සිංහළ මහ සභාවෙන් පටන්ගෙන ලාංකීය ජාතිය දක්වා පැමිණීම ජයග්‍රහණයක් !- ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ය ඔවුන්ගේ 65වෙනි සමාමේලනය පසුගිය දා පැවැත්වී ය. ඒ සම්මේලනය දෙස වාමාංශිකයින් හැටියට අපි බලන්නේ යම් කිසි බලාපොරොත්තුවක් ඇතිව ය. මක්නිසා ද යත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළට රිංගගෙන හිටි ජාතිවාදි ෆැසිස්ට් තාලයේ බලවේගය ඉවත්කර ජනතාවාදී පක්ෂයක් හැටියට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තම ක්‍රියාකාරිත්වය ආරම්භ කිරීම වමේ සිට බැලු කළ ග්‍රහණයකි. වමේ අදහස් තුළින් ඇති වූ තෙරපීම තුළ එය ඵලදැරීම අපිට සංතෝෂ විය හැක. මක්නිසා ද යත් මෛත්‍රිපාල මැතිඳුන් පැවසූ ආකාරයට සිංහළ මහ සභාවෙන් තමයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආරම්භ වූයේ. නමුත් අපි ඒ සිංහළ මහ සභාවේ සීමාවන් බිඳගෙන ඉදිරියට ගොස් ලාංකීක ජාතියක් හැටියට මේ රට ඉදිරියට ගෙනයෑම සඳහා ඒ අදහස් වර්ධනය කරන්නට ශක්තිය ලබාගත් බව එතුමා ප්‍රකාශ කළේ ය. එය ඉතාම වැදගත් අදහසකි.
අපි දන්නවා වාමාංශිකයින් ලෙස, අපි තමයි මේ රට තුළ ජාතික සමගිය වෙනුවෙන් ජාතිවාදය පරාජය කිරිම සඳහා, විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්, සමානත්මතාවය, ස්වපාලන අයිතිය වෙනුවෙන් දිගින් දිගටම සටන් කළේ. එහි දි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හා එජාපයේ ජාතිවාදින්ට එරෙහිව දිගින් දිගටම අපිට පෙනී සිටින්නට සිදුවිය. ඒ වගේම සමහර අවස්ථාවල ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බලගතු පිරිස් සමග අපි එකතු වුනෙමු. එජාපයේ බලගතු පිරිස් අපිත් සමග එකතු විය. අපි දන්නවා 13වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේන වෙලාවේ ඒකට ජේ. ආර්. ජයවර්ධන නායකත්වය දුන්නේ ය. අපි ඒ වෙලාවේ එයා සමග වැඩ කලේ ය. ඒ වගේම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් චන්දිකා විජය සමග කඩාගෙන විත් බලවේගයක් ලෙස අපි සමග එකට එකතු වී තමයි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධණය ඇති කිරීමට කටයුතු කළේ. ඒකෙන් අපි ඉදිරියට ගොස් අද වන විට ව්‍යවස්ථාවක් හදන්නට වැඩ කටයුතු ආරම්භ කර තිබේ.
ඒ අවස්ථාවේ දී ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ ආකාරයට පිම්මක් පැන ලාංකීය ජාතියක් පිළිබඳ අදහස් අරගෙන ඉදිරියට යන්නට කටයුතු කිරීම වැදගත් ජග්‍රහණයකි. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ගේ නායකත්වයෙන් එජාපයත් මේකට එකතුවෙලා තිබෙනවා. ඔහු ජාතිවාදයට විරුද්ධව පෙනිසිටි කෙනෙකි. ඒ ආකාරයට ඉදිරියට යන එක ගැන අද අපිට සතුටු වෙන්නට පුළුවන. සමානාත්මතාවය, ස්වපාලනය කියන එක ගැන කථා කරන අතර ම සමාජීය අයිතීන් ව්‍යවස්ථාවටය ඇතුලත් කළ යුතුයි කියන කාරණය ගැන වාමාංශිකයින් ලෙස අපි තරයේ පෙනී සිටින්නෙමු. විශේෂයෙන්ම කම්කරු ප්‍රඥාප්තියක් කියලා දෙයක් ගැන දිගින් දිගටම අපි කථා කළෙමු. එහි තිබෙන කරුණුවත් අඩු තරමේ ව්‍යවස්ථාවකට ඇතුළත් කරගන්නට අපි අනිවාර්යෙන් සටන් කළ යුතුව තිබේ. සමාජීය අයිතිවාසිකම් ද මේ තුළ තිබේ. කාන්තාවන්තේ අයිතිය, සමලිංගිකයින්ගේ අයිතිය යනාදි වශයෙන් නොයෙකුත් ආකාරයට බැහැර කළ හා පීඩනයට පත්ව සිටින ජනතාවගේ අයිතීන් ඇතුළත් කිරීම සාධාරණ ලෙස අපි සළකන්නමු. ඒ නිසා ඒවා ඇුතුළත් කරගැනීම සඳහා සටන් කළ යුතුයි කියන මතයේ අපි සිටිමු.
අපිට තව අපුරු සිද්ධියක් අසන්නට ලැබේ. ගෝඨභය උන්නැහේ ගිහිල්ලා ජනාධිපතිතුමා හමු වූ බවට මාධ්‍යයේ පල වි ඇත. එසේ ගොස් ඇත්තේ තමන්ට එන නඩු ගැන, තමන්ට එන චෝදනා ගැන යම්කිසි දේශපාලන සමතයක් ඇතිකර ගැනීමට බව පැහැදිළි ය. නමුත් ගෝඨාභයගේ බලාපොරොත්තු ඉටුවුන බවක් පෙනෙන්නට නැත. අපිට පේනවා ඒ අනුව ජනාධීපතිතුමා මේ ආකාරයට වැරදි කළ උදවිය සමග දේශපාලන කථිකාවන් තුළින් ප්‍රශ්න අවසන් කිරීමට බලාපොරොත්තුවක් නැති බව. එවැනි ක්‍රියාවන් ගැනීම ගැන අපි සන්තෝෂ වන්නෙමු. ඒ අනුව ජනාධිපතිතුමා එඩිතර තැනකට ගමන්කර තිබෙන්නේ යැයි කිව හැක.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *