පශ්චාත් නූතන අරගලයේ නොවැම්බර් විලාපය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

රනිල් ගෙදර යැවීමේ පශ්චාත් නූතන අරගලයේ නොවැම්බරයේ සමාරම්භයේදීම රනිල් කෙසේ වෙතත් සජිත් ගෙදරට පසු බැසීමත් පසුදින බස් රියක් පාසලකට දී දරුවන් ඉදිරියේ දේශපාලන කයිවාරු ගැසීමත් රටම බලා සිටියහ. සජිත් දරුවන්ද පටවා පදවාගෙන ගියේ බස් ලයිසන් තිබිලාද යන්න පොලිස්පති විමසිය යුතුවේ.
පරිත්‍යාගයක් හමුවේ ගම්බද පාසලක අහිංසක දරුවන්ද, මහමගදී තුට්ටු දෙකක් අතට වැටෙන විට යදියෙකුද දක්වන බයාදු ගෞරවයටත් සමගාමීව, පරිත්‍යාගශීලි සජිත් ප්‍රේමදාස අරගලයේදී උගත් පාඩම පාසල් දරුවන්ට කියා දෙයි නම් එය පාසල් දහසක් ඉදි කළාට වඩා අනාගතයට යහපත් වේ. දුෂ්කර කාලයක රටේ ජනතාවගේ චින්තනය වෙනස් කළ යුතු මොහොතක පිපාසයෙන් හති වැටුණ සජිත්ගේ මේ  මුග්ධ හැසිරීමත්, දියව් දියව් කියමින් වීදි බැස්ස ලංකාවේ වාමංශිකයන් කළ හානියත් එක සමානය.maxresdefault 1200x550

හොරුන් සහ හොරකම් හෙළි කරමින් බලය ඉල්ලන අනුර කුමාර දිසානායක කරන කාගේවත් හොරකම් හරහා තමන් සහ ජවිපෙය මාර්කට් කර ගැනීමත් සජිත්ට නො දෙවෙනි හැසිරීමකි.

 

image 4434256d431953 හර්තාලයෙන් හාල් මිල ශත 25 සිට 70 තෙක් වැඩි කළ අගමැති ඩඩ්ලිට තනතුරෙන් සහ දේශපාලනයෙන් සමුගැනීමට සිදුවිය. ඒ 1958දී ඩඩ්ලි ආපසු කැඳවූ ජනතාව ඔහු දෙවරක් රටේ අගමැති බවට පත් කළහ. හර්තාල් නායක ඇන්.ඇම්., අගමැති බණ්ඩාරනායකට එරෙහිව පෙළපාලි ගියේ බණ්ඩා එරිලා බාසා මඩේ කියාය. ඒ ඇන්.ඇම්.ලා 1965-70 කාලයේ ඩඩ්ලි ගෙනා දෙමළ භාෂා විධිවිධාන පනතට එරෙහිව ජනතාව පාරට බැස්සවීය.

1970දී මැතිනිය යටතේ ඇන්.ඇම්. මුදල් ඇමතිකම දැරූ ආණ්ඩුව බත් කෑමත් තහනම් කළේය. මුදල් ඇමති ඇන්.ඇම්. රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා අය ශත 25ක බද්දක් පැනවීම හරහා ජනතාව පටි තද කර ගැනීම අනිවාර්ය කිරීම අදටත් රට පැත්තෙන් කළ යුතුව තිබේ. එහෙත් අද විපක්ෂය කරන්නේ ඇන්.ඇම්.ගේ ආර්ථීක දැක්මට අනුව හතුරු කමකි.

 

1970-77 යුගයේ  ජේ.ආර්.ජයවර්ධන රටේ විපක්ෂ නායකයා විය. රටේ පීඩනය ආණ්ඩුවට එරෙහිව ජනතා පාරට බස්සා අරගල කළ යුතු යයි කොල්ලුපිටියේ පරණ එජාප මූලස්ථානයේදී මාවතගම ජි.එම්.ප්‍රේමචන්ද්‍රගේ කරුණු දැක්වීමක් අතර, නැගී සිටි ජේ.ආර්.ජයවර්ධන “එජාපයේ අපි විප්ලවය විශ්වාස කරන්නේ නැහැ. ජනතාව දැනුවත් කර බලය ඉල්ලන අප කොන්සර්වේටිව් මතධාරින්. සාර් පරාද කළාට තවම විප්ලවයට එංගලන්තේ රැජිණට කිට්ටු වෙන්න බෑ. හැබැයි හංගේරියාවේ ඉමර් නාගිලා, චෙකොස්ලෝවැකියාවේ ඇලෙක්සන්ඩර් ඩුබ්සෙක්ලා සෝවියට් පාලනයට එරෙහිව පෙළ ගැහුණා. අරගලය පැයකට දෙකකට මිස, පාලනයකට යුගයකට ඔරොත්තු දෙන්නේ නෑ. කපුටන් වැනි මැලේරියා මදුරුවන් ගැන සමසමාජ කාරයන් කියද්දී ඩි.එස්.සේනානායක නිර්මානය කළ ගොවි ජනපද හොඳ නිදර්ශණයක්. බලය ලබා ගැනීමේදී රටේ තත්වය ගැන ජනතාව දැනුවත් කරනවා මිස,  මිනිසුන් ආවේස කර ප්‍රචණ්ඩත්වය හැරීම නො කළ යුතුයි. අපි ලේක් හවුස් පත්‍ර වර්ජනය අහිංසකයි. අර්ථවත්. එය අති සාර්ථක යි. ඉන්දියානු ක්‍රමයට අපි කළ සත්‍යග්‍රහ ව්‍යාපාරයට ප්‍රින්ස් ගුණසේකර මන්ත්‍රිතුමාත් එකතු වුණා.  මම මේ තරුණයන්ට කියන්න කැමතියි. අපි අනුන්ගේ බස්වල ගියොත් මගදි බහින්න සිද්ධ වෙයි. පයින් යාම ඊට වඩා සාර්ථකයි.” යනුවෙන් අදහස් දැක්වීය.

 

ජේ.ආර්. කී ආකාරයට, සජිත්ට එදා එහෙම වුණේ අනුන්ගේ බස්වල එල්ලී යාම නිසා ය. 1982 ජනාධිපතිවරණය අතර, කොබ්බෑකඩුව, ජේ.ආර්.ට මෙන්  මටත් දිග නාසයක් තිබෙනවා යයි අමුතු කතාවක් කීය. පසුවදාම තවත් රැස්වීමකදී ජේ.ආර්. “දිග නාසයකින් රටක් පාලනය කළ කෙනෙක් ගැන මම නම් අහලා නැහැ කියා සභාව සිනා ගැන්වීය.

එජාපය කඩාගෙන ගොස් රාජපක්ෂලාට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට 2020දී පාර කැපූ සජිත් විපක්ෂ නායකයා ලෙස බලා සිටියදීම එක් ආසනයකට ලඝුව සිටි එජාප නායකයා රටේ ජනාධිපති වුණේ ජේ.ආර්. කී ආකාරයට ජනතාව යථාවබෝධයෙන් සන්නද්ධ සිටි නිසාය. කිසිවෙකු සජිත් ජනාධිපති කරවන්නැයි පෙළපාලි ගියේ නැතුවා මෙන්ම සජිත් ජනාධිපති තරගයට හෝ ඉදිරිපත් නොවීය. රාජපක්ෂ එහෙයියෙකුගේ නම ජනාධිපති තරගයට යෝජනා කළ සජිත් දැන් රනිල් රාජපක්ෂ කියා රට හිනස්සයි. තවත් බොහෝ කාලයක් සජිත් එජාපයෙන් ටියුෂන් අවශ්‍ය ලබාගත යුතුව තිබේ.

 

ආර්.ප්‍රේමදාස සිය පියා වූ රිචඩ් රණසිංහගේ පින්තූරයට නැමි පනාවක් එක් කර පවුලේ ඉතිහාසය වෙනස් කිරීමට උත්සාහ කළද ඉතිහාසය යනු හදාරනු මිස වෙනස් කළ නො හැකි දෙයක් නොවන බව සජිත් ප්‍රේමදාස තේරුම්ගත යුතුවේ.

 

සජිත් සම්බන්ධ බස් පූජාව, හූ පූජාව සහ තමන් මර්ධනය අවසන් කළ බවට සජිත් කළ ප්‍රකාශය යන මාධ්‍ය වාර්තා ත්‍රිත්වයෙන් නිරූපනය වන ඔහුගේ නායකත්ව භූමිකාවේ දිග පළල ගුරුවරුන් වැඩිහිටියන් බාල පරම්පරාව දරුවන් දැනුවත් කළ යුතුවේ. රට ඉල්ලන් කන්නන්ගේ දේශයක් වනු දැකීමට කැමැත්තෝ සජිත් ප්‍රේමදාස වෙත රැඳෙත්වා. සජිත් මේ බෙදන්නේ කාගේ හෝ ධනය මිස තමන් උපයා ගත් යමක් නොවේ. ඊට අදාල පොලි සමග දවසක බලයට පත් දවසක සජිත් වෙන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මිස තම සාක්කුවෙන් නොවේ. සජිත් මේ උගස් කරන්නේ රටේ අනාගත භාණ්ඩාගාරය නොවේද?

වැටුණ රට ශක්තිමත් දේශයක් කිරීමට ආර්ථික දර්ශනයකට මිස අතරමැදියෙකුට කළ නො හැකි ය. එදා පාඨලී පොන්සේකා දෙදෙනා බේරුණේ සජිත් මෙන්  හූවක් කන තරමට දේශපාලනිකව පරිනත වී නො සිටි හෙයිනි. නොවැම්බර් 2 වෙනිදා රටම කොළඹට කැඳවන අරගලය කවුරු සංවිධානය කළත් එය නිර්ලජ්ජී ඡන්ද මැසිමක් මිස රටේ තත්වය පිළිබඳ යථාර්ථය ජනතාව දැනුවත් කිරීමක් නො වීය.

 

IMG 3489

 

නොවැම්ර් 2 වෙනිදා වෙරිටේ රිසර්ච් ආයතනය, ජන මත විමසුම් වාර්තාව එළි දැක්වීය. එහි ප්‍රකාශිත ඉතා කුඩා අගයන් හරහා නිරූපනය වන්නේ තෙල් ගෑස් පෝලිම් අතර මිරිකී සිටි ජනතාව මං මුලාව සිටි  ජනතාව තම හුරුපුරුදු ජිවන රටාව වෙත ඇවිද යන බවය. එය මරදානේ සිට කොටුව දුම්රිය පොළ වෙත යන පෙළපාලියක් මෙන් සරල හෝ පහසු නැත. සංචාරකයන් පැමිණීම පිළිබඳ තොරතුරු අසන මධ්‍යම පන්තිය, මේ අරගලය ගායට වෛර කරන්නේ රටේ හෙට දවස වෙනුවෙනි. ගෝල්පේස් අරගලයට පාදක වූ  අපේක්ෂිත ආර්ථික පීඩනය තුනී කිරීමට, ගෝඨා ප්‍රතික්ෂේප කළ ජාත්‍යන්තර ආයතන වෙත රනිල් වික්‍රමසිංහ නැඹුරුවීම තාර්කික හැරවුමකි. ජනතාවට අපේක්ෂා කළේ ආර්ථිකයේ කුදු මහත් වෙනස්කම් මිස, දෙවන පලකයාත් පළවා හැර රටේ අනාගතය ඡන්ද පොරොන්දුවලට ලඝු කෙරෙන බලය වෙන්දේසි කරවීම නොවේ. විපක්ෂය ප්‍රතික්ෂේප වන්නේ මේ පසුබිමේය.

ජනතා විමුක්ති පෙරමුණ ආදි සමහර කණ්ඩායම් ස්වකීය දේශපාලන ප්‍රතිමල්ලවයන් සමග කල්ලී ගැසීමට පැවති නො කැමැත්ත මුල් කොට ගත් අරමුණකට අනුව ක්‍රියා කිරීම තුළ අරගලය ප්‍රවේශය හඳුනා ගත හැකිය. පෙරටුගාමින් සජිත් හරහා යම් ජන සහභාගිත්ව උත්තේජනයක් සිය අරගල සම්ප්‍රදායට අපේක්ෂා කිරීම යනු අරගලය යන්න වඩාත් තේරුම්ගත හැකිය. මෙහිදී  2020දි එජාපයෙන් බෑයක් කඩාගෙන වැට පැන්න ආකාරයට මුළු අරගලයටම සිය සාක්කුවට දමා ගැනීමට සජිත් යෙදූ උපායලත් තැනම ලොප් වී ය. සජිත්ට මෙවැනි අකරතැබ්බයක් වේ යයි කිසිවෙකු සිතුවේ නැත.

ආචාර්ය හර්ෂ සිල්වා අපි බය නෑ ආවොත් බලාගන්නම් යනුවෙන් ලෝකයටමට ඇසෙන්නට ශ්‍රී ලංකා පොලිසියට බැන අඬ ගැසීය. පොලිසිය ගෙදරටම භාර දුන් ලිපිය දුටු සැනින් දනිස් වෙව්ලා ගිය ආර්.ප්‍රේමදාසගේ පුතානෝ ජනාධිපති මැතිවරණ ප්‍රතිපල හමුවේ පැරලයිස් වූ විලාසයෙන්ම ඇදව කුදව හැකිළී අරගලයට නො යමී යන ස්ථාවරයෙන්  ගෙහිම ලැග සිටියේය. මේ හතර විලි ලජ්ජා නැති වැඩේ ගැන කිපුණ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රින්  කිහිප දෙනෙකු මදි නො කියන්න ඇමතීමෙන් පසුව සජිත් වීදි බැස මේ වින්නැහියට මුහණ පෑවේය. අවසානයේ හිරුනිකාට තිබුණ ගැහැනුකමවත් සජිත් ප්‍රේමදාසට නො තිබුණ බව හර්ෂලා හේෂාන්ලා නලින් බණ්ඩාරලා තේරුම් ගත්තාට සැක නැත.

රටේ පස්වෙනි පුරවැසියාට හූ කීම ගැන පාලිත රංගේ බණ්ඩාර මහත් සේ විස්සෝප වූ බව ඇසූ කෙනෙකු සජිත්ට හූ කීවාම රංගේට ඇති ගාය මොකක්දැයි විමසීය. රනිල්ට එරෙහිව ජන මාධ්‍ය කලාවේ අමන ප්‍රචාරක උපක්‍රම සජිත්ට ලැබුණ හූව යටපත් කරතී යන සැකයෙන් රංගේ බණ්ඩාර අර ප්‍රකාශය කළා විය හැකිය. සජිත්ගේ කරුමයට ඒ හූව අකනිටා බඹලොව තෙක් ඇසෙන තෙක් බොහෝ මාධ්‍ය නිහඬව සිටියේ තවදුරටත් සජිත්ට ජැක් ගැසීමෙන් තමන්ද විනාස වේ යයි බියෙනි. රනිල් වික්‍රමසිංහගේ දින 120ක කළමනාකරණය හරහා රට තුළ මෝදුවන ප්‍රබෝධය නො දැක්කා සේ එජාප මහ ලේකම් කළ කළේ පැහිච්ච වැඩක් බව කාගේත් අදහසය.

හර්ෂ සිල්වාට හිරුනිකාට තවත් දවසක් අපේ නායකයා කියා සජිත් ඉස්සර කරගෙන යා හැකි නම් ලෝකයේ එය විසි එක්වැනි සියවසේ ලොකුම පුදුමය වෙනවාය. පොලිස් කාරයෙක් දුටු මතින් තැන නො තැන නො බලා කටේ සුවඳ බැලීමේ මානසික ව්‍යාධියකින් පෙළෙන රට හිනස්සන  හිරුනිකාගේ මේ හැසිරීම දේශපාලනයට අදාළ නැත. පසුගිය මැයි 9 වෙනිදාට සජිත් පොලු පාරකට ලක් වුණේ අරගලයෙන්  කුට්ටියක් කඩා ගැනීමට ගොස් ය.  දැන් ඉතිරිව ඇත්තේ රාත්තල බාගය අලක්කාල ආදි වශයෙන් හුනුසාල් හෙවත් හාල් කෑලි බවට පත් අර ශ්‍රේෂ්ඨ අරගලයේ සිරාමිරාය.

දමිතා අබේරත්න නොවැම්බර් 2 වෙනිදා වීදි නො බැස්සේ අරගලය එපා වෙලා නොවේ. සජබයේ මේනියාකාර ගෑනු පරාණයක් කළ තර්ජනයට බියෙනි. එසේම, වන්නිලැඇත්තෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යාමට කරන ඉල්ලීමත්, මහළු මහින්ද තැන තැන ඇවිදීමත් දිවංගත ඩී.ඒ.රාජපක්ෂ යළි කෙලින් කිරීමත් මා ගිය සතියේ කී ආකාරයට පශ්චාත් නූතන අරගලයේ පසුබෑම් පිළිබඳ ශෝචනීය සංසිද්ධින් මිස සුබ ලකුණු නම් නොවේ.

මා පසුගිය සතියේ ලිපියෙහි “….පක්ෂ දේශපාලනයෙන් කිළිටි වූ පශ්චාත් නූතන අරගලයෙන් රට මුදා ගැනීමට, හුදෙකලා රනිල් වෙනුවෙන්  කඩේ යා යුතුවේ.”යනුවෙන් විස්තර කරන්නේ කළ යුතු දේය. 1908දී තූර්කියේ  ඔටෝමාන් අධිරාජයා බලයෙන් පහ කළ තූර්කි තරුණ ව්‍යාපාරය මෙහෙය වූ තූර්කි කැරැල්ලටට නිසි පාලනයක් අවශ්‍ය විවේක බුද්ධියක් නො තිබීම නිසා කෙටි කලකින් අඩපන විය. මේ තූර්කි අත්දැකීම, විග්‍රහ කරන ප්‍රකට ඉංග්‍රිසි කියමන, New brooms sweep clean. But old ones know the corners. (අලුත් කොසු වලින් ඉතා හොඳින් අතු ගෑවේ. එහෙත් අහුමුළු දන්නේ පරණ කොහු ය) අපට අදටත් ගැලපෙයි.

 

නිදහස් ලංකාවේ දිගු කලක් තට්ටු මාරුවට හේතුව,  බලයේ පැවති ආණ්ඩු කෙරෙහි ජනතාව කෝප කර උසි ගැන්වීම මිස, උපාය මාර්ගික නව චින්තනයන් නොවේ. උදාහරණ ලෙස 1956 සිදුවුණේ ආර්ථික දේශපාලන නොවූ සංස්කෘතික පෙරළියකි. පසුව, හඳෙන් හාල් ගෙනැවිත් දීම, ඇට අට දීම, අලි කොටි ගිවිසුම, වඳ කොත්තු, පාස්කු ප්‍රහාරය තෙක් එක දිගට  උදාහරණ දැක්විය හැකිය. ඒවා රටක් රැවටා බලය ඇල්ලූ  උප්පර වැට්ටි මිස, රටට හිතකර  තේමාවන්ගෙන්  දැක්මකින්  හරබර නො වීය. මෙහිදී මහාචාර්ය අයිවෝ ජෙනින්ස් කළ විග්‍රහය, එනම් මහජන මතය යනු බොහෝ විට අප්තෘප්තිමත් අතලොස්සකගේ අසහනය මතු කිරීමක්ය  යන්න බෙහෙවින් අර්ථවත්ය.

අද සජිත් සහ ජවිපෙය කියන ආකාරයට, හොරුන් අල්ලා ඒ මුදලින් රට ගොඩ නැගීම සහ පැන්ඩෝරා පත්‍රිකා වලින් මුදල් ලබා ගැනීම යනු එදා මෙන්ම, බොරුව සරසවා වීදි බැස්සවීමකි. හොරකම් ගැන කතා කරන අනුර කුමාරලා පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් ගැන කතා නො කිරීම හක්කේ දඩ මස් ය. බොක්කේ බුදු රැස්ය වැනි කතාවකි. හොරුන් පසුපස හඹා යමින් කෑ ගැසීම යනු තවත් රැවටිල්ලක් මිස රටකට පැවතිය හැකි දර්ශනයක් නොවේ. දේශපාලනයේ නිරත සමහරු බලය ඇල්ලීමට අවශ්‍ය මුදල් සඳහා මංකොල්ල කෑහ. මිනි මැරූහ. සමහරු බලයට පත්ව සොර කෑහ. මෙයින් අනුරලා අයිති කාණ්ඩය කුමක්දැයි රටට රහසක් නොවේ.

නීතිඥ සංගමයේ මැදිහත්වීම සහ අත්‍යාවශ්‍ය සේවා ඉන්ධන කෝටාව - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *