|

අය-වැයෙන් ආර් ථිකයට පණ දෙන මඟ – මහචාර් ය රොහාන් සමරජීව

සෑම වසරකම අවසානයේ ඉදිරි වසර සඳහා අය – වැය ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමැතිය ගැනීම සිදුවේ. එම අය – වැය මඟින් විශාල පොරොන්දු, යෝජනා, ධනාත්මක අදහස් ඉදිරිපත් කිරීම අනිවාර්ය අංගයකි. එනමුත් නව අය – වැයක් ඉදිරිපත් කරන විට පසුගිය වසරේ අය – වැයෙන් ඉදිරිපත් කළ යෝජනා කොතෙක් දුරට ඉටුකර ඇත්දැයි කිසිවකු විමසන්නේ නැත. එය ඇසිය යුතු ප්‍රශ්නයකි.

ඉදිරි වසර සඳහා අය – වැය ලේඛනයක් ඉදිරිපත් කරන විට පසුගිය අතුරු අය – වැයේ ප්‍රගතිය ගැන වාර්තාවක් ඉදිරිපත් කළ හැකි නම් ප්‍රශස්තය.

එවැනි විමර්ශනයකදී පසුගිය ජනවාරියේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අය – වැය යෝජනා කිහිපයක් විමසීම වැදගත් වේ. ඒ අනුව රජයේ සේවකයන්ට රුපියල් 5,000ක දීමනාවක් වැඩි කළේය. එමෙන්ම විශ්‍රමික දීමනාව වැඩි කළේය. මේ වැඩි කළ මුදල් සොයා ගන්නේ කෙසේද යන්න එහි දක්වා තිබුණේ නැත. ඒ නිසා එය ‘අය’ නැති ‘වැය’ පමණක් ඇති අය – වැයක් ලෙස හැඳින් විය හැකිය. ප්‍රමාණවත් ආදායම් යෝජනා ආර්ථිකයේ ප්‍රශ්නය තවදුරටත් උග්‍ර කිරීමට හේතු වේ. අය – වැය මඟින් ආර්ථික ප්‍රශ්න විසඳීමට යොමුවක් ගත හැකිය. ඒ සඳහා අපේ ආර්ථිකයේ ප්‍රධාන ප්‍රශ්නය හඳුනාගත යුතුය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ දක්නට ලැබෙන මූලික ප්‍රශ්නය වන්නේ රජයේ ආදායමින් සැලකිය යුතු පංගුවක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සඳහා දැරීමට සිදුවීමය. 2021 වසරේ රජයේ බදු ආදායම්වලින් සියයට 86ක් වැය වූයේ රජයේ සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහාය. 2022 අය – වැය යෝජනාවල ප්‍රතිඵලයක් හැටියට රජයේ සේවක වියදම තවත් වර්ධනය විය. නව තත්ත්වය තුළ බදු ආදායම වැඩි නොකළහොත් රජයේ ආදායම්වලින් සියයට 93ක් රාජ්‍ය සේවක වැටුප් සඳහා පමණක් දැරීමට සිදු වේ.

වියදම් අඩු කිරීම

ඒ අනුව රජයට ඉතිරි සියල්ලම කිරීමට සිදුව මුදල් අච්චු ගැසීම මඟිනි. එය ආර්ථිකයට තවදුරටත් ඔරොත්තු නොදෙන වැඩකි. අතුරු අය – වැය මඟින් යම් යම් බදු වැඩි කිරීම් කළ අතර එයට පෙර ද බදු වැඩි කිරීම් කළේය. මේ ආකාරයට අතුරු අය – වැයට පෙර සූදූ සහ ඔට්ටු තැබීම් සඳහා බදු වැඩි කිරීම කෙරිණි.

අතුරු අය – වැයේ ප්‍රක්ෂේපණ ගැන සලකා බලන විට එහි බදු වැඩි කිරීම් දැකගත හැකි අතරම, වියදම් ගැන යථාර්ථවාදී ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබේ. 2022 අය – වැය සමඟ සලකන විට එය වැදගත් ඉදිරි පියවරකි. එහෙත් කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතු කරුණ වන්නේ එයින් රාජ්‍ය අංශයේ වියදම් අඩු කිරීම ගැන නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීමයි. ඒ අනුව ආදායම් වැඩි කිරීම දක්වා ඇති උනන්දුව වියදම් අඩු කිරීමට දක්වා නැති බව පැහැදිලිය.

ඒ තත්ත්වය තුළ අධික රාජ්‍ය සේවයේ බර රටේ පොදු මහජනයා මත පැටවී ඇත. ඉහළ රාජ්‍ය වියදමක් සහිතව ආර්ථිකයක් ස්ථාවර කළ නොහැකිය. දිගින් දිගටම මුදල් අචුච් ගැසිම තවදුරටත් කළ නොහැකිව තිබේ.

2025 අපේක්ෂාව

මේ වන විට උද්ධමනය සියයට 60ක් පමණ වන අතර ආහාර උද්ධමනය සියයට 90ක් පමණ වේ. මුදල් අච්චු ගැසීමෙන් උද්ධමනය තවත් වැඩි වේ. ආදායමින් කිසියම් කොටසක් බදු හැටියට වැය වන අතර, උද්ධමනය නිසා ඔවුන්ගේ ආදායමේ අවප්‍රමාණයක් ද සිදු වේ. ඒ නිසා ආණ්ඩුව උද්ධමනය පාලනය කිරීමට හා මුදල් අච්චු ගැසීමට හේතුවන යෝජනා ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිය යුතුය. ආණ්ඩුව එය කරන්නේ බදුවලින් පමණක් නම් එය යථාර්ථවාදී නැත. ඒ නිසා වියදම් කපා හැරීමකට යොමු විය යුතුය.

ඒ නිසා 14දා ඉදිරිපත් වන අය – වැයේ වියදම් අඩු කිරීම ගැන නිශ්චිත යෝජනා ඉදිරිපත් විය යුතුය. වියදම් අඩු කිරීමකින් තොරව ප්‍රාථමික ගිණුම ධන පැත්තට ගෙන යා නොහැකිය.

2025 වර්ෂය වන විට ප්‍රාථමික ගිණුමේ ශේෂය සියයට 2.3ක් විය යුතු බව සැප්තැම්බර් 1දා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ කාර්ය මණ්ඩල එකඟතාවේ දක්වා ඇත. ප්‍රාථමික ගිණුමේ ශේෂය ඍණ අගයක් ගන්නේ නම් එහි අදහස ණය වාරිකය නොව එහි පොලිය හෝ ගෙවීමේ හැකියාව නොමැති බවයි. ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන අගයක් ගන්නේ නම් ණය හා පොළී ආපසු ගෙවිය හැකි තත්ත්වයට රට ළඟාව ඇති බව දැක්වේ.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ඔවුන් තුළ විශ්වාසදායී අපේක්ෂා ඇතිවීම වැදගත් වේ.

ඉදිරි කාලයේ දී විනයානුකූල, සැලැස්මකට අනුව කටයුතු කිරීමට අප බලාපො‍රොත්තු වන බව ණය හිමියන්ට ඒත්තු ගැන්විය හැකි නම් එය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වයට හේතු වේ. ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමෙන් ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවිය හැකි තත්ත්වයට ළඟාවී ඇති බව අදහස් කෙරේ. ඒ නිසා අප ප්‍රාථමික ගිණුම ධන අගයක් දක්වා වර්ධනය කළ යුතුය.

ප්‍රාථමික ගිණුම

නිදහස් ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ගිණුමේ ප්‍රාථමික ගිණුමේ ශේෂය අතිරික්තයක් වාර්තා කළ අවස්ථා කිහිපයක් හමුවේ. අගමැති කොතලාවල යටතේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කර ඇත. එමෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ මංගල සමරවීර මුදල් ඇමැතිවරයා ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ළඟා කර ගැනීමට සමත්ව විය. ඒ හැරෙන්නට 74 වසරකට ආසන්න නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන අගයක් වාර්තා කළ අවස්ථා දක්නට නැත.

කැරිබියන් දූපත් රාජ්‍යයක් වන බාබ‍ඩෝස් ඔවුන්ගේ ප්‍රාථමික ගිණුමේ සියයට 6ක අතිරික්තයක් වාර්තා කර ගැනීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ එකඟව ඇත. ඔවුන් අපට වඩා බරපතළ ආකාරයට ඔවුන්ගේ වියදම් සහ ආදායම් කළමනාකරණය කර ගැනීමේ ඉලක්කයකට මූල්‍ය අරමුදල සමඟ එකඟව ඇත.

අපේ ප්‍රාථමික ගිණුම දැන් දක්නට ඇත්තේ විශාල ඍණ අගයකය. ණය ගෙවීම මදකට පැත්තකින් තැබුව ද අපේ වියදම ආදායමෙන් 2.5ක ගුණාකාරයක් ගනී. එම වියදම අඩුකර ගැනීමකින් තොරව අපේක්ෂා කරන 2.3ක ධණ පැත්තට ගමන් කළ නොහැකිය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල අවසාන ඉලක්කය 2025 ලෙස දක්වා තිබුණ ද, ඔවුන් මාස 3න් තුනට විමර්ශනයක යෙදේ. එහිදී ඔවුන් යම් යම් ඉලක්ක නම් කරනු ඇත. අප අයිඑම්එෆ් විධායක මණ්ඩලය ඉදිරියට යෑමට පෙර එම ඉලක්ක ළඟා කර ගෙන තිබීම සාකච්ඡා සාර්ථක කර ගැනීමට හේතුවනු ඇත. ඉදිරි කාලය තුළ අවශ්‍ය ඉලක්කවලට යා නොහැකි වුවහොත් එය දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත විධායක මණ්ඩලය සාකච්ඡාවට තීරණාත්මක ලෙස බලපානු ඇත. ආණ්ඩුව මෙම ක්‍රියාමාර්ගයන්ට කැපවීමෙන් විනයගතව යොමුවිය යුතුය.

2023 වසරේදී දැරීමට බලාපො‍රොත්තු වන වියදම් විසර්ජන පනත් කෙටුම්පතක් මඟින් ආණ්ඩුව පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ප්‍රසිද්ධ කළේය. ආණ්ඩුවේ කැපවීම ප්‍රදර්ශනය කරමින් එහිදී දක්වන ලද වියදම් තවදුරටත් ඉදිරි අය – වැයේදී කපා හරිනු ඇතැයි අපේක්ෂා කෙරේ. රජය එක් එක් ශීර්ෂ යටතේ විසර්ජන කෙටුම්පත මඟින් දැරීමට අපේක්ෂා කරන වැය ශීර්ෂ දක්වා තිබුණි. ඒවා අතරින් මහාමාර්ග, අරක්ෂක වැනි ක්ෂේත්‍රවලට අදාළ වියදම් කපා හැරීම මඟින් ආණ්ඩුවේ වැය බර තවදුරටත් අඩු කළ හැකිය. එවැනි වෙනස්කම් කළහොත් අය – වැය මගින් ආර්ථික ගමනට විශාල ජවයක් සැපයිය හැකිය.

විශ්‍රාම වයස

අය – වැය යෝජනාවක් මඟින් වරකදී විශ්‍රාම යන වයස අඩු කළ අතර 2022 අතුරු අය – වැය මගින් එය නැවත පෙර තත්ත්වයට ගෙන එන ලදි. මේ තීරණ දෙක ගත්තේ කුමන පදනමකින් ද යන්න පැහැදිලි නැත. සාමාන්‍යයෙන් ලෝකයේ රටවල් මෙවැනි තීරණ ගැනීමේ දී විවිධ ආකෘති සකස්කර, ඒවාට දත්ත ඇතුළු කර එවැනි තීරණයක යහපත් හා අයහපත් ප්‍රතිඵල පරීක්ෂා කර තීරණ ගැනීම කෙරේ. එහෙත් ශ්‍රී ලංකාවේ එවැනි ඇගැයීමකින් තොරව තීරණ ගන්නා බව පෙනේ.

අතිරික්ත රාජ්‍ය සේවකයන් විදේශ සේවයට යොමු කරන බව පෙරදී ප්‍රකාශ විය. එහෙත් එය රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු හෙදියන් විදේශ රැකියාවටන්ට යොමු කිරීමේ වැඩ සටහනේදී දැකගත හැකිවිය. රාජ්‍ය සේවකයන් විදේශ රැකියාවන්ට යොමු කිරීම හිතන තරම් පහසු කටයුත්තක් නොවන බව මේ සිදුවීමෙන් පැහැදිලි වේ. ඒ නිසා රජයේ සේවකයන් විදේශ සේවයට යොමු කිරීම මඟින් රාජ්‍ය සේවක සංඛ්‍යාව ප්‍රතිපතිත්තියක් හැටියට සාර්ථක වේ යැයි අපේක්ෂා කිරීම දුෂ්කරය. ඒ වෙනුවට ඔවුන්ට පුද්ගලික මට්ටමින් විදේශ රැකියාවන්ට යොමුවීමට දිරිමත් කිරීම ප්‍රතිඵලදායකය.

සංචාරක කර්මාන්තය

සංකෝචනයව ඇති ආර්ථිකය යළි පිබිදිය හැකි ආකාර දෙකක් ඇත. ඒ සඳහා මූලිකව කළ යුතු කාර්යය වන්නේ වැඩි වැඩියෙන් ඩොලර් ඉපැයීමය. ඩොලර් ඉපැයීම කරන්නේ රජයේ නිලධාරීන් නොව සේවා අපනයන කටයුතුවල නිරතව සිටින සමාගම් හා පුද්ගලයන්ය. එයට අතිරේකව සංචාරක වැනි සේවා අපනයන කර්මාන්ත මඟින් ඩොලර් ඉපැයීම සිදුවේ. එම කර්මාන්තවලට නිරතව සිටින පිරිස් හඳුනාගෙන ඔවුන්ට ඇති ප්‍රශ්නවලට විසඳුම් සැපයිය යුතුය. ඔවුන්ට ඉන්ධන ප්‍රශ්න මෙන්ම ව්‍යාපාර පවත්වා ගෙන යෑමේ ගැටලු ද ඇත. යථාර්ථවාදී පොලී ක්‍රමයකට ඔවුන්ට ණය දිය යුතුය.

අපනයන වර්ධනය කිරීම මගින් උපයා ගන්නා ඩොලර් මඟින් ඉන්ධන ප්‍රශ්නය විසඳිය හැකිය.

විදේශ රැකියාවන්ට උනන්දු වන පිරිස් දිරිගැන්වීම වැනි වැඩසටහන්වල ආණ්ඩුව යෙදී සිටින බව පෙනේ. එයට අමතරව සංචාරක කර්මාන්තය නැවත පණ ගැන්වීමට උත්සාහ කරන අයුරුද දක්නට ඇත. එහෙත් මේවායින් පමණක් ආර්ථිකය පණ ගැන්විය හැකි යයි විශ්වාස කළ නොහැකිය.

අයිඑම්එෆ් ණය

අප මේ වසරේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ විධායක මට්ටමේ ගිවිසුමකට යා යුතුය. ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. නොවැම්බර් මස තුළදී ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් නොලැබුණහොත් එය ඊළඟ වසරේ ජනවාරි – අප්‍රේල් දක්වා කල් යා හැකිය. එයට හේතුව මේ රටවල දෙසැම්බර් මස බොහෝ දේවල් සිදු නොවීමය.

අයිඑම්එෆ් ණය මුදලින් ශ්‍රී ලංකාවට හිමි වන්නේ ඩොලර් බිලියන 2.9ක් නිසා එයින් අපගේ ආර්ථිකය පණ ගැන්විය හැකිද යන ප්‍රශ්නය සමහරු මතු කරති. එහෙත් ඔවුන් සමඟ ගිවිසුමකට එළඹීමෙන් ලැබෙන ප්‍රයෝජනය එයට වඩා වැඩිය. ඒ සමඟම ජපානය හෝ වෙනත් රටකින් සහනදායී ණයක් ගැනීමේ හැකියා ඇති වේ. ඒ සඳහා වූ සාකච්ඡා මේ වන විට සිදු වෙමින් පවතී. එම සාකච්ඡාව සාර්ථක වුවහොත් අමෙරිකානු ඩොලර් බිලියන 6ක් පමණ ලැබේ යැයි අපේක්ෂා කෙරේ. එම ණය ආධාර දෙක ලැබීමත් සමඟ ආර්ථිකය යථාවත් කළ හැකිය.

ආර්ථිකයක් යථාවත් වීමට නම් ව්‍යාපාරික කටයුතු යථාවත් විය යුතුය. ආණ්ඩුව මධ්‍යම පාන්තිකයන්ගේ ඉල්ලීම් සඳහා නොව ව්‍යාපාර නැංවීමට ප්‍රමුඛතාව දිය යුතුය. අමුද්‍රව්‍ය හා නිෂ්පාදන ප්‍රවාහනයට ප්‍රමුඛතාව දිය යුතු අතර එමඟින් ආර්ථිකය ආරක්ෂා කළ යුතුය.

පොලී අනුපාතය ඉහළ අගයක තිබීම නිසා ආර්ථිකය විශාල ලෙස හැකිළී ඇත. එමෙන්ම සලාක ක්‍රමයට ඉන්ධන බෙදීම ද ආර්ථිකය සංකෝචනය වීමට බලපා ඇති තවත් කරුණකි. එය මේ අවස්ථාවේ නොකර බැරි කටයුත්තකි. එහෙත් පොලී අනුපාතය හැකි ඉක්මනින් අඩු නොකළහොත් සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විනාශ විය හැකිය. ඔවුන් නඟා සිටුවීම සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත්ව ඇත. බැංකු මඟින් ඔවුන්ට සහන ණයක් දීමට අදහස් කෙරේ. මෙවැනි යෝජනා බොහෝ විට ප්‍රායෝගික තලයේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේ නැත. එවැනි ගැටලු විසඳිය යුතුය.

අසීරූ තත්ත්වයන්ට උපකාර කිරීම සඳහා වැඩපිළිවෙළක් වෙනත් රටවල ක්‍රියාත්මක වේ. අමෙරිකාවේ එම වැඩසටහන හැඳින්වෙන්නේ 11 වැනි ඡේදය නමිනි. ඉන් කියැවෙන්නේ තාවකාලිකව ආර්ථිකය බිඳවැටී ඇති අවස්ථාවකදී කිසියම් සමාගමක් දුෂ්කර තත්ත්වයකට මුහුණ දී ඇති විට එය නැවත යථාවත් කිරීම සඳහා ණය ගෙවීම් අත්හිටුවීම, වෙනත් කළමනාකාරීත්වයකට පරිපාලන භාර දීම සඳහා ඇති ක්‍රමවේදයකි. අමෙරිකාවේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළට අනුරූප වැඩපිළිවෙළක් ඉන්දියාවේද ක්‍රියාත්මක වේ. අපේ රටේ එවැනි වැඩපිළිවෙළක් දක්නට නැත. එහෙත් මෙවැනි වැඩසටහනක් ගැන යෝජනාවක් පසුගිය අතුරු අය – වැයෙන් එළිදක්වා ඇත. මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වේද යන්න අවිනිශ්චිතය. මෙවැනි ක්‍රියාමාර්ග මඟින් සංකෝචනයව ඇති ආර්ථිකය යළි විකසිත කළ හැකිය.

මහචාර් ය රොහාන් සමරජීව

චන්දන ජයවීර

දිනමිණ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *