විදේශ ප්‍රේෂණ ඉහළට ; ඔක්තෝබරයේ ඩොලර් මිලියන 355 ක්

විදේශ ප්‍රේෂණ වල වර්ධනයක්
පසුගිය ඔක්තෝබර් මාසයේ විදේශ ප්‍රේෂණ ගණන අමෙරිකානු ඩොලර් මිලියන 355.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ 2022 වසරේ ජනවාරි සිට ඔක්තොම්බර් දක්වා ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 2,929.4ක් මෙරටට ලැබී ඇති බවය.

පසුගිය වසර මුල දී විදේශ ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 700 ක පමණ ප්‍රමාණයක් මාසිකව වාර්තා වී ඇතත්, මහ බැංකුව මෑතක දී ප්‍රකාශ කළේ එම සංඛ්‍යා නිවැරදි නොවන බවයි. වෙමත් ඇතැම් ලැබීම් විදේශ ප්‍රශ්න ලෙස පෙන්වා තිබු බව මහ බැංකුව කියයි.

කෙසේ වෙතත් මෙම වසර ආරම්භයේ දී මසකට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 200 ක් පමණ දක්වා අඩු වී තිබිණි.

පසුගිය මාස කිහිපයේ සංඛ්‍යා ලේඛන අනුව පෙනී යන්නේ එම ලැබීම් ර්වධනය වෙමින් පවතින බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *