡන්දය නම් තියන්න එපා ! – කිරිඇල්ල තමන්ට කී බව කෙහෙළිය කියයි

 

‘ඡන්දය නම් තියන්න එපා’ යයි ඔබ මට පෙරේදා කීවා නොවේදැයි සෞඛ්‍යය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් අද පාර් ලිමෙන්තුවේ දී ප්‍රශ්න කළේය.

ආණ්ඩුවෙන් 25 ක් සමග විපක්ෂයට එන බව මන්ත්‍රී ජගත් කුමාර මහතා කී බවට කිරිඇල්ල මහතා කළ ප්‍රකාශයක් බොරු බව ඒ මහතා කීමෙන් පසු ආණ්ඩුවේ බොහෝ දෙනෙක් ඒ අවස්ථාවේ තමන්ට කතා කළ බව කිරිඇල්ල මහතා කී විට කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉහත කී ප්‍රශ්නය මතු කරමින් කීවේ පෞද්ගලිකව කියන එබඳු දෑ ප්‍රසිද්ධ කිරීම සදාචාරාත්මක නැති බව යි.

කිරිඇල්ල මහතාත් ,සමගි ජන බලවේගයත් පසුගිය කාලයේ දිගට ම කීවේ ඡන්දයක් අවශ්‍ය බව යි. කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියන්නේ ඡන්දයක් නොතියන ලෙස කිරිඇල්ල මහතා පෞද්ගලිකව ඉල්ලා සිටි බව යි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *