|

පණ අදින ආර්ථිකයට උත්තේජනයක් – සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තු

 

මරණ තුනක් මැද පැණි කෑ කතාවක් අපි අසා ඇත්තෙමු. ආර්ථික වශයෙන් රටේ එවැනි පරිසරයක් පවතිද්දි 2023 වසර සඳහා වන අය වැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයා විසිනි.

මේ ඒ අය වැය යෝජනා පිළිබඳ විමසුමකි. මේ විමසුම, විග්‍රහය කරන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තුය. මෙරට පමණක් නොව ජාත්‍යන්තරය ද පිළිගත් මේ උගතා සහ බුද්ධිමතා රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපතිවරයා ද වෙයි. මේ 2023 වසර සඳහා වන අය වැය යෝජනා පිළිබඳ ඒ ආර්ථික විද්‍යාඥයාගේ විග්‍රහයයි.

මෙදා අය වැය යෝජනා දෙස බැලිය යුත්තේ නිරපේක්ෂව නොව රටේ පවතින ආර්ථික තත්ත්වයට සාපේක්ෂවය. මෙය ලංකා ඉතිහාසයේ අභියෝගාත්මක අය වැයකි. මේ අය වැය ඉදිරිපත් කරන ආර්ථික පසුබිම ඛේදනීයය. රටේ ආර්ථිකය පවතින්නේ ලබාගත් ණය ගෙවා ගන්නට බැරි බංකොලොත් තත්ත්වයකය. විදේශ විනිමය සංචිත මුළුමනින්ම සිඳී ගොසිනි. ආනයන දැඩි ලෙස පාලනය කර තිබේ. උද්ධමනය ඉතිහාසයේ නොවූ විරූ ලෙස ඉහළ ගොසිනි. පොදු උද්ධමනය සියයට 70ක් පමණ දක්වා ඉහළ ගොසිනි.

මෙය ලංකා ඉතිහාසයේ අභියෝගාත්මක අය වැයකි. මේ අය වැය ඉදිරිපත් කරන ආර්ථික පසුබිම ඛේදනීයය. රටේ ආර්ථිකය පවතින්නේ ලබාගත් ණය ගෙවා ගන්නට බැරි බංකොලොත් තත්ත්වයකය. විදේශ විනිමය සංචිත මුළුමනින්ම සිඳී ගොසිනි. ආනයන දැඩි ලෙස පාලනය කර තිබේ. උද්ධමනය ඉතිහාසයේ නොවූ විරූ ලෙස ඉහළ ගොසිනි. පොදු උද්ධමනය සියයට 70ක් පමණ දක්වා ඉහළ ගොසිනි.

ආහාර උද්ධමනය හෙවත් ආහාර මිල සියයට 85 කින් පමණ ඉහළ ගොස් තිබේ. රටේ ජනගහනයෙන් භාගයක් පමණ ආහාර අර්බුදයකට මුහුණ දී සිටිති. පොලී අනුපාත සියයට 30ක් තරම් ඉතා ඉහළ මට්ටමක පවතී. ආර්ථික කටයුතු නිතිපතා හැකිළෙයි. 2022 දී ආර්ථිකය සියයට 9 කින් හැකිළෙන බවට ඇස්තමේන්තු කර තිබේ. ආර්ථික වර්ධනය ඍණ සියයට 9ක් වන බව ඉන් කියැවෙයි. 2023 දී ද සියයට 4.5 කින් ආර්ථිකය හැකිළෙන බවට ඇස්තමේන්තු කර තිබේ.

 

 

 

2021 දී ලංකා ආර්ථිකයේ විශාලත්වය ඇමෙරිකන් ඩොලර් බිලියන 85කි. 2022 දී එය ඩොලර් බිලියන 65 දක්වා පහළ වැටී තිබේ. ආර්ථිකය හැකිළෙන තරම ඉන් අවබෝධ කරගත හැකිය. 2023 වසර සඳහා වන අය වැය ඉදිරිපත් කර තිබෙන්නේ එවැනි පසුබිමකය.

දැන් අප කළ යුතුව තිබෙන්නේ ආර්ථික පුනරුත්ථාපනයකි. එය මේ අය වැයේ ප්‍රධාන අපේක්ෂාවකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැන් අපට තිබෙන එකම විකල්පයයි. නැඟී සිටීමට අත දෙන්නේ මූල්‍ය අරමුදලයි. ණය දීමට කොන්දේසි පනවා තිබේ. ණය ගෙවීමට හැකියාව තිබෙන බව නැතහොත් ණය තිරසාර බව අප ඔවුන්ට පෙන්විය යුතුය. එය කළ හැක්කේ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමෙනි. රජයේ බදු ආදායම වැඩි කරගන්නා බව පෙන්විය යුතුය. ණය ගැනීමේ අවශ්‍යතා අඩු බව පෙන්විය යුතුය. වියදම් අඩුය, ආදායම් වැඩිය කියා පෙන්විය යුතුය. අය වැය හිඟය අඩුකර ගන්නා බව ප්‍රදර්ශනය කළ යුතුය. ණය ගෙවීමට හැකියාව තිබෙන බව පෙන්විය යුතුය. විශේෂඥයන් දෙදෙනකු පත්කරගෙන සිටින්නේ ඒ සඳහාය.

ණය ප්‍රතිව්‍යූහගත කර ගැනීමේ කටයුතු සඳහා පත්කරගෙන සිටින ඔවුන් දෙදෙනා අතර  ආර්ථික විශ්ලේෂයකු සේම නීති උපදේශකයෙක් ද සිටියි. ණය හිමියන් සමඟ සාකච්ඡා කරන්නේ ඔවුන්ය. ගෙවිය යුතු ණය ප්‍රමාණය හැකි තරම් අඩුකර ගැනීම ඔවුන්ගේ වගකීමයි. එහෙත් අද පවතින්නේ ණය ප්‍රතිව්‍යුහගත කරගත නොහැකි තත්ත්වයකි.

ණය දුන් රටවල් විශේෂයෙන් ඉන්දියාව සහ චීනය තවමත් ණය ප්‍රතිව්‍යුහගත කරණයට තම කැමැත්ත දී නැත. චීනය කියන්නේ තමන් ඊට අකැමැති බවය. චීනයේ අකැමැත්ත දිගටම පැවැතුණහොත් මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීමට ද අපට නොහැකි වෙයි. එසේ වුවහොත් අපේ රට තව තවත් බරපතළ තත්ත්වයකට ඇද වැටෙයි.

ජනාධිපතිවරයා අය වැය යෝජනා ඉදිරිපත් කළේ රට එවැනි පසුබිමක පවතිද්දීය.ඒ අය වැය යේජනාවල ප්‍රධාන අරමුණු දෙකක් මම දකිමි. ආර්ථිකයේ දැනට පවතින අස්ථාවර බව නැති කිරීම ඉන් එකකි. මූල්‍ය අරමුදල අපෙන් බලාපොරොත්තු වන්නේ ද එයයි. සාර්ව ආර්ථික ස්ථාවරත්වය මූල්‍ය අරමුදලේ බලාපොරොත්තුවයි. අප අය වැය හිඟය අඩු කරගත යුතුය. උද්ධමනය ද අඩුකර ගත යුතුය. අනවශ්‍ය ලෙස මුදල් අච්චු ගැසීම නැවැත්විය යුතුය. ඒ සඳහා නැතහොත් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සඳහා මේ අය වැයෙන් පියවර ගණනාවක් යෝජනා කර තිබේ.

අය වැය යේජනාවල ප්‍රධාන අරමුණු දෙකක් මම දකිමි. ආර්ථිකයේ දැනට පවතින අස්ථාවර බව නැති කිරීම ඉන් එකකි. මූල්‍ය අරමුදල අපෙන් බලාපොරොත්තු වන්නේ ද එයයි. සාර්ව ආර්ථික ස්ථාවරත්වය මූල්‍ය අරමුදලේ බලාපොරොත්තුවයි. අප අය වැය හිඟය අඩු කරගත යුතුය. උද්ධමනය ද අඩුකර ගත යුතුය. අනවශ්‍ය ලෙස මුදල් අච්චු ගැසීම නැවැත්විය යුතුය. ඒ සඳහා නැතහොත් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සඳහා මේ අය වැයෙන් පියවර ගණනාවක් යෝජනා කර තිබේ.

මේ අය වැය ඉදිරිපත් කිරීමට පෙර ගෙනා අතුරු අය වැයෙන් බදු අනුපාත සහ ප්‍රතිපත්ති වෙනස් කළේය. එමගින් දැනට සියයට 8ක පමණ තිබෙන රජයේ බදු ආදායම සියයට 15ක් දක්වා ඉහළ නංවා ගැනීමට බලාපොරොත්තු වෙයි. රජයේ වියදම් අඩුකර ගැනීමට ද අපේක්ෂා කරයි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා කර තිබෙන්නේ ඒ සඳහාය. මුදල් සැපයුම අඩුකර ගැනීම සඳහා බැංකුවලින් ණය ගැනීම අවම කරගැනීමට ද අපේක්ෂා කරයි.

බැංකු නොවන මූලාශ්‍ර හෙවත් වෙළෙඳ පොළෙන් ණය ගැනීමට බලාපොරොත්තු වෙයි. රක්ෂණ සංස්ථාව, සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල වැනි මූලාශ්‍රවලින් ණය ගැනීමට බලාපොරොත්තු වෙයි.

මේ අය වැය යෝජනාවල දෙවැනි අරමුණ ආර්ථික වර්ධනයයි. නැතහොත් බිඳ වැටුණු ආර්ථිකය නගා සිටුවීමයි. එය අපනයනය මූලික කරගත් වෘද්ධියකි. අපනයන වර්ධනය සඳහා මේ අය වැයෙහි යෝජනා කිහිපයකි. බස්නාහිර, වයඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගෙන නව ආර්ථික කලාප බිහිකිරීමේ යෝජනාව ඉන් එකකි. ඒවාට විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීමට බලාපොරොත්තු වෙයි. අනෙක් කාරණය විදේශ වෙළෙඳාමයි.

අය වැය යෝජනාවල දෙවැනි අරමුණ ආර්ථික වර්ධනයයි. නැතහොත් බිඳ වැටුණු ආර්ථිකය නගා සිටුවීමයි. එය අපනයනය මූලික කරගත් වෘද්ධියකි. අපනයන වර්ධනය සඳහා මේ අය වැයෙහි යෝජනා කිහිපයකි. බස්නාහිර, වයඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගෙන නව ආර්ථික කලාප බිහිකිරීමේ යෝජනාව ඉන් එකකි. ඒවාට විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීමට බලාපොරොත්තු වෙයි. අනෙක් කාරණය විදේශ වෙළෙඳාමයි.

දැනට ලංකාවේ විදේශ වෙළෙඳාම වැඩියෙන් යොමුවී තිබෙන්නේ අපනයන දෙසට නොව ආනයන දෙසටය. අපනයන වර්ධනය සඳහා ගෝලීය නිෂ්පාදන ජාල සමඟ සම්බන්ධවීමට යෝජනා කරයි. ඉන් අපේක්ෂා කරන්නේ වෙනත් රටක නිෂ්පාදන ක්‍රියාවලියකට සම්බන්ධ වීමය.

අලුත් භාණ්ඩයක් නිපදවා ලෝක වෙළෙඳපොළට නිකුත් කිරීමට අපට නොහැකි වුවත් වෙනත් රටක නිෂ්පාදනයකට යම් උපාංගයක් අපට නිෂ්පාදනය කළ හැකිය. එසේ කරන්නෝ දැනටත් ලංකාවේ සිටිති. එවැනි නිෂ්පාදන ජාලවලට එකතුවීමට මෙවර අය වැයෙන් යෝජනා කරයි.

ඒ සඳහා අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්ය. ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ තායිලන්තය සමග ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් කළ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට මේ අයවැයෙන් යෝජනා කරයි. එමගින් අලුත් වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට අපේක්ෂිතය. එවිට ඒ රටවල තිබෙන නිෂ්පාදන ක්‍රියාවලින් වලට සම්බන්ධවීමට අපට හැකි වෙයි.

කාර්මික අපනයන පමණක් නොව කෘෂිකාර්මික අපනයන සඳහා ද මෙවර අයවැයෙන් අවධානය යොමුකර තිබේ. ඒ සඳහා විශාල ඉඩම් ලබාදීමට අපේක්ෂිතය. ජනවසම සතු දැනට වගා නොකරන ඉඩම් එසේ ලබාදීමට නියමිතය. කුරුඳු වගාව සහ කර්මාන්තය දියුණු කිරීම සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් ඇතිකිරීමට ද මෙදා අයවැයෙන් යෝජනා කරයි. දැනට පවතින විදේශ කටයුතු අමාත්‍යාංශය විදේශ කටයුතු සහ විදේශ වෙළෙඳාම් අමාත්‍යාංශය ලෙස අලුතින් නම් කිරීමට යෝජිතය.

ඉන් පෙන්නුම් කරන්නේ විදේශ වෙළෙඳාමේ වැදගත්කම හඳුනාගෙන තිබෙන බවය. අපනයනවලට වැඩි බරක් දීමට රජය අපේක්ෂා කරන බව ඒ යෝජනාවලින් හෙළිවෙයි.

ඩිජිටල් තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම ද අපනයන පමණක් නොව නවෝත්පාදන හා සමස්ත ආර්ථිකයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට හේතුවෙයි.

දුෂ්කර පාසල් දහසකට අන්තර්ජාල පහසුකම් සැපයීමට කර තිබෙන යෝජනාව අධ්‍යාපන පහසුකම් නැංවීමට ඉවහල් වෙයි. උසස් අධ්‍යාපනය සඳහා කුසලතා පදනමින් බඳවා ගන්නා පිරිස ඉහළ නැංවීමට ද යෝජිතය. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨයක් ඇති කිරීමට ද යෝජනා කරයි.

යාපනය, පේරාදෙණිය හා රුහුණු විශ්වවිද්‍යාලවලට පශ්චාත් වෛද්‍ය උපාධි පහසුකම් ලබාදීමට යෝජිතය. දැනට ඒ පහසුකම් තිබෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ පමණකි. පශ්චාත් වෛද්‍ය උපාධි සඳහා ලංකාවේ පහසුකම් වැඩිකිරීමෙන් රටින් පිටට ඩොලර් ඇදී යාම අවම වෙයි. එසේම එය රටට ඩොලර් ගෙන්වා ගැනීමට ද මාර්ගයක් කරගත හැකිය.

රටට හා ආර්ථිකයට විශාල බරක්ව තිබෙන එයාර් ලංකා වැනි රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා කිරීම ද කාලෝචිතය. ලංකා විදුලිබල මණ්ඩලය සහ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු දැනටත් කෙරීගෙන යයි. ඒ සඳහා වන යෝජනා අතුරු අයවැයෙන් ද ඉදිරිපත් කෙරිණි. ඒ අනුව තෙල් සංස්ථා පනත ද සංශෝධනය විය. රටට විශාල බරක්ව තිබෙන්නේ එයාර්ලංකා, ලංවිම, තෙල් සංස්ථාව වැනි රාජ්‍ය ව්‍යවසායයන්ය. ඒවා ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ එහෙයිනි.

සමාජ සුබසාධනය ද මෙවර අයවැයෙන් අමතක නොකළ කාරණයකි. සමෘද්ධි සහනාධාර, වකුගඩු රෝගී හා වැඩිහිටි මෙන්ම ආබාධිතයන්ට ගෙවන දීමනා වැඩිකර තිබේ. රුපියල් මිලියන 43,000 ක් හෙවත් රු. බිලියන 43ක් සමාජ සුබ සාධනය හෙවත් සමාජ ආරක්ෂණය සඳහා වෙන්කර තිබේ. එය ප්‍රමාණවත් නොවිය හැකිය. එහෙත් ඒ මුදල වෙන්කර තිබෙන්නේ බිඳ වැටුණු ආර්ථිකයක් පවතිද්දී බව අප අමතක නොකළ යුතුය. පොහොර නොමිලේ ලබාදීමට ද අපේක්ෂිතය. හමුදාවල සේවය කරන අයට අවුරුදු 18ක සේවයෙන් පසු විශ්‍රාම ගැනීමට ඉඩ ලබාදීම ද කාලෝචිතය. එමගින් රාජ්‍ය සේවය නඩත්තු කිරීමට යන වියදම් අවම කර ගැනීමට හැකි වෙයි.

රජයේ ජාතික හා මූලික රෝහල්වල මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත හැකි වාට්ටු ඇති කිරීමට යෝජනා කිරීම ද බෙහෙවින් කාලෝචිතය. ආර්ථික න්‍යායන්වල ‘‘වෙළෙඳ පොළ අසමත්වීම’’ කියා කතාවක් තිබේ. එමගින් කියන්නේ වෙළෙඳ පොළට සියල්ල භාර දුන් විට වෙළෙඳුන් මහජනතාව සූරා කන බවය. අද පෞද්ගලික රෝහල්වලින් එය කදිමට සිදුවෙයි. එහෙයින් එය වැළැක්වීම සඳහා රජය මැදිහත්වීම අත්‍යවශ්‍යය. මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත හැකි වාට්ටු රජයේ රෝහල්වල ඇති කිරීම පෞද්ගලික රෝහල්වල සූරාකෑමට හොඳ පිළියමකි. එමගින් පෞද්ගලික රෝහල්වල සූරා කෑම අවම වෙයි. පෞද්ගලික රෝහල් සහ රජයේ රෝහල් අතර තරගයක් ද ඇති වෙයි. එමගින් පෞද්ගලික රෝහල් මෙල්ල වෙයි.

කම්කරු නීති සංශෝධනය  කිරීමට යෝජනා කිරීම ද කාලීනය. දැනට රටේ පවතින කම්කරු නීති ආයෝජනවලට බාධාකරයි. සේව්‍ය සේවක යන දෙපාර්ශ්වයේම අයිතිවාසිකම් සුරැකෙන කාර්යක්ෂම නීති පද්ධතියක් කාලීන අවශ්‍යතාවකි. ලෝක බැංකුවෙන් සකසන ව්‍යාපාර කිරීමේ පහසුව මනින දර්ශකයෙහි ලංකාවට ඉතාමත් පහළ තැනක් හිමිවීමට ලංකාවේ දැනට පවතින කම්කරු නීති ද හේතු වී තිබේ. එහෙයින් ආයෝජන දිරිගන්වන නීති පද්ධතියක් නැතිව ආයෝජන ආකර්ෂණය කරගත නොහැකිය.

කම්කරු නීති සංශෝධනය  කිරීමට යෝජනා කිරීම ද කාලීනය. දැනට රටේ පවතින කම්කරු නීති ආයෝජනවලට බාධාකරයි. සේව්‍ය සේවක යන දෙපාර්ශ්වයේම අයිතිවාසිකම් සුරැකෙන කාර්යක්ෂම නීති පද්ධතියක් කාලීන අවශ්‍යතාවකි. ලෝක බැංකුවෙන් සකසන ව්‍යාපාර කිරීමේ පහසුව මනින දර්ශකයෙහි ලංකාවට ඉතාමත් පහළ තැනක් හිමිවීමට ලංකාවේ දැනට පවතින කම්කරු නීති ද හේතු වී තිබේ. එහෙයින් ආයෝජන දිරිගන්වන නීති පද්ධතියක් නැතිව ආයෝජන ආකර්ෂණය කරගත නොහැකිය.

රටේ පවතින බිඳ වැටුණු ආර්ථිකය මත මීට වඩා හොඳ අය වැයක් ඉදිරිපත් කළ නොහැකි බව තේරුම් ගැනීමට තිබෙන සාධක ඉතා ඉහළය. අගාධයෙන් රට ගොඩ ගැනීමට ආර්ථිකය නිවැරැදි මාවතකට ගැනීමට මේ අය වැයෙන් දැඩි උත්සාහයක් ගන්නා බව පෙනෙයි. ප්‍රශ්න නිවැරැදිව හඳුනාගෙන තිබෙන බව ද පෙනෙයි. අවශ්‍ය උපාය මාර්ග ද මෙවර අය වැයෙන් රට හමුවේ තබා තිබේ.

සහන සැලැසීමෙන් පමණක් ආර්ථිකය නිවැරැදි මාවතකට ගත නොහැකිය. රට පවතින්නේ දැඩි තීන්දු ගත යුතු දැඩි අර්බුදයකය. ආර්ථිකය පවතින්නේ ඉතා බිහිසුණු තත්ත්වයකට පත්වීමේ අවදානමකය. මේ අය වැයෙන් පෙනෙන්නේ ආර්ථිකය තවත් බිහිසුණු තත්ත්වයකට ඇද නොදමා සියුම්ව කළමනාකරණයට ගන්නා උත්සාහයකි.

සහන සැලැසීමෙන් පමණක් ආර්ථිකය නිවැරැදි මාවතකට ගත නොහැකිය. රට පවතින්නේ දැඩි තීන්දු ගත යුතු දැඩි අර්බුදයකය. ආර්ථිකය පවතින්නේ ඉතා බිහිසුණු තත්ත්වයකට පත්වීමේ අවදානමකය. මේ අය වැයෙන් පෙනෙන්නේ ආර්ථිකය තවත් බිහිසුණු තත්ත්වයකට ඇද නොදමා සියුම්ව කළමනාකරණයට ගන්නා උත්සාහයකි.

රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති

සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තු

සාකච්ඡා සටහන ගුණසිංහ හේරත්

ලංකාදීප

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *