|

ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදය ශ්‍රි ලංකාවට බලපාන්නේ කෙසේ ද ? – නොරගල් දස්නී ලක්මාලි හේමචන්ද්‍ර  

 

ත්‍රස්තවාදය යනු කුමක්ද යන්නට මෙතෙක් නිශ්චිත අර්ථකථනයක් දී නොමැත. එයට හේතුව වන්නේ එක්  පුද්ගලයකුට ත්‍රස්තවාදියකු වන තැනැත්තෙක් තව පුද්ගලයකුට ඔවුන්ගේ අයිතීන් දිනා ගැනීමට සටන් වදිනු ලබන විමුත්තිකාමියකු වන බැවිනි (Van der Wilt and Paulussen 2019,P.319). එනමුත් නොයෙකුත් පනත්වල ත්‍රස්තවාදී ක්‍රියා හෝ ත්‍රස්තවාදින්ට අරමුදල් සැපයීම කුමක්ද යන්න එම පනතේ පරමාර්ථයන්ට අනුකූලව අර්ථ දක්වා ඇත. මෙහිදී පැන නගින කරුණක් වන්නේ මෙසේ අර්ථ දැක්වීම සිදුකරනු ලබන විට එම අර්ථ දැක්වීම තුලින් ලොව පුරා පවත්නා සියළුම වර්ගයේ ත්‍රස්තවාදී ක්‍රියා එමගින් ග්‍රහණය කරගත හැකිද යන්නයි. ලොව පුරා පවත්නා සියළුම ත්‍රස්තවාදී ක්‍රියා වාමාංශික (far-left), දක්ෂිණාංශික (far-right), ආගමික අන්තවාදී (extremism) ආදී ලෙස පුළුල්ව අර්ථකථනය කර ඇත. මෙහිදී වඩාත් වැදගත් වනුයේ මෙම ත්‍රස්තවාදී ක්‍රියා තුලින් ශ්‍රී ලංකාවට බලපෑමක් එල්ල කළ හැක්කේ කුමන ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාද යන්න පිළිබඳව අප තුල අවබෝධයක් ඇතිකර ගැනීමයි. එනම් ලොව පුරා හා කලාපීය වශයෙන් පවත්නා ත්‍රස්තවාදී ක්‍රියා ශ්‍රී ලංකාවට බලපෑමක් එල්ල කල හැකිද යන්න මෙන්ම ශ්‍රී ලංකාව තුල සිදු කරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියා තුලින් කලාපීය වශයෙන් හා ගෝලීය වශයෙන් බලපෑමක් එල්ල කල හැකිද යන්නයි.

මෙහිදී වඩාත් වැදගත් වනුයේ මෙම ත්‍රස්තවාදී ක්‍රියා තුලින් ශ්‍රී ලංකාවට බලපෑමක් එල්ල කළ හැක්කේ කුමන ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාද යන්න පිළිබඳව අප තුල අවබෝධයක් ඇතිකර ගැනීමයි. එනම් ලොව පුරා හා කලාපීය වශයෙන් පවත්නා ත්‍රස්තවාදී ක්‍රියා ශ්‍රී ලංකාවට බලපෑමක් එල්ල කල හැකිද යන්න මෙන්ම ශ්‍රී ලංකාව තුල සිදු කරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියා තුලින් කලාපීය වශයෙන් හා ගෝලීය වශයෙන් බලපෑමක් එල්ල කල හැකිද යන්නයි.

ලොව පුරා සිදුකරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳව නිරීක්ෂණය කිරීමේ දී පෙනී යනු ලබන කරුණක් වන්නේ යම් කිසි ප්‍රදේශයක පාලනය ලබා ගැනීමට සටන් වදින ත්‍රස්තවාදී කණ්ඩායම් (territory controlling terrorist groups) බොහෝ දුරට එම ප්‍රදේශයට, රටට හෝ කලාපයට පමණක් බලපෑමක් එල්ලකරනු ලබන බවයි. Liberation Tigers of Tamil Eelam (LTTE) සංවිධානය ශ්‍රී ලංකාව තුළ සිදුකරනු ලැබූ ත්‍රස්ත ක්‍රියා මේ සදහා උදාහරණයක් ලෙස ගත හැක. මෙයට හේතුව වන්නේ LTTE සංවිධානයේ පරමාර්ථය වූයේ උතුරු නැගෙනහිර වාසය කරන ලද දෙමළ ජනතාව සදහා ස්වයං පාලන ප්‍රදේශයක් ලබා ගැනීමයි. මේ අනුව LTTE සංවිධානය සිදු කරනු ලැබූ ත්‍රස්ත ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ පාලන ප්‍ර දේශවලට පමණක් සීමාවූ අතර  ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීම පමණක් ඔවුන්ගේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සදහන් කර ඇත. මේ අනුව බලන කළ LTTE සංවිධානය ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරනු ලැබූවත් ඔවුන්, එමගින් කලාපීය ලෙස හෝ ජාත්‍යන්තර ලෙස එල්ල කළ ත්‍රස්තවාදී ක්‍රියා නොමැති තරම් ය.

මෙය LTTE සංවිධානයට පමණක් නොව ස්වයං පාලන බලය උදෙසා සටන් වදින අනෙකුත් ත්‍රස්තවාදී සංවිධානවලද දැකිය හැකි වූ ලක්ෂණයකි. තලේබාන් (Taliban), බොකෝ හරාම් (Boko Haram) , සහ අල් ෂබාබ් (Al-Shabaab) ලොව දරුණුම ත්‍රස්තවාදී සංවිධාන ලෙස ශ්‍රේණිගත වූවත් (Global Terrorism Index 2020, P.16) ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය රටකට හෝ කලාපයට පමණක් සීමා විය. තලේබාන් සංවිධානයේ ක්‍රියාකාරිත්වය ඇෆ්ගනිස්ථානය කේන්ද්‍රගත කරමින් සිදු කරනු ලබන අතර බෝකෝ හරාම් හි ක්‍රියාකාරිත්වය ප්‍රධාන වශයෙන් නයිජීරියාව තුල හා කලාපයේ අනෙකුත් රටවල් වන කැමරුන්, නයිජ සහ චැඩ් යන රටවල් තුල දැකිය හැකිය. මීට අමතරව අල් ෂබාබ් සංවිධානය සෝමාලියාව කේන්ද්‍රගත කරමින් ක්‍රියාත්මක වෙයි. මේ අනුව පෙනී යන්නේ ලොව පුරා ස්වයං පාලන අරමුණු ඉටුකරගැනීමට සිදු කරන ලබන ත්‍රස්තවාදී  ක්‍රියාහි කේන්ද්‍රය (epicenter) රටකට හෝ කලාපයට පමණක් සීමා වන බවයි.

ලොව පුරා ‍බොහෝ ත්‍රස්තවාදි ක්‍රියා සිදු වූවත් ඉස්ලාමීය ත්‍රස්තවාදය පිළබඳ ලෝක අවධානය මෙතරම් යොමු වන්නේ කුමන කරුණු නිසාද යන්න පිළිබඳව සලකා බැලීම වටී. ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳව අවධානය යොමු කිරීමේදී 2001 සැප්තැම්බර් 11 වන දින ඉස්ලාමීය අන්තවාදී අදහස් මුල් කර ගනිමින් අල්කයිඩා සංවිධානය ඇමරිකාව තුළ සිදු කල ත්‍රස්ත ක්‍රියාවන් එම රටට පමණක් නොව ලොව පුරා තිබෙන සියළුම රාජ්‍යයන් කෙරෙහි බලපෑමක් එල්ල කලේය. එයට හේතුව වන්නේ එම ත්‍රස්තවාදී ක්‍රියාව තුලින් ඇති කරනු ලැබූ කම්පනය ඉතා ප්‍රබල වීමයි. මේ හේතුව තුලින් ඇමරිකාව විසින් ඔවුන්ගේ රට තුළ ත්‍රස්ත ක්‍රියා වැලැක්වීම සඳහා PATRIOT ACT ආදී ලෙස දේශීය නීති සම්පාදනය කළ අතර ඊට අමතරව Financial Action Task Force (FATF) නිර්නායක තවදුරටත් පුළුල් කරමින් ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම වරදක් ලෙස නව සම්මුතීන් ගෙන එන ලදි.

ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳව අවධානය යොමු කිරීමේදී 2001 සැප්තැම්බර් 11 වන දින ඉස්ලාමීය අන්තවාදී අදහස් මුල් කර ගනිමින් අල්කයිඩා සංවිධානය ඇමරිකාව තුළ සිදු කල ත්‍රස්ත ක්‍රියාවන් එම රටට පමණක් නොව ලොව පුරා තිබෙන සියළුම රාජ්‍යයන් කෙරෙහි බලපෑමක් එල්ල කලේය. එයට හේතුව වන්නේ එම ත්‍රස්තවාදී ක්‍රියාව තුලින් ඇති කරනු ලැබූ කම්පනය ඉතා ප්‍රබල වීමයි. මේ හේතුව තුලින් ඇමරිකාව විසින් ඔවුන්ගේ රට තුළ ත්‍රස්ත ක්‍රියා වැලැක්වීම සඳහා PATRIOT ACT ආදී ලෙස දේශීය නීති සම්පාදනය කළ අතර ඊට අමතරව Financial Action Task Force (FATF) නිර්නායක තවදුරටත් පුළුල් කරමින් ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම වරදක් ලෙස නව සම්මුතීන් ගෙන එන ලදි.

ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදය ශ්‍රි ලංකාවට බලපෑමක් එල්ල කරන්නේ ද නැද්ද යන්න සලකා බැලීමේදී වඩාත් වැදගත් වනුයේ ඔවු‍න් ත්‍රස්තවාදී ක්‍රියා තුලින් සාක්ෂාත් කිරිමට බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමයි. වාර්තාගත වන කරුණු අනුව ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාවල හරය වන්නේ ඉස්ලාමීය ආගමෙහි (වහබ්වාදී) කරුණු පදනම් කරගත් රාජ්‍යයක් ලොව පුරා බිහිකිරීමයි. බොහෝ ත්‍රස්තවාදී ක්‍රියා යම් ප්‍රදේශයකට, රටකට හෝ කලාපයකට පමණක් සීමා වුවත් ඉස්ලාමීය අන්තවාදී මතවාද අනුව ඉස්ලාමීය රාජ්‍යයක් ලොව පුරා බිහිකිරීම යන්න අරමුණු වන බැවින් ඉස්ලාමීය අන්තවාදී ක්‍රියා ඕනෑම රටක සිදුවිය හැක. ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුවේ (2012) දත්ත අනුව ශ්‍රී ලංකාව තුල සිටින මුස්ලිම් ජාතිකයින්ගේ ප්‍රතිශතය 10%  පමණ වූවත් ඉස්ලාමීය රාජ්‍යයක් බිහි කිරීම සඳහා වූ අරමුණු මුදුන්පත් කර ගැනීමට අන්තවාදීන් විසින් 2019 වර්ෂයේදී ශ්‍රී ලංකාව තුල ප්‍රහාර මාලාවක් එල්ල කරන ලදි. මේ අනුව අන්තවාදී ක්‍රියා සිදු කිරීම සඳහා ජන පදනම යන්න වැදගත් සාධකයක් නොවේ.

මේ අනුව ඕනෑම රටක ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීම සඳහා පසුබිම සකස්කර ගන්නේ කෙසේද යන්න සලකා බැලිය යුතු‍වේ. සාම්ප්‍රදායික ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හඳුන්වන ස්වයං පාලනය වෙනුවෙන් කරනු ලබන ආයුධමය අරගලවල නායකයකු දැකිය හැකි අතර ඔහු වටා ප්‍රාදේශීය නායකයන් ආදී ලෙස බලය ඉහල සිට පහලට ගලා යාමක් දැකිය හැක. උදාහරණයක් ලෙස LTTE සංවිධානය වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ නායකත්වය යටතේ ක්‍රියා කල අතර ඔහුට සහය වීම සඳහා විවිධ තනතුරුවලින් යුත් නිලධාරින් සමූහයක් සිටින ලදි. එ් අනුව ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීම සඳහා විධානයන් ඉහල නිලධාරියකුගෙන් ලැබිය යුතුව තිබුනි. එමෙන්ම මේ විධානය බෝහෝ දුරට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදනයන් නායකත්වය තුලින් සපයනු ලැබේ. ඒ අනුව ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීම සඳහා මුදල් හා විධාන ඉහල සිට පහලට ගලා යෑමක් සිදුවේ.

නමුත් ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානය තුල දක්නට ලැබෙන නූතන ප්‍රවනතාවයක් වන‍්නේ මුදල් සහ විධාන මෙසේ නොලැබීමයි. ඉස්ලාමීය ත්‍රස්තවාදී ක්‍රියාවලට යොමු වූ පුද්ගලයන් බො‍හෝ දුරට මුදල් ඔවුන් විසින්ම සොයා ගනු ලබන අතර නායකයකුගේ අනුගාමිත්වයකින් තොරව ත්‍රස්තවාදී ක්‍රියා සිදු කරනු ලබයි. ත්‍රස්තවාදී ක්‍රියා සඳහා අරමුදල් එක්රුස් කරගත් ආකාරය සොයා බැලීමේදී පෙනී යන කරුණක් වන්නේ නීත්‍යානුකූල ආකාරයෙන් පුද්ගලයින් මුදල් ලබා ගන්නා ප්‍රභවයන් මොවුන් ද යොදා ගන්නා බවයි. උදාහරණ ලෙස වැටුප් හා චේතන, බැංකු ණය, සුබසාධනය පිණිස ලබා දෙන මුදල්, යහළුවන් හා නෑදෑයන් ගෙන් ලබා ගන්නා මුදල් ආදියයි. මෙහිදී පෙනී යන වැදගත් කරුණක් වන්නේ මුදල් භාවිතය අවම මට්ටමකින් පවත්වාගෙන වුවද විශාල ආකාරයෙන් ත්‍රස්තවාදී  ක්‍රියා සිදු කල හැකි බවට 2016 ප්‍රංශයේ නයිස් (Nice) නුවර සිදුවූ ත්‍රස්ත ක්‍රියාව දැක්විය හැක. මෙහිදී ට්‍රක් රථයක්, බැස්ටිල් දිනය (Bastille) සමරමින් සිටි මිනිසුන් අතරට චේතනාත්මකව ගමන් කරවීමෙන් පෙනී යයි. ඒ අනුව බලන කල LTTE වැනි සාම්ප්‍රදායික ත්‍රස්ත ක්‍රියාවලදී ආයුධ සපයා ගැනීම, රජයේ හමුදාවන්ට ප්‍රහාර එල්ල කිරීම, අල්ලාගත් ප්‍රදේශවල බලය තහවුරු කර ගැනීමට හා එම ප්‍රදේශවල බලය ක්‍රියාත්මක කරවන ආයතන පවත්වාගෙන යාම ආදී ලෙස විශාල ‍වශයෙන් මුදල් වුවමනා වුවත් මේසා විශාල මුදලක් ඉස්ලාමීය අන්තවාදී ක්‍රියා සිදු කිරීම සඳහා වුවමනා නොවේ. මෙයට හේතුව වන්නේ ඉස්ලාමීය අන්තවාදී ක්‍රියා තනිව (one actor)  හෝ කුඩා කණ්ඩායම් (small cens) ලෙස සිදු කිරීමයි. තවද මුදල් අවශ්‍යතාවය අවම වන විට එම මුදල් ත්‍රස්තවාදීන්ට ඉතා පහසුවෙන් නීත්‍යානුකූල ක්‍රම භාවිත කිරීමෙන් පමණක් වුවද සපයා ගත හැක.

සාම්ප්‍රදායික ත්‍රස්ත ක්‍රියාවලදී ආයුධ සපයා ගැනීම, රජයේ හමුදාවන්ට ප්‍රහාර එල්ල කිරීම, අල්ලාගත් ප්‍රදේශවල බලය තහවුරු කර ගැනීමට හා එම ප්‍රදේශවල බලය ක්‍රියාත්මක කරවන ආයතන පවත්වාගෙන යාම ආදී ලෙස විශාල ‍වශයෙන් මුදල් වුවමනා වුවත් මේසා විශාල මුදලක් ඉස්ලාමීය අන්තවාදී ක්‍රියා සිදු කිරීම සඳහා වුවමනා නොවේ. මෙයට හේතුව වන්නේ ඉස්ලාමීය අන්තවාදී ක්‍රියා තනිව (one actor)  හෝ කුඩා කණ්ඩායම් (small cens) ලෙස සිදු කිරීමයි. තවද මුදල් අවශ්‍යතාවය අවම වන විට එම මුදල් ත්‍රස්තවාදීන්ට ඉතා පහසුවෙන් නීත්‍යානුකූල ක්‍රම භාවිත කිරීමෙන් පමණක් වුවද සපයා ගත හැක.

තව දුරටත් මුදල් පිළිබඳ සලකා බැලීමේදී පෙනී යන කරුණක් වන්නේ මුදල් නීත්‍යානුකූල ක්‍රම මගින් උපයා ගන්නා විට ත්‍රස්තවාදීන් වෙත පොලීසිය හෝ වෙනත් නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනවල අවධානය යොමු ‍නොවීමයි. මීට ඉහත උදාහරණ ලෙස සඳහන් කල ප්‍රංශයේ නයිස් ප්‍රහාරයේ ත්‍රස්තවාදීයා ලෙස හඳුනාගත් . Mohamed Lahuuaiej – Bouhlel  එම ත්‍රස්තවාදී ක්‍රියාවට පෙර පොලීසියට වාර්තා වී ඇත්තේ සුළු වැරදි කිහිපයක් සඳහා පමණි. ඒ අනුව එම තැනැත්තාගේ නම “Watch List” හෝ රතු ලේඛනයට ”Red List” ඇතුලත් කර නොමැත. මීට සමානවම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ ඊබ්‍රහිම් සහෝදරයින් ඔවුන්ගේ නමින් ව්‍යාපාර පවත්වා ගෙන ගොස් තිබූ අතර පොලීසිය වෙත අපරාධකරුවන් ලෙස තොරතුරු වාර්තා වී නොතිබුණි.

මින් අනතුරුව සලකා බැලිය යුතු වන්නේ ත්‍රස්ත්‍රවාදී ක්‍රියා සිදු කරනු ලබන ආකාරය පිළිබඳවයි. බොහේ දුරට ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීමේදී සිය දිවි නසා ගැනීම් වාර්තා වේ. මෙයට හේතුව වන්නේ සිය දිවි නසා ගැනීමකදී අරමුණ ඉටුකරගැනීමට වැය වන පිරිවැය අවම වීමයි. ත්‍රස්ත ක්‍රියාවක් සිදුකර පලා යාමකදී ඔවුන්ට පහසුකම් සැපයීමට විශාල මුදලක් වැය වේ. උදාහරණ ලෙස ප්‍රවාහන පහසුකම්, ව්‍යාජ ලේඛන (ගමන් බලපත්‍ර) ආදිය සකස් කිරීම සඳහා ඉතා විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. ත්‍රස්ත ක්‍රියා සඳහා සියදිවි නසා ගැනීම නව ප්‍රවනතාවයක් නොවුනත් සියදිවි නසා ගැනීමට යොමු වන පුද්ගලයින්ගේ වෙනසක් සිදුවීද යන්න සලකා බැලිය යුතු වේ. Azam (2012), Ziegler (2017)  විසින් සිදු කරන ලද පර්යේෂණවලට අනුව LTTE  සංවිධානය Black Tiger  නමින් සියදිවි නසා ගැනීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවා තිබූ අතර මෙම ඒකකයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා තේරීම් පරීක්ෂණවලට සහභාගී වීමට ඒ සඳහා කැමැත්තක් දක්වන පුද්ගලයින්ට සිදු විය. එනමුත් තුර්කිය  කේන්ද්‍රගත කර ගනිමින් ක්‍රියාත්මක වන PKK සංවිධානය දරිද්‍රතාවයෙන් පෙලෙන, විශාල සාමාජික සංඛ්‍යාවක් සිටින පවුල්වල පුද්ගලයින් (කාන්තාවන් ද ඇතුළුව) ත්‍රස්තවාදී ක්‍රියා සඳහා යොදා ගත් අතර ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් අවම මට්ටමක පැවතුන බවට ඒ පිළිබඳව සිදු කරනු ලැබූ පරීක්ෂණවලදී අනාවරණය විය (Azam , 2012) මේ අනුව පෙනී යන්නේ සංවිධානයේ ස්වභාවය අනුව සියදිවි නසා ගන්නා පුද්ගලයන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහ අනෙකුත් තොරතුරු තීරණය වන බවයි.

ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියා සඳහා යොමු වූ පුද්ගලයින් කවුරුන්ද යන්න සලකා බැලීමේදී පෙනී යන කරුණක් වන්නේ එම පුද්ගලයින් අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් අතින් ඉතා ඉහල මට්ටමක පැවතීමයි. 2019 ශ්‍රී ලංකාව තුල සිදුවූ පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සඳහා යොමු වූ පුද්ගලයින්ගේ වෘත්තීන් සොයා බැලීමේදී පෙනී යන කරුණක් වන්නේ ඔවුන් අතර සාර්ථක ව්‍යාපාරකයින්, ඉංජිනේරුවන් සිටි බවයි. ලෝකයේ සිදු කරනු ලැබූ අනෙකුත් ඉස්ලාමීය ත්‍රස්තවාදී ක්‍රියා සැලකීමේදී 2005 වසරේ ලන්ඩන් උමං දුම්රිය මාර්ගයේ දී සිදු  කරනු ලැබූ ත්‍රස්තවාදී ක්‍රියාවන් මෙහෙයවන ලද්දේ වරක් හොඳම තරුණ ව්‍යවසායකයා ලෙස බ්‍රිතාන්‍ය ටයිම්ස් පුවත්පත මගින් ප්‍රශංසාවට ලක් කරන ලද Mohammad Sidique Khan වීමයි.  එමෙන්ම 2001 සැප්තැම්බර් 11 ඇමරික‍ාවේ සිදු කරන ලද ප්‍රහාරයන් මෙහෙයවන ලද්දේ ගුවන්යානා පැදීම සඳහා සුදුසුකම් ලබා ගත් පුද්ගලයින් වේ. මේ අනුව ඉහල මට්ටමේ බුද්ධිමත්භාවයකින් යුත් පුද්ගලයින් ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීම සඳහා යොමු වීම තුලින් දරිද්‍රතාවය ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීම යන්නට රුකුලක්  වේය යන මතය බිඳ වැටෙන අතර ත්‍රස්තවාදී ක්‍රියා සිදු කරන ලබන පුද්ගලයින්ගේ අළුත් කුලකයක් ඉස්ලාමීය ත්‍රස්තවාදී ක්‍රියා තුලින් නිර්මාණය වී තිබේ.

ඉහල මට්ටමේ බුද්ධිමත්භාවයකින් යුත් පුද්ගලයින් ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීම සඳහා යොමු වීම තුලින් දරිද්‍රතාවය ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීම යන්නට රුකුලක්  වේය යන මතය බිඳ වැටෙන අතර ත්‍රස්තවාදී ක්‍රියා සිදු කරන ලබන පුද්ගලයින්ගේ අළුත් කුලකයක් ඉස්ලාමීය ත්‍රස්තවාදී ක්‍රියා තුලින් නිර්මාණය වී තිබේ.

ඉහල බුද්ධි මට්ටමකින් යුත් පුද්ගලයින් ත්‍රස්ත ක්‍රියාවලට යොමු වීමේදී බොහෝ දුරට පුපුරණ ද්‍රව්‍ය සෑදීම හා ඒ හා අදාළ සියළුම ආනුශාංගික කටයුතු ඔවුන් විසින් සිදු කරනු ලබයි. මීට අමතරව ත්‍රස්ත ක්‍රියා සිදු කිරීම සඳහා අරමුදල් සපයා ගැනීම ඔවුන් විසින්ම තම වෘත්තිය මගින් ලැබෙන වැටුප්, චේතන හා අනෙකුත් ප්‍රතිලාභ භාවිත කරමින් සපයා ගනු ලබයි. තවද අරමුණ වෙත ලඟා වීමේදී ඔවුන්ට සැලසුම්ගත බෝම්බ පිපිරවීම් මෙන් නොව (Implanted Bombs) තමන්ගේ බුද්ධිය මෙහෙයවීම තුලින් පොලිස් බාධක මග හැරීමෙන් හා අනෙකුත් බාධක තම බුද්ධිය ‍යොදා මග හරවා ගැනීමෙන් තම අරමුණ ඉටු කරගැනීමට හැකියාවක් ඇත.

මීලඟට සලකා බැලිය යුතු වන්නේ ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීම සඳහා ඔවුන් යොදා ගන්නා උපකරණ මොනවාද යන්නයි. 2019 වසරේ  පාස්කු ප්‍රහාර මාලාව සඳහා පිටේ එල්ලගෙන යනු ලබන (back pack) පුපුරණ ද්‍රව්‍ය පිරවූ බෑග් භාවිතා කල අතර, 2016 වසරේ ප්‍රංශයේ නයිස් නුවර සිදු වූ ත්‍රස්ත ක්‍රියාවේදී  කුලී ට්‍රක් රථයක් ද, 2015 සිදු වූ Charlie Hebdo  ප්‍රංශ පුවත්පත් කාර්යාලයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් ද, 2005 ලන්ඩන් උමං දුම්රිය ස්ථානයේදී තමන්ම සාදගත් බෝම්බද භාවිත කරන ලදි. මේ අනුව බලන කල පෙනී යන්නේ ඉතා පහසුවෙන් සපයා ගත හැකි වියදම් අඩු උපකරණ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිත කරනු ලබන බවයි.

මේ හා සම්බන්ධව තවදුරටත් සලකා බැලිය යුතු වන්නේ පුද්ගලයින් ඉස්ලාමීය ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීම සඳහා යොමු වන්නේ කෙසේද යන්නයි. බොහෝ විට සමාජය තුල පවතින මතය වන්නේ පුද්ගලයින් බන්ධනාගාර ගත කළ අවස්ථාවේ දී පුද්ගලයින් වටා සිටින අයගේ පෙළඹවීම මත ත්‍රස්ත ක්‍රියා සඳහා යොමු වන බවයි. නමුත් Argomaniz සහ Bermeso (2019) මෙම කරුණ පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය වූයේ 2001 ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාර ක්‍රියාත්මක කල පුද්ගලයින් පල්ලියකදීද තවත් සමහර පුද්ගලයින් ජංගම දුරකථන වෙළඳසැල් තුලදී ආදී ලෙස පුද්ගලයින් එකතු වන ස්ථානවලදී අන්තවාදී අදහස්වලට නැඹුරු වී ඇති බවයි.  තවදුරටත් පුද්ගලයින් අන්තවාදී අදහස් සඳහා යොමු කිරීම පරිඝනක ජාලා (Social Platforms) හරහාත් සිදු කරනු ලබන බවයි. මේ අනුව අන්තවාදී අදහස් පැතිරවීම වලක්වාලීම සඳහා පුද්ගලයින් භාවිත කරනු ලබන නූතන ක්‍රම‍වේද  මොනවාද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතුවේ.

උක්ත කරුණු සලකා බැලීමේ දී පෙනී යන කරුණක් වන්නේ ඉස්ලාමීය අන්තවාදී ක්‍රියා ඕනෑම රටක සිදු විය හැකි බවත් ඒ සඳහා පැහැදිලි  නායකත්වයක් එනම් විධානයන් ඉහල සිට පහලට ගලා යෑමක් සිදු නොවන බවක්ය.  එමෙන් ම අන්තවාදී අරමුණ කරා යොමු වන  පුද්ගලයින්ගේ නව ප්‍රවණතාවයන් එනම් ඉතා ඉහළ බුද්ධිමට්ටමකින් යුත් පුද්ගලයින් වීම, අරමුදල් සපයා ගන්නා ආකාරය එනම් නීත්‍යානුකූල ක්‍රම භාවිත කිරීම, අරමුණුවලට ලඟාවන ආකාරය එනම් තනි පුද්ගලයින් හෝ කුඩා කණ්ඩායම් ලෙස ප්‍රහාර දියත් කිරීම හෝ අරමුදල් සපයා ගත් තැනැත්තාම ප්‍රහාර දියත් කිරීම (සිය දිවි නසා ගැනීම) ආදී සලකා බැලිමේ දී ශ්‍රී ලංකාවට ද මෙම සාධක තුලින් වියුක්ත කිරීමට අවකාශයක් නොමැත. ඒ අනුව ඉස්ලාමීය අන්තවාදී ක්‍රියා පිළිබඳව අවධානයෙන් යුතුව සිටීම ජාතික ආරක්ෂාව සඳහා වැදගත් වේ.

 නොරගල් දස්නී ලක්මාලි හේමචන්ද්‍ර

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *