සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින්

සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින්

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.

අද පෙරවරුවේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා කෙටි කලක් තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසටය.

ඒ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර එම සියලු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *