පුද්ගලික විශ්ව විද්‍යාල අදට අවශ්‍යද?- ලාල් විජේනායක

නිදහස් අධ්‍යාපනය අද රටට හිමිවී ඇති වැදගත්ම දායාදය වේ’ නිදහස් අධ්‍යාපන ක්‍රමය දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් අප රටේ සාක්ෂරතාව ලෝකයේ දියුණුම රටවල පවත්නා වු තත්වයට පත් වී ඇත’ එපමණක්ද නොව පන්ති භේදයකින් තොරව විශ්ව විද්‍යාල අධ්‍යපනය නිදහස්ව ලැබීමට රටේ ඉහලම සුදුසුකම් ලත් ශිෂ්‍යයන්ට අවස්ථාව පෑදී ඇත’ අප සමාජයේ ඉදිරි ගමනට විශාලම රුකුල ලැබී ඇත්තේ නිදහස් අධ්‍යාපනය තුලින්ය’ එපමණක්ද නොව සමාජයේ පන්ති සංක්‍රමණයට (පදඉසකසඑහ) නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වීම ප්‍රධාන සාධකයක් වී ඇත’ ඒ අනුව ඉතා පහල සමාජ ස්ථරයක පුද්ගලයෙකුට ඉහළම සමාජ ස්ථරයකට සංග්‍රාමණය වීමට නිදහස් අධ්‍යාපනය තුලින් අවස්ථාව ලැබී ඇත’ පන්ති භේදය සමාජ ස්ථර අර්ථයෙන් ඉවත් කිරීමට එනම් කුල භේදය වැනි සාධක නොසලකා සමජයේ ඉහළට ගමන් කිරීමට ද නිදහස් අධ්‍යාපනය ඉවහල් වී ඇත’

නිදහස් අධ්‍යාපනයේ යහපත් ප්‍රතිඵලයක් වශයෙන් වැදගත් ප්‍රශ්න කිහිපයක් මතු වී ඇත’ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස අද උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වීමෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදූසුකම් ලබන ශිෂ්‍ය සංඛ්‍යාව දැඩි ලෙස ඉහළ ගොස් ඇත’ පසුගිය වසර විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලත් ශිෂ්‍ය සංඛ්‍යාව 175”000 කට ආසන්න බව වාර්ථා වී ඇත’ ඇත්ත වශයෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම උසස් පෙළ විශයයන් 3කින් සමත් වීම වුවද විශයයන් කිහිපයකින් උසස් පෙළ විශිෂ්ඨව සමත් ශිෂ්‍යයන්ටද විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමේ වරම විශ්ව විද්‍යාල තුළ ශිෂ්‍යයන් බඳවා ගැනීමට ඇති ඉඩකඩ ප්‍රමාණය හේතුවෙන් අහිමි වී ඇති බව පිළිගත් කරුණකි’

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍යයින් 175”000 ට ආසන්න සංඛ්‍යාවක් අතුරින් පසුගිය වසරේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට අවකාශ ලැබී ඇත්තේ 26”000කට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවකට පමණකි’ ඒ අනුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් සපුරා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට අපේක්‍ෂා කරනු ලබන විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට” එනම් සුදුසුකම් ලබන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 4/5කට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමේ අවකාශ අහිමි වී ඇත’ දැනට අප රට තුල ඇති විශ්ව විද්‍යාල සංඛ්‍යාව 14ක් වන අතර එම විශ්ව විද්‍යාල 14 තුළ අධ්‍යාපනය ලැබීමට අවකාශ ඇත්තේ සුදුසුකම් ලබන ශිෂ්‍ය ප්‍රමාණයෙන් 1/5කට පමණි’ ඒ අනුව වසරකට සුදුසුකම් ලබන ශිෂ්‍යයින්ගෙන් 4/5ක් එනම් ශිෂ්‍යන් අති විශාල සංඛ්‍යාවක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට ඇති අපේක්‍ෂාවන් ඉටු කර ගත නොහැකිව කළකිරීමෙන් පසුවන බව අප දනිමු’

සුදුසුකම් ලත් සියළු ශිෂ්‍යයින්ට නිදහස් අධ්‍යාපන ක්‍රමය යටතේ රජයේ විශ්ව විද්‍යාල තුල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසාදීම සිහිනයක් පමණකි’ එය ඉතාමත් ආකර්ශනීය විසඳුම වුවද අපට ඉටු කර ගත නොහැකි කර්තව්‍යයක් වී ඇත’ එසේ සුදුසුකම් ලබන සෑම ශිෂ්‍යයෙකුටම රජයේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබා දීමට නම් අද පවතින රජයේ විශ්ව විද්‍යාල සංඛ්‍යාව 5 ගුණයකින් වැඩි කළ යුතුය’ එනම් අළුතින් විශ්ව විද්‍යාල 70 ක් පමණ ඇති කළ යුතුය’ 1942 දී අප රටේ පළවන විශ්ව විද්‍යාලය එනම් ලංකා විශ්ව විද්‍යාලය කොළඹ පිහිට වීමෙන් පසුව අද වන තුරු එනම් පසුගිය වසර 75ක පමණ කාලය තුළ අපට ඇති කිරීමට හැකි වී ඇත්තේ විශ්ව විද්‍යාල 14ක් පමණකි’ එහෙත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන සෑම ශිෂ්‍යයෙකුටම විශ්ව විද්‍යාල අධ්‍යාපන වරම් ලබා දීමට නම් තවත් විශ්ව විද්‍යාල 70ක් පමණ බිහි විය යුතු වේ’ ඒ සඳහා ගත වන කාලය අපට සිතා ගත හැක’ එහෙයින් එම විසඳුම යථාර්තයක් නොවේ’

එපමණක්ද නොව අද අප රටේ ඇති රජයේ විශ්ව විද්‍යාල බොහොමයක නිසි විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලැබීමට අවශ්‍ය අවම භෞතික හා අධ්‍යාපනික පහසුකම් නොමැති බව රහසක් නොවේ’ අද වන විටද අපගේ විශ්ව විද්‍යාල එකක් හෝ ලොකයේ ඉහළම විශ්ව විද්‍යාල 1000ට ඇතුළත් නොවේ’ අපගේ විශ්ව විද්‍යාල තුළ දැඩි ගුරු හිඟයක් මෙන්ම අවශ්‍ය සම්පත් හිඟයක් පවතින බව අප දනිමු’ ගුරු හිඟය ඉතා බරපතළ ප්‍රශ්නයක් ලෙස මතු වී ඇත’ එහෙයින් නිසි ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන ප්‍රමිතියක් පවත්වාගෙන යෑමටනම් අපගේ අද පවතින රජයේ විශ්ව විද්‍යාල වලට අවශ්‍ය සම්පත් ලබාදීම සිදූකළ යුතුව ඇත’ ඒ සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය බව කිව යුතු මනා නොවේ’

එහෙයින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට අපේක්‍ෂා කරන සියළු දෙනාට විශ්ව විද්‍යාල අධ්‍යාපනය රජයෙන් ලබා දීම යතාර්ථයක් නොවේ’

අප රටේ ජනගහණයේ අනුපාතය අනුව උපාධිධාරීන් සංඛ්‍යාව අවම වශයෙන් දහ ගුණයකින්වත් ඉහළ යා යුතුව ඇත’ සාමාන්‍යයෙන් ජනගහණයෙන් 20්‍ර ක් පමණ උසස් අධ්‍යාපනයක් ලත් පිරිසක් විය යුතුව ඇත’ එහෙයින් අප රට තුළ දැඩි උපාධිධාරී හිඟයක් විශේෂයෙන්ම වෛද්‍යවරුන්” ඉංජිනේරුවන්” ගණකාධිකාරීවරුන් වැනි වෘත්තියමය සුදුසුකම් ලත් විශාල පිරිසක් අවශ්‍ය වී ඇත’ එම අවශ්‍යතාවයන් ඉටු කරන අන්දමේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුව ඇත’ එමෙන්ම උපාධිධාරීන් පමණක් නොව වෙනත් උසස් අධ්‍යාපන මට්ටමක් ඇති පිරිසක් බිහි කිරීමෙන් රටකට කිසිදු ප්‍රශ්නයක් මතු නොවේ’ උගතුන් වැඩි වූ ප්‍රමාණයට එම රට සංස්කෘතික” ආර්ථික හා සමාජයීය වශයෙන් දියුණු රටක් බවට පත් වනු ඇත’ එයින් සමාජ ජීවිතයේ ගුණාත්මක භාවය දැඩි ලෙස ඉහළ යනු ඇත’

එහෙයින් අප රටේ උපාධිධාරීන්ගේ හා වෘත්තිකයින්ගේ ඇති හිඟය අවම කිරීම සඳහා එවැනි උගතුන් බිහි කළ හැකි විකල්ප ක්‍රමයක් කල්පනා කළ යුතුව ඇත’ එයින් එක් වැදගත් පියවරක් වනු ඇත්තේ රජයේ නොවන ප්‍රමිතියෙන් යුත් පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට අවකාශ සලසාදීමය’ අද ලෝකයේ දෙආකාරයක පුද්ගලික විශ්ව විද්‍යාල දැකිය හැක’ වාණිජමය අරමුණු සඳහා ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යනු ලබන විශ්ව විද්‍යාල අද ලෝකයේ සෑම රටකම පාහේ බහුලව දැක ගත හැක’ එමෙන්ම වාණිජමය අරමුණු නොමැතිව ගොඩ නගා පවත්වාගෙන යනු ලබන ඉතා උසස් විශ්ව විද්‍යාලද ලෝකයේ සෑම රටකම පාහේ දක්නට ඇත’ එවැනි විශ්ව විද්‍යාල විශේෂයෙන්ම දානපතියන්ගේ නමින් ඇති කරනු ලබන භාරයන් වශයෙන් මෙන්ම වෙනත් සමාජයේ නොයෙකුත් සංවිධාන වල මැදහත් වීමෙන් ඇති කර ඇති විශ්ව විද්‍යාල වේ’ මෙවැනි විශ්ව විද්‍යාල අප රට තුලද ඇති කිරීමට දිරි දීම අප රට තුල ඇති උපාධිධාරීන්ගේ හා වෘත්තිකයින්ගේ හිඟය කෙටි කාලයක් තුල යම් ප්‍රමාණයක් හෝ විසඳීම සඳහා ගත හැකි ක්‍ෂණික පියවරක් වේ’ එම විශ්ව විද්‍යාල ක්‍රමය සාර්ථක වීමට නම් එවැනි විශ්ව විද්‍යාල ඇති කිරීමට හා පවත්වාගෙන යෑමට ඇති පහසුකම් හා පිළිගැනීම රජයෙන් ලබා දිය යුතුව ඇත’

මෙම විසඳුමට විරුද්ධව ඉදිරිපත් කරනු ලබන ප්‍රධාන කරුණු 2 වන්නේ මෙවැනි විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය හා මෙම විශ්ව විද්‍යාල තුලින් අධ්‍යාපනය ලැබීමට ආර්ථික වශයෙන් ශක්තියක් ඇති පවුල්වල ශිෂ්‍යයන්ට පමණක් අවස්ථාව ලැබෙන නමුත් සුදූසුකම් ලබා ඇති ආර්ථික වශයෙන් දූර්වල පවුල් වලින් මතුවන ශිෂ්‍යයන්ට අවස්ථාවක් නොලැබෙන බවය’ මෙම කරුණු 2 කෙරෙහිම දැඩි අවධානය යොමු කරමින් එම කරුණු තුලින් ඇති විය හැකි අවාසිය අවම කිරීම සඳහා ක්‍රියා කළ යුතුව ඇති අතර එසේ ක්‍රියා කිරීමට නොයෙකුත් ක්‍රියා මාර්ග ඇති බවත් වෙනත් රටවල එවැනි ක්‍රියා මාර්ග ගෙන ඇති බවත් ප්‍රකාශ කළ යුතුව ඇත’

පුද්ගලික විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය උසස් මට්ටමකට පවත්වාගෙන යෑම සඳහා පුද්ගලික විශ්ව විද්‍යාල අධීක්‍ෂණය සඳහා ඉහළම මට්ටමේ අධීක්‍ෂණ කොමිසමක් තිබිය යුතුය’ එවැනි නියාමික ආයතන ලොකයේ බොහෝ රටවල පිහිටුවා ඇති අතර එවැනි ආයතන වලට විශ්ව විද්‍යාල පිහිටුවීමට අවසර දීම මෙන්ම නිරන්තරයෙන් එම විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය අධ්‍යයනය කරමින් ප්‍රමිතිය හීන වූ අවස්ථාවක එම විශ්ව විද්‍යාල පවත්වාගෙන යෑමේ බලපත්‍රය අහිමි කිරීමටද අවසර තිබිය යුතුය’ වෘත්තීන් පිළිබඳව සළකා බැලීමේදී විශේෂයෙන්ම නීතඥ ර්‍ණ වෛද්‍ය” ඉංජිනේරු” හා ගණකාධිකාරී වෘත්තිය වැනි වෘත්තීන්වල නිරත විය හැක්කේ එම වෘත්තිමය මණ්ඩලවල අවසරය ලබා ගැනීමෙන් පසුව පමණකි’ උදාහරණයක් වශයෙන් නීතිඥ වෘත්තියේ යෙදීමටනම් නීති උපාධියක් ලබා ගැනීම පමණක් සුදුසුකමක් නොවන අතර නීති විද්‍යාලයේ නීතිඥ සුදුසුකම ලබා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලියාපදිංචිය ලබාගත් පුද්ගලයෙකු විය යුතුය’ එමෙන්ම වෛද්‍යවරයෙකු වශයෙන් වෘත්තියේ යෙදීමට ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයේ ලියාපදිංචිය ලබාගත යුතුය’ වරලත් ගණකාධිකාරවරයෙකු හෝ වරලත් ඉංජිනේරුවරයෙකු වශයෙන් සේවයේ යෙදීමටනම් එම වෘත්තීන්වල වරලත් මණ්ඩල වල අවසරය ලබාගත යුතුය’ එමෙන්ම මෙම වෘත්තීන් වල යෙදීමට උපාධියක් ලබා ගැනීමෙන් පමණක් අවසරයක් නොලැබෙන අතර එම වෘත්තියේ වෘත්තීමය මණ්ඩල වල අවසරය ලබා ගතයුතුය’ ඒ අනුව ප්‍රමිතියෙන් තොර පුද්ගලයෙකුට වෘත්තියෙහි යෙදීමට මෙම වෘත්තීය මණ්ඩලවලින් අවසරයක් නොලැබෙනු ඇත’ අද රට තුල පවතින නීතිය යටතේද පුද්ගලික විශ්ව විද්‍යාල තුලින් උපාධි පිරිනැමීම සඳහා අවසර ලබා ගත හැක’ එවැනි අවසරයක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන සභාවෙන් ලබා ගත හැකි අතර එවැනි අවසර ලබා ගෙන උපාධි පිරිනමනු ලබන පුද්ගලික විශ්ව විද්‍යාල ගණනාවක් අප රට තුල පිහිටුවා ඇත’ අද බොහෝ කථා බහට ලක්වී ඇති ී්ෂඔඵ විශ්ව විද්‍යාලයද එවැනි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපාධි පිරිනැමීම සඳහා අවසර ලබාගෙන ඇති එක් විශ්ව විද්‍යාලයකි’ එම විශ්ව විද්‍යාලයෙන්ද පිටවන උපාධිධාරීන්ට වෙනත් පුද්ගලික විශ්ව විද්‍යාලවලින් පිටවන්නා වූ උපාධිධාරීන්ට මෙන්ම එම වෘත්තීවල නිරත වීම සඳහා එම වෘත්තීය මණ්ඩල වල අවසර ලබා ගත යුතුව ඇත’ එම වෘත්තීය මණ්ඩල වලින් නියම කර ඇති ප්‍රමිතියට අනුකූල වන ආකාරයේ දැනුමක් ලබා නොමැති සිසුවෙකුට එම වෘත්තියේ යෙදීමට නීතියෙන් අවසරයක් නොමැත’ එහෙයින් ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය එතරම් බැරෑරුම් ප්‍රශ්නයක් නොවන බව නියාමනය කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් ඇති බව සැළකිය යුතුව ඇත’

දෙවනුව ඇති ප්‍රශ්නය වන ආර්ථික වශයෙන් දුර්වල පවුල්වල ශිෂ්‍යයන් යම් ප්‍රමාණයක් හෝ දක්‍ෂ කමක් අනුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීම සඳහා ක්‍රමයක් ලෝකයේ විශ්ව විද්‍යාල පද්ධති තුල ඇති කර ඇත’ විශේෂයෙන්ම දක්‍ෂ සිසුන්ට පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ක්‍රමය එයින් එකකි’ අනිවාර්යයෙන්ම වාණිජමය නොවන විශ්ව විද්‍යාල වල ස්ථාන සියයට ගණනක් දක්‍ෂ එහෙත් ආර්ථික ශක්තියක් නොමැති ශිෂ්‍යයන් සඳහා වෙන් කරනු ලැබේ’ එමෙන්ම වාණිජමය වශයෙන් පවත්වාගෙන යනු ලබන පුද්ගලික විශ්ව විද්‍යවල වල 10්‍ර හා 20්‍ර අතර ස්ථාන දක්‍ෂ එහෙත් ආර්ථික වශයෙන් දුර්වල ශිෂ්‍යයන් සඳහා වෙන් කිරීමට නීති ඇති කළ හැක’ එවැනි නීති ලෝකයේ වෙනත් රටවල කිහිපයකද සම්මත කර ඇත’

මෙම කරුණු අනුව පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට විරුද්ධ වීමට කිසිදු හේතුවක් නොමැති බව කිව යුතුව ඇත’

වසර ගණනාවක් අප රට තුළ පුද්ගලික විශ්ව විද්‍යාල ක්‍රමය ක්‍රියාත්මක වෙමින් තිබිය දී විශේෂයෙන් අද වැදගත් කරුණක් ලෙස මතු කර ඇත්තේ ී්ෂඔඵ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව ඇති ප්‍රශ්න තුලින්ය’ අප රටේ වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබා එහෙත් රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුල් වීමට අවකාශයක් නොලැබුණු ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා විදේශීය විශ්ව විද්‍යාල වලට ඇතුළු වී වෛද්‍ය වෘත්තියේ යෙදීමට සුදුසුකම් ලබා ඇති බව රහසක් නොවේ’ එම විදේශීය විශ්ව විද්‍යාල තුලින් වෛද්‍ය උපාධි ලබා ගැනීම සඳහා මුදල් විශාල ප්‍රමාණයක් යෙදවීමට සිදුවන බවද රහසක් නොවේ’ එවැනි අවස්ථාවක් ලබා ගත හැක්කේ ඉතාමත්ම ආර්ථික වශයෙන් ශක්තිමත් පවුල්වල දරුවන්ට පමණකි’ එපමණක්ද නොව අප රටේ මුදල් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් වසරකට රටින් බැහැර වන බව අප දනිමු’ එහෙයින් ප්‍රමිතියෙන් යුත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් අප රට තුළ පිහිටුවීම පිළිබඳව විරුද්ධ වීමට කිසිදූ හේතුවක් නොමැත’ එමඟින් අප රටේ දැවෙන ප්‍රශ්න කිහිපයකට විසඳුම්ද ලබා ගත හැකිව ඇත’ එමඟින් අප රටින් බැහැර වන විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට අවස්ථාවක් සැළසෙනවා මෙන්ම එම විශ්ව විද්‍යාල වලට විදේශීය සිසුන් ඇතුළත් කිරීමෙන් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට අවස්ථාව සැළසෙනවා ඇත’ එමෙන්ම අද රටේ ඇති දැඩි වෛද්‍ය හිඟය මග හරවා ගැනීමට අවකාශයක් මෙම පුද්ගලික වෛද්‍ය විද්‍යාල හේතුවෙන් ඇති වනවාට සැකයක් නැත’

එහෙයින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රමිතියකින් යුතුව පවත්වා ගැනීම සඳහා සියළු ආධාර හා අනුබල රජයෙන් ලැබිය යුතුය’ එමඟින් රජයේ විශ්ව විද්‍යාල තුලින් අවස්ථාව නොලැබුණු සුදූසුකම් ලත් යම් ශිෂ්‍ය ප්‍රමාණයකට විසඳුමක් ලබා ගැනීමට අවකාශ ලැබෙනු ඇත’ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමේදී එම ආයතනය මඟින් ක්‍රියාත්මක කරනු ලබන රෝහලක් ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කළ හැක’ එවැනි ශක්තියක් එම විශ්ව විද්‍යලයකට නොමැති අවස්ථාවක රජය හා එම විශ්ව විද්‍යාල එක්ව එවැනි රෝහල් පවත්වාගෙන යෑමේ ක්‍රමයක් ද ඇති කළ හැක’ එපමණක්ද නොව පවතින රජයේ රෝහල් තුලින් එම ශිෂ්‍යයින්ට අවශ්‍ය සායනික දැනුම ලබා ගැනීම සඳහා රජය මඟින් යම් මුදලක් අය කර එය ලබා දිය හැක’ එමඟින් රජයටද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටද යම් ආදයමක් ඉපැයීමේ ක්‍රමයක් සපයා ගත හැක’ මෙවැනි ප්‍රශ්න වලට විසඳුම් සෙවීම එතරම් අපහස් කාර්යයන් නොවේ’

නමුත් අප රටේ අද ප්‍රශ්නය වී ඇත්තේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මෙවැනි ප්‍රශ්න පිළිබඳව ගන්නා වූ රටට අහිතකර ඉතා පටු ආකල්ප තුලින් යුත් ප්‍රතිගාමී ස්ථාවරක් යන්නය’ රජයේ වෛද්‍ය සංගමය වෛද්‍යවරුන්ගේ ඒකාධිකාරියක් පවත්වාගෙන යෑම සඳහා වෛද්‍ය වෘත්තිය පළල් වීමට විරුද්ධව ක්‍රියා කරන බව රහසක් නොවේ’ එයට හොඳහ උදාහරණය උසස් වෛද්‍ය සේවයක් පවත්වාගෙන යෑම සඳහා අත්‍යාවශ්‍ය වූ සම සෞඛ්‍ය සේවයේ තත්වය උසස් කිරිම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආරම්භ කළ සම සෞඛ්‍ය පීඨයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලැබීමට දැක්වූවා වූ විරෝධය වේ’ ඔවුන් එම සිසුන්ට අවුරුදූ4 ක පාඨමාලාවක් ලබා දීමට තරයේ විරුද්ධ විය’ එයට සමීපතම හේතුව වන්නේ එම සම සෞඛ්‍ය සිසුන්ගේ දැනුම තම දැනුමට සමීප වීම වැළැක්වීමය’ ලෝකයේ කිසිදූ වෛද්‍ය සංගමයක් සම සෞඛ්‍ය සේවකයන්ගේ එම දැනුව උසස් කිරීමට විරුද්ධවේ යැයි සිතිය නොහැක’ එම අවුරුදු 4ක පාඨමාලාව අනුව සම සෞඛ්‍ය සේවකයන්ගේ උපාධියේ මට්ටම ඉහළ මට්ටමක පැවතියේ නම් ඔවුන්ට අප රට තුළ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක සම සෞඛ්‍ය අංශයේ රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව එළැඹෙනු ඇත’ එහෙත් කණගාටුවට කරණ නම් වෛද්‍යවරුන්ගේ සංගමය රෝගීන් ප්‍රාණ ඇපකරුවන් ලෙස භාවිතා කරමින් එම පීඨයේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමය’ එපමණක්ද නොව මෑතකදී ඉන්දියානු ආණ්ඩුවෙන් ගිලන් රථ නවසිය ගණනක් රජයට ප්‍රධානය කිරීමට ඉදිරිපත් වූ අවස්ථාව්දීද රජයේ වෛද්‍ය සංගමය කිසිදු පදනමක් නොමැති හේතූන් දක්වමින් එම ක්‍රියාවලියට පවා විරුද්ධ වීම පුදුමයට කරුණකි’ එහෙත් රජය එම විරෝධතාවයන් නොසළකා එම ගිලන් රථ ලබාගැනීම හා එම ගිලන් රථ භාවිතය පිළිබඳ අප රියදූරන්හට ඉන්දියාවේ පුහුණුව ලබා දීම ප්‍රසංශා කළ යුතුය’ මෑතකදී අක්‍ෂි කාච අක්‍ෂි රෝගීන්ට ලබා දිමට රජය තීරණය කළ අවස්ථාවේදීද වෛද්‍ය සංගමය එයට හරහට කරුණු ඉදිරිපත් කිරීම තේරුම් ගත නොහැක’ සේනක බිබිලේ වෛද්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටද ලොකුම බාදකය වෛද්‍ය සංගමය බව ඔවුන් සෘජුව ප්‍රකාශ නොකළත් තේරුම් ගත හැකිව ඇත’ එමෙන්ම පුද්ගලික වෛද්‍ය සේවය” රජයෙන් පිරිනමනු ලබන වාහන බලපත්‍ර ලබා ගැනීම වැනි වරප්‍රසාද සඳහා ඔවුන් රෝගීන් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් තබා ක්‍රියා කරනු ලබන නමුත් වෛද්‍ය සේවයට බලපාන ප්‍රධාන ප්‍රශ්නය වන වෛද්‍ය හිඟය සඳහා විසඳුමක් ලබා ගැනීමට ඔවුන්ගේ මැදහත් වීමක් දක්නට නොලැබේ’

එහෙයින් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ප්‍රශ්නය රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමයේ අදහස් පසෙකලා සළකා බැලිය යුතුව ඇත’ අපට අද එක් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පමණක් නොව පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගණනාවක් අවශ්‍යව ඇත’

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *