ජවිපෙ ඉල් විරු සැමරුමෙන් ජාජබ අවුලක

 

ජනතා විමුක්ති පෙරමුණ, එම පක්ෂයේ ඉල් විරු සැමරුම මහ ඉහළින් සැමරීමත්, එහි දී 98,99 කාලයේ ඔවුන් සිදුකළ සියලු ක්‍රියා සාධාරණීකරණය කරමින් කතා කිරීමත් නිසා ජාතික ජන බලවේගයට සම්බන්ධව සිටින වාමාංශික පක්ෂ සාමාජිකයින් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව වාර්තා වෙයි.

98,99 ජවිපෙ කැරැල්ලේ දී නව සමසමාජ, සමසමාජ , කොමියුනිස්ට් පක්ෂ වල සාමාජිකයින් විශාල පිරිසක් ඔවුන් විසින් ඝාතනය කරනු ලැබීය. එම වාමාංශික පක්ෂවල පිරිස් ද ජාතික ජන බලවෙගයට සම්බන්ධ වී සිටිති. ලාල් විජේනායක , ජයම්පති වික්‍රමරත්න , මහින්ද රත්නායක ආදීන් ජාජබ නායකයින් ලෙස ක්‍රියා කරති.

ජවිපෙ පැවත් වූ ඉල් විරු සමරුවේ දී එදා කළ අරගලය නිවැරදි බවත්, ඉතිහාසය තමන් නිර්දෝෂී කරමින් සිටින බවත් , අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ කිසිදු වැරදි පිළිගැනීමකින් තොරව ය. මෙය ජාජබයට සම්බන්ධ අනෙක් වාමාංශිකයින්ට දරාගත නොහැකි කම්පනයක් වී ඇත්තේ ඝාතනයට ලක්  වූ තමන්ගේ සහෝදර පක්ෂ සාමාජිකයින්ට එය බරපතළ නිග්‍රහයක් වන හෙයිණි.

මේ පිළිබඳව ජාජබ තුළ බරපතළ සංවාදයක් මතු වී ඇති බව කියති.

ඒ අතර තවත් විවේචනයක් ඉදිරිපත් වන්නේ ජවිපෙ නව ගමනකට සුදානම් බව පෙන්වීමට ජාජබය අටවා ගත්ත ද, ඔවුන් යන්න හදන්නේ පැරණි මාර්ගයේ ම බව ඔවුන්ගේ ඉල් විරු සමරුවෙන් තහවුරු වූ බවට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *