කොන්දේසි විරහිතව අයවැයට ඡන්දය දෙන්න පොදුජන පෙරමුණ තීරණය කළා – ඇමැති ප්‍රසන්න රණතුංග

 

කොන්දේසි විරහිතව‍ අයවැයට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට අවශ්‍ය උපරීම සහාය ලබාදීමට පොදුජන පෙරමුණ කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බවද කටුනායක ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කියාසිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුර්ණ සහයෝගයෙන් පත්කර ගත් ජනාධිපතිවරයා සමග එකඟතාවයෙන් කටයුතු කරන බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *