|

මුල්‍ය අරමුදලේ සහය ගැනීමට , ණය ප්‍රතිව්‍යුහගත කරණයට ජාතික ජන බලවේගයත් එකඟයි

 

වත්මන් ආර් තික ර්අබුදයට විසදුම්   සෙවීමේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම අවශ්‍ය බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය, ඉන්දියාව සහ අනෙක් රටවල් සමග සාකච්ඡා කළ යුතු බවත්, විදේශ ප්‍රේෂණ ගෙන්වාගත යුතු බවත්, ජාතික ජන බලවේගයේ ආර් තික කවුන්සිලය ප්‍රකාශ කරයි.

” බදු බර අහසට අයවැය කාටද ? ” මැයෙන් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය පෙරේදා (17) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වූ සම්මන්ත්‍රනයක දී මෙම අදහස් ප්‍රකාශ වී ය.

“ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ රටේ ණය ප්‍රශ්නය විසඳන්නේ කෙසේද ? ” යනුවෙන් එහි දී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකා කැලණිය විශ්ව විද්‍යාලය ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළේ ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය මෙන් ම ණය ප්‍රතිව්‍යුහගත කරණය ද අවශ්‍ය බව යි.

කුමන ආණ්ඩුවක් ආවත්, ණය ප්‍රතිව්යුහගතකරණයට චීනය විරුද්ධ විය හැකි බව කී මහචාර් ය වරිය ඒ සඳහා චීනය , ඉන්දියාව සහ අනෙක් රටවල් සමග වෙන වෙන ම සාකච්ඡා කළ යුතු බව ද කීය.

විදේශ ප්‍රේෂණ ගෙන්වා ගැනීමට ඔවුන්ගේ විශ්වාසය දිනාගත යුතු බවත්, වසර දෙක, පහ ආදී වශයෙන් කොන්ත්‍රාත් මත විදේශ රැකියා සඳහා යැවීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැගිය යුතු බවත්, එතුමිය වැඩි දුරටත් පැවසී ය.

එමෙන් ම අපනයන ර්වධනය කිරීමේ අවශ්‍යතාවය ද මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය අවධාරණය කළාය.

ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සමුළුවේ ප්‍රධාන දේශනය කළේය.

මෙම සම්මන්ත්‍රණය සඳහා ජාතික ජන බලවේගයේ ආර්ථීක කවුන්සිලය නියෝජනය කරමින් කැළණිය විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අංශයේ මහාචාර්ය සීතා බන්ඩාර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දයානන්ද අම්බලන්ගොඩගේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති, ශ්‍රී ලංකා පරිපාලන ආයතනයේ හිටපු ‌‌ජේෂ්ඨ උපදේශක කතිකාචාර්ය ශාන්ත ජයරත්න, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ, වරලත් ගණකාධීකාරි, ආර්ථික විශ්ලේෂක සුනිල් ගමගේ යන අය එක් වී සිටියහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *