FCIDය සෙවූ වීරවංශගේ ලේකම් අත්අඩංගුවට පත්වේයැයි බියවී වස පානය කරයි..!

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සොයමින් සිටින  විමල් වීරවංශගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුව සිටි මොරටු සනත් කුමාර නැමැත්තා වස පානය කිරීම හේතුවෙන් කළුබෝවිල රෝහලේ     33 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. සම්බන්ධීකරණ ලේකම් බැලීමට ජාතික නිදහස් පක්ෂයේ නායක විමල් වීරවංශද රෝහලට ගොස් ඇතැයි පැවසේ.

විමල් වීරවංශ මහතාගේ වැඩිමහල් සහෝදරයා වන සරත් වීරවංශ මහතා රජයේ වාහන අවභාවිතාවක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සනත් කුමාර මෙසේ වස පානය කර තිබේ. මොරටු සනත් නැමැත්තා මාතර ප්‍රදේශයෙන් මොරටුවට පැමිණි අයෙක් බවත්, ඔහු කෙටි කලක් තුළ කෝටිපතියකුවීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී ද මාධ්‍ය වාර්තා පලවී තිබිණි. සනත්, ඩයලොග් ජංගම දුරකථන සමාගමට සුඛෝපභෝගී මෝටර් රථ කුලියට ලබාදෙන ව්‍යාපාරයක නියැලී සිටින බව වාර්තා වේ.

colomboxnews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *