පොහොට්ටු මන්ත්‍රීන්ගේ විරෝධයෙන් මහින්ද සමග නැගිටීම නවතී

 

 

පක්ෂය යලි ප්‍රතිසංවිධානය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රට පුරා පැවැත්වීමට සැලසුම් කළ රැස්වීම් මාලාව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් විරුද්ධ වීම නිසා අත්හිටුවා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අවස්ථාවේ පොහොට්ටුවේ දේශපාලන රැස්වීම් පැවැත්වීම එතරම් සුදුසු නොවන බවට පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් පෙන්වාදීම නිසා මෙම රැස්වීම් මාලාව තාවකාලිකව නතර කර ඇතැයි දැනගන්නට ඇත.

මුලින්ම පාක්ෂිකයන් ගැන බලා, පක්ෂය සංවිධානය කර,ඉන් අනතුරුව, හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් පැවැත්වීම වඩාත් සුදුසු බව එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා හිටපු ජනාධිපතිවරයා ඉකුත්දා හමුවූ අවස්ථාවේදී ඔහුට ද මේ බව පෙන්වා දී ඇතැයි කියති. මෙම රැස්වීම් පැවැත්වීමට තමන් විරුද්ධ බව ප්‍රසන්න රණතුංග මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන රැස්වීම් මාලාව කළුතරින් ආරම්භ කර, නාවලපිටිය සහ ආණමඩුව යන ප්‍රදේශවල මීට පෙර පැවැත කර තිබිණි තවත් දිස්ත්‍රික්ක කිහිපයක පැවැත්වීමට දින ද වෙන්කර තිබිණි.

පක්ෂයට පැවැත්මක් ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියට දැමීමෙන් පමණක් බවට පක්ෂ අභ්‍යන්තර සාකච්ඡාවල දී තීරණය වීම නිසා මෙම රැස්වීම් සංවිධානය කළ බව පක්ෂයේ තතුදත් ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *