විපක්ෂ නායක සජිත් අද මහින්ද රාජපක්ෂ මහතාගේ හොඳ අනුගාමිකයෙක් වෙලා – ජනාධිපති රනිල් මැතිසබයේ දී කියයි

 

විකිණිය යුත්තේ පාඩු ලබන ආයතන පමණක් බව මහින්ද රාජපක්ෂ මහතා ඊයේ කී බවත්, අද එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද කී බවත්, ඒඅනුව මහින්ද රාජපක්ෂ මහතාට හොඳ අනුගාමිකයකු ලැබී ඇති බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේය.

ජේ ආර් ජවර්ධන මහතාගේ පාලනය යටතේ ආර්ථිකය විවෘත කළ ද එහි ඊළඟ පියවර ලෙස පුද්ගලිකකරණය ආරම්භ කළේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ 1989 දී බව ත්, එදා කළ පෞද්ගලිකකරණයේ දී ද විකිණුවේ ලාභ ලබන ආයතන බව වික්‍රමසිංහ මහතා පැවසීය. ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ එම කටයුතු කළේ එවකට ර්කමාන්ත ඇමතිව සිටි තමා බව ද ඒ මහතා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක් වෙමින් මේ අදහස් පළ කළේය..

එහිදී රජයේ ආයතන පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් සිදු කළේය.

විපක්ෂ නායක තුමා කිව්වා පාඩු ලබන ඒවා විකුණන්න. ලාභ ලබන ඒවා විකුණන්න එපා.. කුණු කොල්ලයට කියලා. මේ රටේ පුද්ගලීකරණය කරන එක පටන් ගත්තේ ඉතින් ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ. මමයි ඒක ආරම්භ කළේ.. ර්කමාන්ත ඇමති හැටියට.” 

අපි පළමුවෙන්ම විකුණුවේ යුනයිටඩ් මෝටස්. ලාභ ලබන ආයතනයක්. දෙවනුව සිලෝන් ඔක්සිජන්. ලෙදර් කෝපරේෂන්. ටයර් කෝපරේෂන්. ලංකා මිල්ක් ෆුඩ්. මේ ඔක්කොම ලාභ ලබපු ඒවා. ඊළඟට වැවිලි සමාගම්.” 

“77 ජයවර්ධන මැතිතුමා ආර්ථිකය විවෘත කළා. ප්‍රේමදාස 89 ඊළඟ පියවර ගත්තා. ඒ තමයි රජයේ පාලනය ඉවත් කරන්න. සමහර අංශ පුද්ගලික අංශයට භාර දෙන්න. මේක අපි උදාහරණයක් කරගත්තේ චීනයෙන්. දැනුත් බලන්නේ ඒක කරන්න. අපි බැලුවේ ලාභ ලබන ඒවා කරන්න.”

ඊයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා අලාභ ලබන ඒවා විතරයි විකුණන්න ඕනේ කියලා. අද එතුමගේ සහයෝගයට විපක්ෂ නායකතුමත් කියනවා අලාභ ලබන ඒවා විතරයි විකුණන්න ඕනේ කියලා. ඔන්න ඔබතුමාට හොඳ අනුගාමිකයෙක් ඉන්නවා.” 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *