මා ජනාධිපති වනවාට අකමැති කට්ටිය ගෝටාභය ජනාධිපතිව රැකගත යුතුව තිබුණා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ
තමා ජනාධිපති වනවාට අකමැති කට්ටිය කළ යුතුව තිබුණේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට තනතුරින් ඉවත් වෙන්න නොදී රැකගැනීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර් ලිමෙන්තුවේ දී ප්‍රකාශ කළේය.
වික්‍රමසිංහ මහතා කීවේ ” ඔයා යන්න එපා ; ඔයා ගියොත් අරූ ජනාධිපත් වෙනවා ” කියා ගෝටාභය ජනාධිපතිතුමා බදාගෙන රැකගැනීම කළ යුතුව තිබු බවයි.
එසේ වුවත්, ගෝටාභය ජනාධිපති යා යුතුම බවත්, යන දිනයක් කියන ලෙසත්, ඉල්ලා ලියුම් යැව්වේ විපක්ෂ නායක තුමා බව ද ඒ මහතා කී ය.
ජනාධිපතිතුමා කීවේ ගෝටාභය ජනාධිපති යා යුතු බව තමා නොකී බවයි.