ඇමෙරිකානු සෙනෙට් සභා බලය ඩිමොක්‍රටික් පක්ෂය නැවත දිනා ගනියි

ඇමෙරිකාවේ පැවතී මධ්‍ය වාර මැතිවරණයේ දී එහි සෙනෙට් සභාවේ බලය යලි තහවුරු කර ගැනීමට ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ නායකත්වයෙන් යුතු ඩිමොක්‍රටික් පක්ෂය සමත් වී තිබේ. සෙනෙට් ආසන 100 කින් 50 ක් ලෙස එම පක්ෂය බලය තහවුරු කර ගැනීමට සමත් වී ඇති අතර නිල බලයෙන් සෙනෙට් සභාපති වන උප ජනාධිපතිනි කමලා හැරිස්ගේ ඡන්දයත් සමග බලය තහවුරු කර ගැනීමට එම පක්ෂයට හැකි වී තිබේ. ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයට හිමි වී ඇත්තේ ආසන 49 ක් පමණකි. ජෝජියාවේ එක ආසනයක් සඳහා නැවත මැතිවරණයක් පැවැත්වීමට නියමිත ය.

මීට පෙර සෙනෙට් සභාවේ බලය පැවතියේ 50 කට 50 ක් ලෙස සම සමව වන අතර තීරක ඡන්දය වුයේ උපජනධිපතිනියගේ ඡන්දය යි.

ඇමෙරිකාවේ පවතින මැතිවරණ ක්‍රමය අනුව මධ්‍ය වාර මැතිවරණ පවත්වන්නේ ආසන අතරින් තුනෙන් එකක ප්‍රමාණයක් සඳහාය . ජනාධිපතිවරයකුගේ ධුර කාලය මැද පවත්වන මැතිවරණයක දී විපක්ෂයට වැඩි ආසන හිමිවීම එරට බොහෝ විට දක්නට ලැබුණු තත්ත්වයකි. මෙවර එම තත්ත්වය වෙනස් වී තිබීම කැපී පෙනෙන සිදුවීමකි.

ඩිමොක්‍රටික් පක්ෂය මෙලෙස ජයගෙන ඇත්තේ, අධික උද්ධමනය , රැකියා විරහිතභාවය වැඩිවීම සහ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය හීන වීම වැනි ප්‍රශ්න රැසක් මැද බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත්,ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩල ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵල තවමත් නිකුත් වී නැති අතර එහි දී සුළු වශයෙන් ඉදිරියෙන් සිටීමට ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය සමත් වී ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *