අයවැයෙන් තේරුම් ගත යුතු එක ම කාරණය මාස හතරකින් ඡන්දයක් එන බව යි – ජාජබ් විධායක සභික සුනිල් හඳුන්නෙත්ති

 

රටේ මෙතරම් බරපතළ ප්‍රශ්න තිබිය දී මාස හතරක් දිළිඳු සහන දෙන්න අයවැයෙන් රුපියල් කෝටි 4300 ක් අලුතින් වෙන්කර ඇති බවත්, එහි තේරුම නම් මාස හතරක දී ඡන්දයක් එන බව බවත්, ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුනෙත්ති මහතා ප්‍රකාශ කළේය.

මාස හතරක දී ඡන්දයක් ඒම ගැන සැකයක් තිය ගන්න එපා යැයි ද ඒ මහතා පැවසීය.

අයවැය සම්බන්ධයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ පැවති සම්මන්ත්‍රනයක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

සුනිල් හඳුන්නෙත්ති මහතා කීවේ දිළිඳු සහන සඳහා මාස හතරකට විශාල මුදලක් වෙන් කර ඇත්තේ එම මාස හතර තුළ ඡන්දයක් එන නිසා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *