මහින්ද දැඩි ලෙස වියරු වැටෙයි..!

එක් පැත්තකින් තමන්ගේ වයසත් සමග තමන්ට මාරයා අතවනන්නේය. අනෙක් පැත්තෙන් තමන් ගේ දේශපාලන ව්‍යාපෘතිය දවසින් දවස බිඳි ඉසිරෙමින් පවතී. කඩා වැටෙන තම අනාගතය හමුවේ මහින්ද රාජපක්ෂට නැතිවන දෑ බොහෝය. ඒ අතරින් ප්‍රධාන වි ඇත්තේ ගිලෙන නැවෙන් මීයන් එලියට පනින්නාක් මෙන් තමන් ගෙන් දවසින් දවස වියෝවෙන දෙශපාලන සගයන් ගේ හිතවතුන්ගේ ප්‍රමාණයයි.

මේ වන විට වියෝවෙමින් සිටින සඟයින් දෙදෙනා වී ඇත්තේ මහින්දානන්ද සහ වෙල්ගමයන් බව වාර්තාවේ. මහින්ද යාපා ටද දැන් දැන් මහින්ද සමග අනාගත ගමනක් නොමැති බවත් තම දරුවාගේ දේශපාලන අනාගතයද අඳුරට හෙලා ඇති බවත් හිතවතුන් අතර කතා බස් කරමින් සිටින බවත් වාර්තාවේ. ඒ නිසා මහින්ද සිටින්නේ ‘ගෙදර ගියොත් අඹු නසී, මග සිටියොත් තෝ නසී’ යන තත්වයකය. ස්වභාවධර්මයේ යථාර්තයද මෙයයි.
දිනෙන් දින අභාවයට යන මහින්දගේ පංචස්කන්ධයත්, ගොඩ ඒමක් නැති රාජපක්ෂ පවුල වටා ඇති වංචා දූෂණ නඩු හමුවේ කඩාවැටෙන දේශපාලනයත් හමුවේ මහින්ද මේ දිනවල දැඩි වියරුවෙන් පසුවන බව මහින්ද අසල ගැවසෙන බෝහෝ අය වැඩිදුරටත් පවසයි.

colomboxnews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *