“අපි හැප්පිලා බලමු” – ඩයනා – සජිත්ට අභියෝග කරයි

 

බ්ලේඩ් තලවලින් මාර ගස් කැපීමට බලාපොරොත්තු නොවන ලෙස සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.

” මම මන්ත්‍රීධූරයෙන් පැන්නීමට එතුමා ලොකු උත්සාහයක් ගන්න බව මට ආරංචි වෙනවා. නන්නත්තාර වෙලා ඉන්න කොට මම තමයි එතුමට පක්ෂය දුන්නෙ. එතුමට ඒ ගැන කෙළෙහි ගුණයක් තියෙන්න ඕන. මම දන්න තරමින් එතුමට කෙළෙහි ගුණයක් නැහැ. අපි හැප්පිලා බලමු” යැයිද ඇය සඳහන් කළාය.

ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

නිලධාරීන් අතින් සිදුවන හොරකම් නැවැත්වූයේ නම් මේ රට දියුණු කළ හැකි බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය නෙළුම් කුළුන සඳහා බිලියන ගණනක ආයෝජනයක් තමා ඊයේ ගෙනා බව ප්‍රකාශ කළාය.

ලබන වසර වනවිට එහි ණය සියල්ල ගෙවා අවසන් කළ හැකි වනු ඇතැයි ද ඇය කීවාය.

ත්‍රෛලෝක විජය පත්‍ර තායිලන්තය වැනි බෞද්ධ රටක නිත්‍යානුකූල නම් එවැනි දෙයක් ශ්‍රී ලංකාවේ නිත්‍යානුකූල කළ නොහැක්කේ මන්දැයි ප්‍රශ්න කළ ඩයනා ගමගේ මහත්මිය කංසා අපනයනයේ වටිනාකම ගැන මේ සභාවේ ඉහළින් කතා කළ රාජිත සේනාරත්න මහතාට ස්තූතිවන්ත වන බවද පැවසුවාය.

ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් පවා තෛලෝක විජය පත්‍ර ගැන සෘණාත්මකව කතා කිරීම ගැන තමා කනගාටු වන බව කනගාටුවන බවද ඇය වැඩිදුරටත් කීවාය.

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *