|

අභියෝග ජය ගත හැකි යෝජනා රැසක් සහිත අයවැයක් – මහාචාර් ය සමිත හෙට්ටිගේ

මෙවර අය වැය තුළින් රටට ලැබෙන දීර්ඝ කාලීන ප්‍රතිලාභ මොනවාද? එසේ ලැබෙන ප්‍රතිලාභ රටේ යහපත පිණිස යොදා ගන්නේ කෙසේද රට මුහුණ දී තිබෙන තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා රටක් ලෙස අප කළ යුතු කාර්යභාරය කුමක්ද? යන්න පිළිබඳව ගැටුම් වැළැක්වීම පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සමිත හෙට්ටිගේ මහතා සමඟ සිදු කළ සංවාදයකි මේ.

– අනාගතය ගැන බැලූ දූරදර්ශී යෝජනා රැසක්
– කැපකිරීම් කර යහපත් ආර්ථිකයක් ගොඩනගා ගනිමු

මෙවර අය වැය යෝජනා පිළිබඳ විවිධ පාර්ශ්ව පරස්පර අදහස් පළ කරනවා. ආර්ථික විද්‍යා විශේෂඥයන් සඳහන් කරන විදිහට මේ අය වැය තුළ ධනාත්මක සහ ප්‍රගතිශීලි අදහස් සහ යෝජනා ඇතුළත්, එහෙත් දේශපාලන පක්ෂවල අදහස වන්නේ මේ අය වැයෙන් පොදු ජනතාව ගැන අවධානය යොමු කර නොමැති බවයි. මේ දෙපාර්ශ්වයේ අදහස් ගැන ඔබේ අදහස පැහැදිලි කරන්න පුළුවන්ද.?

ආර්ථික විද්‍යා විෂය මගේ මූලික විෂයක් නොවෙයි, එහෙත් මම පුරවැසියකු විදිහට සමාජ විශ්ලේෂකයකු විදිහට මේ විෂය ගැන ලොකු උනන්දුවක් තියෙනවා. ඒ නිසා මට අය වැය යෝජනා පිළිබඳව විශේෂ අදහසක් තිබෙනවා. ඇත්තෙන්ම මේ අය වැය යෝජනාව ගෙන එන්නේ රට සාමාන්‍ය තත්ත්වයක තිබෙන කාලයක නොවෙයි, රටේ ආර්ථිකය ලොකු අර්බුදයකට ලක්ව තිබෙන කාලයක. මම හිතන විදිහට නිදහසින් පසු ආර්ථික වශයෙන් දුෂ්කරම කාලයක තමයි මේ අය වැය ඉදිරිපත් කරන්නේ. ඒ තත්ත්වය තුළ මෙවර අය වැය යෝජනා තුළින් අපිට ලබන මාසේ ප්‍රතිඵල පෙන්වන්න බැහැ. දීර්ඝ කාලීනව ප්‍රතිඵල ලැබෙන යෝජනායි තිබෙන්නේ. මම හිතන විදිහට අප රටට දැනට අය වැය යෝජනා රැසක් ඉදිරිපත් කර තිබෙනවා වගේම ඒවා සම්මත වෙලා තිබෙනවා. එහෙත් ඒ යෝජනාවලින් රට නිසි විදිහට ඉදිරියට රැගෙන යාමට බැරිව තිබෙන බව අද රට මුහුණ දී තිබෙන තත්ත්වය අනුව පැහැදිලියි.ඒ නිසා තමයි මෙවර අය වැය විකල්ප අදහස්, විකල්ප යෝජනා රාශියක් ඇතුළත් ඉදිරිගාමී සහ ධනාත්මක අදහස් ගොන්නකින් යුතු අය වැයක් විදිහට මම දකින්නේ. ඒ වගේම අභියෝග ජය ගැනීමට හැකියාව ශක්තිය තිබෙන අය වැයක් විදිහටත් මම මේ යෝජනාවලිය දකිනවා.

මෙවර අය වැය යෝජනා තුළින් අපිට ලබන මාසේ ප්‍රතිඵල පෙන්වන්න බැහැ. දීර්ඝ කාලීනව ප්‍රතිඵල ලැබෙන යෝජනායි තිබෙන්නේ. මම හිතන විදිහට අප රටට දැනට අය වැය යෝජනා රැසක් ඉදිරිපත් කර තිබෙනවා වගේම ඒවා සම්මත වෙලා තිබෙනවා. එහෙත් ඒ යෝජනාවලින් රට නිසි විදිහට ඉදිරියට රැගෙන යාමට බැරිව තිබෙන බව අද රට මුහුණ දී තිබෙන තත්ත්වය අනුව පැහැදිලියි.ඒ නිසා තමයි මෙවර අය වැය විකල්ප අදහස්, විකල්ප යෝජනා රාශියක් ඇතුළත් ඉදිරිගාමී සහ ධනාත්මක අදහස් ගොන්නකින් යුතු අය වැයක් විදිහට මම දකින්නේ. ඒ වගේම අභියෝග ජය ගැනීමට හැකියාව ශක්තිය තිබෙන අය වැයක් විදිහටත් මම මේ යෝජනාවලිය දකිනවා.

කෙනකුට හිතන්න පුළුවන් මෙවර මේ යෝජනාවලින් හෙට අපිට මොකුත් ලැබෙන්නේ නෑනෙ කියල. ඒ අදහස බැලූ බැල්මට හරි. ඒත් මේ රජයේ නව අය වැය තුළින් බලා තිබෙන්නේ අනාගතය ගැන දූරදර්ශී දැක්මක් ඇතිවයි.

එහෙම යෝජනාවලියක් තුළ කෙටිකාලීනව ජනප්‍රිය වන යෝජනා ඇතුළත් නොවෙන්න පුළුවන්, එහෙත් ඒ තුළ අනාගතය සුබදායක කරන බොහෝ දේවල් තියෙනවා.

එහෙනම් ඇයි සමහර කණ්ඩායම් මේ අය වැය තුළ හොඳක් දකින්නේම නැතිව විවේචන විතරක් කරන්නේ.?

මේ තත්ත්වය අප රටට පමණක් නොවෙයි, වෙනත් විදෙස් රටවලත් පැවැතුණා. දහනව වන සියවසේදී අමෙරිකාවෙත් දුෂ්කර යුගයක් ආවා. ඒ යුගයේදී එහි සිටි නායකයන් දුෂ්කර සහ ජනප්‍රිය නොවන තීන්දු ගත්තා. එදා ගොඩක් අය ඒ යෝජනාවලට විරුද්ධ වුණා. එදා ගත් තීන්දු ජනප්‍රිය වුණේ නැහැ. ඒත් ඒ තීන්දුවලින් අමෙරිකාව යම් ස්ථාවර තැනකට පත් වුණා. එදා විවේචනයට විරෝධයට ලක් වුණු තීන්දු කාලයක් ගියාම අැගයුමට ගරුත්වයට ලක් වුණ තීන්දු බවට පත් වුණා. වැදගත් වෙන්නේ හරි තීන්දුව හරි වෙලාවට ගැනීමයි. දැන් අපත් එළඹ තිබෙන්නේ එහෙම කාලයකටයි. අද අපිට වැරැදියට පෙනෙන තීන්දු අපට අනාගතයේ රට හදන්න ගත් වැදගත් තීන්දු තීරණ විදිහට වැටහේවි.

ඔබ කියන්නේ අනාගතය වෙනුවෙන් අද යම් කැපවීමක් කළ යුතු බවද?

අද අපට දුෂ්කරතාවලට මුහුණ දෙන්න වේවි. කැප කිරීම් කරන්න සිදු වේවි. එසේ කිරීම මඟින් අපට අවුරුදු විසිපහකට පසු අදට වඩා හොඳ අදට වඩා දියුණු යහපත් ආර්ථික සමාජයීය තත්ත්වයක් තිබෙන රටක් බිහිකර ගැනීමට හැකියාව ලැබේවි.අපි ඒ කැප කිරීම කරන්නේ අප වෙනුවෙන් නොවන බවට ඔබට හිතෙන්න පුළුවන්. ඒත් සිතුවිල්ල වැරැදියි. අපි අද යම් කැප කිරීමක් කරනවා නම් ඒ කැප කිරීම කරන්නේ අපේ කුඩා දූ දරුවන් වෙනුවෙන්. යම් පටි තද කර ගැනීමක් සිදු කර ගැනීම කළ යුතුයි. එහෙම වුණොත් තමයි අපට අගාධයෙන් ගොඩඒමට හැකියාව ලැබෙන්නේ. පටි තද කර නොගෙන සුපුරුදු විදිහට හිටියොත් අපට දිගටම අගාධය තුළ ජීවත් වීමට ඉඩ ලැබුණත් අගාධයෙන් ගොඩ ඒමට පුළුවන්කම ලැබෙන්නේ නැහැ.

මම කියන්නේ නැහැ සුමටව සිදු වේවි කියලා, රටේ මධ්‍යම පන්තියටත් ඉහළ පන්තියටත් යම් බලපෑමක් සිදු වේවි. ඒ බලපෑම යම් කාලයක් තිබුණත් ඒ කැප කිරීම කළ යුතුයි.

අප මෙහිදී සමාජයේ පහළ කොටස් ගැන අවධානය යොමු කළ යුතුයි. අප රට තුළ හොඳ සුභසාධන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම එවැනි සමාජ කණ්ඩායම්වලට උපකාර කළ යුතු බවට සමාජ සිරිතක් ද තිබෙනවා. ඒ නිසා සමාජ සුභසාධනය සඳහා වූ රජයේ වැඩපිළිවෙළ දිගින් දිගටම ක්‍රියාත්මක වීම නිසා අපට මේ අර්බුදකාරී කාලය තුළ පවා ඔවුන්ව රැක ගැනීමට හැකියාව ලැබී තිබීම සතුටට කරුණක්. මුලින්ම සිතුවිලි වෙනස් කර ගන්න ඕනෑ. එහෙම වුණොත් අපට ආර්ථික අභියෝගය ඉතාමත් ඉක්මනින් ජය ගන්න පුළුවන්. වාද විවාද කරමින් ප්‍රශ්නය ගැන අවධානය යොමු නොකළොත් සිදු වන්නේ තවදුරටත් අර්බුදය උග්‍ර වීම මිසක් අර්බුදය විසඳීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම නොවෙයි.

රටේ පිහිටීම සහ අසල්වැසි බලවත් රාජ්‍යයන් මෙරට ආර්ථිකයේ වර්ධනය සඳහා උපයෝගී කර ගැනීමට හැකියාව තිබෙනවා නේද.?

ඔව් අනිවාර්යයෙන්ම, අප රට ආර්ථික වශයෙන් වාසිදායක තැනක තමයි පිහිටා තිබෙන්නේ. ඉන්දියාව, චීනය වැනි රාජ්‍යයන් අතර ඩොලර් මිලියන ගණනක ව්‍යාපාර කටයුතු සහ මුදල් හුවමාරු සිදු වෙනවා. එහිදී අපට හැකියාව තිබෙනවා එම රටවලට අවශ්‍ය පහසුකම් සහ සේවා ලබා දීම මඟින් වෙනම ආර්ථික ස්ථාරත්වයක් හදා ගැනීමට. ඇත්තෙන්ම අපේ රට පිහිටා තිබෙන්නේ එවැනි වාසිදායක පිහිටීමක. එනිසා අප අපට ලැබී තිබෙන ස්වාභාවික වාසියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත යුතුව තිබෙනවා.

වර්තමානයේ රට තුළ ඇති විශේෂ තත්ත්වය තව කොතරම් කාලයකින් නිමාවට පත් වේ යැයි ඔබට අනුමාන කළ හැකි ද.?

අද පිරිසක් කියනවා දේශපාලන ස්ථාවරත්වය හැදුණොත් ආර්ථිකය ස්ථාවර වෙනවා කියලා. තවත් පිරිසක් කියනවා ආර්ථිකය ස්ථාවර වුණොත් දේශපාලනය ස්ථාවර වෙනවා කියලා. මේකත් කිකිළි සහ බිත්තරය ප්‍රශ්නය වගේ දෙයක්. ඒත් අද රට තියෙන්නේ ඉතාමත් පහළ ආර්ථික තත්ත්වයක. අඩුම ගණනෙ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය මුදල් පවා නැහැ. ඒ නිසා අද තියෙන ඇත්ත තත්ත්වය අප පක්ෂ විපක්ෂ විදිහට නොබෙදී වටහා ගන්න ඕනෑ. ඒ නිසා අද අප කරන්න ඕනෑ පළමු වැඩේ වෙන්න ඕනෙ වාද විවාද කරමින් සිටින එක නොවෙයි, රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා එකතු වීමයි.

අද රට තියෙන්නේ ඉතාමත් පහළ ආර්ථික තත්ත්වයක. අඩුම ගණනෙ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය මුදල් පවා නැහැ. ඒ නිසා අද තියෙන ඇත්ත තත්ත්වය අප පක්ෂ විපක්ෂ විදිහට නොබෙදී වටහා ගන්න ඕනෑ. ඒ නිසා අද අප කරන්න ඕනෑ පළමු වැඩේ වෙන්න ඕනෙ වාද විවාද කරමින් සිටින එක නොවෙයි, රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා එකතු වීමයි.

අපට ඒ දේ ඉක්මනින් කරන්න හැකියාව ලැබුණොත් ඉදිරි වසර කිහිපය තුළ රට පැවැති තත්ත්වයටත් වඩා හොඳ තත්ත්වයකට පත් කර ගැනීමට හැකියාව ලැබෙන එක ස්ථිරයි.

මෙරට ආර්ථිකයට ලොකුම දායකත්වය ලබා දීමට හැකියාව තිබෙන අංශයක් තමයි සංචාරක කර්මාන්තය කියන්නේ. මෙවර අය වැය යෝජනාවලින් අවධානය යොමු කර තිබෙනවා නේද?

ඔව්. අපේ රටට සංචාරක කර්මාන්තයෙන් ලොකු ආර්ථික ගමනක් ආර්ථික ශක්තියක් සපයන්න පුළුවන්.ඒ සඳහා හොඳ සංචාරක ආකර්ෂණය ලැබෙන තැන් වගේම පුරාවිද්‍යාත්මකව ඉතිහාසාත්මකව වටිනාකම් රැසක් ඇති තැන් තියෙනවා. ඒ නිසා අපට විදෙස් සංචාරකයන්ගේ අවධානය මේ දෙසට යොමු කළ හැකි වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. ඒත් අපට මේ අවස්ථාවෙන් හරියාකාර ප්‍රයෝජන ලබා ගැනීමට මෙතෙක් හැකියාව ලැබී නැහැ. එහෙම වුණේ ඇයි කියලා අප සලකා බැලිය යුතුයි.

තායිලන්තය , මැලේසියාව විතරක් නොවෙයි, අපේ අසල්වැසි මාලදිවයින පවා අද වන විට සංචාරක කර්මාන්තය තමන්ගේ ප්‍රධාන විදේශ විනිමය ලබා ගන්නා මාර්ගයක් බවට පත් කර ගෙන තිබෙනවා. ඒ අය එහෙම කළේ නිකම් ඉඳලා නොවෙයි, රටක් විදිහට සැලසුම්ගතව කල්පනා කරලා.තායිලන්ත ජාතිකයකු කල්පනා කරන්නේ විදෙස් සංචාරකයකු හිතන විදිහටයි. තමන් සංචාරකයකු නම් තමන් හිතන්නේ කොහොමද කියලා හිතුවාම අපට සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට පහසුව තිබෙනවා. එසේ සිතන එක රටේ ඉහළම තැන සිට කල්පනා කරනවා නම් අපට සංචාරක කර්මාන්තය ආකර්ෂණීය විදිහට ඉහළ නැන්වීමට හැකියාව ලැබේවි.

 

මහාචාර් ය  සමිත හෙට්ටිගේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ක්වාලාලම්පූර් විශ්වවිද්‍යාලය

 

උදිත ගුණවර්ධන

දිනමිණ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *