ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉහත සඳහාන් ප්‍රකාශය කළේ. සැප්තැම්බර් 13වෙනිදා කින්ස්බරී හෝටලයේ දී, මලිත් ජයතිලක ලියූ ”මා දුටු සැප්තැම්බර් 08” කෘතිය එළිදැක්වීමේ උත්සවයේ දී ය. ආණ්ඩුවේ, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අයත් මැති ඇමතිවරුන් කිහප දෙනෙකුම සහභාගි වූ මෙම රැස්වීමේ දී ජනාධිපතිවරයා කළ ඉහත ප්‍රකාශයට අනුව පෙනී යන්නේ මලිත් ජයතිලක ද රාජපක්ෂලාට එරෙහිව හඬ නගන්නට ඉදිරිපත් වී සිටින්නේ මෑතක දී බව ය.
2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ සිදුවූ දේශපාලන පෙරලියේ සින්නක්කර අයිතිය ලියාගැනීමේ වෑයමක් ලෙස හැඳින්විය හැකි මේ කෘතිය දොරට වැඩීමේ උත්සවයේ දේශන පැවැත් වූ. ශිරාල් ලක්තිලක හා අනුරුද්ධ ප්‍රදීප් යන දෙනදෙනාගේම කථා වලින් සෝභිත හිමියන් ගිලිහුනේ කෙසේ ද ? යන්න එම රැස්වීමට සහභාගි වූ ඇතැමෙකුට ප්‍රශ්නයක් විය.
කෙසේ නමුත් ජනවාරි 18 වෙනිදාට බොහෝ කලකට පෙර, පොදු අපේක්ෂකයා පිළිබඳ අදහස ඉදිරියටගත් සෝභිත හිමියන් ව ප්‍රථමයෙන්ම සිහිපත් කළ ජනාධිපතිවරයා පැවසුවේ ජනවාරි 08 වෙනිදා සටන ජනතාවරගේ සටනක් බව ය. උත්සවයේ ප්‍රධාන දේශකයා වූ ශිරාල් ලක්තිලක ජනවාරි 08 සංසිද්ධිය මලිත් ජයතිලක, හෙළ උරුමය හා වැනි සංවිධාන ප්‍රමුඛව කළ වැඩක් බව ඇඟවීමට මහත් සේ උත්සහ ගත් බවක් පෙනෙන්නට තිබුනි. මෙම පොත දොරට වැඩීමේ උත්සවයට ගලගොඩ අත්තේ ඥානසාරගේ, නැත්නම් බොදුබල සේනා සංවිධානයේ ගිහි අනුශාසක ඩිලන්ත විතානගේ ද පැමිණ සිටි බව ද සැළකිල්ලට ගතයුතු ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *