ජනාධිපතිගේ ආරාධනය නිසා අයවැයට විරුද්ධ වීමෙන් වැළකී සිටියා – දෙමළ ජාතික සන්ධානය

 

ආණ්ඩුවේ 2023 අයවැය ලේඛනය සම්බන්ධයෙන් ඊයේ පැවති ඡන්ද විමසීමේ දී  දෙමළ  ජාතික සන්ධානය අයවැයට විරුද්ධව ඡන්දය දීමට සිටි නමුත් ජනපති උතුර නැගෙනහිර ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා  ආරාධනා කර තිබෙන හෙයින් අයවැයට ඡන්දය දීමෙන්  වැළකී සිටීමේ තීරණයට එළඹි බව දෙමළ ජාතික සන්ධානයේ  යාපනය  දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා අද  පාර්ලිමේන්තුවේදී පැවසීය.

දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීම සඳහා ආරාධනා තිබෙන වෙලාවේ අයවැයට විරුද්ධව ඡන්දය දීම හොඳ නැති බව සිතා ඡන්දය දීමෙන් වැළකී සිටි බව ද එම්.ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේය.

අයවැය කාරක සභා අවස්ථා විවාදය ට සහභාගී වෙමින් එම්.ඒ සුමන්තිරන් මහතා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *