මුදල් නෝට්ටු මුද්‍රණය රිවස් කරයි ; බිලියන 8.7 ක් එක් මසක දී වෙළෙඳපොළෙන් ඉවතට

 

ශ්‍රී ලංකාව දරුණු ආර්ථික ර්අබුදයකට ගොදුරුවීමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන මහ බැංකුවේ මුදල් නෝට්ටු මුද්‍රණය පසුගිය සැප්තැම්බර් මාසයේ ආපසු හරවා රුපියල් බිලියන 8.7 ක මුදලක් වෙළෙඳපොළ වෙතින් ඉවත් කරගෙන ඇති බව ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි.

එමෙන් ම බැංකු ක්‍රමයෙන් රජයට ලබාදුන් ණය ප්‍රමාණය ද විශාල ලෙස අඩු වී තිබේ

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ මහ බැංකු ණය (මුද්‍රිත මුදල්) 2022 සැප්තැම්බර් මාසයේදී රුපියල් බිලියන 8.7 ක සෘණ අගයක් වී තිබේ

ශුද්ධ මහ බැංකු ණය සැප්තැම්බර් මාසයේදී රුපියල් බිලියන 8.7 කින් රුපියල් බිලියන 3,302 ක් දක්වා අඩු වී ඇති අතර එය මාසයකට පෙර පැවතියේ බිලියන 47.2 ක් වශයෙනි .

බැංකු පද්ධතියෙන් රජයට ලබා දුන් ණය මාසයකට පෙර පැවති රුපියල් බිලියන 163.7 සිට රුපියල් බිලියන 53.3කින් අඩු විය.

ශ්‍රී ලංකාවේ මහ බැංකුව පසුගිය සති කිහිපය තුළ රජයේ සුරැකුම්පත් කිහිපයක් වෙන්දේසියෙන් මිලදී ගෙන ඇති නමුත් ඉහළ පොලී අනුපාත සහ පෞද්ගලික අංශයේ අක්‍රමිකතා හේතුවෙන් එම මුදල් පුළුල් ආර්ථිකය වෙත ගමන් කරන්නේ නැත.

අඛණ්ඩව සිව්වන මාසයට ද පුද්ගලික ණය අඩුවීම වාර් තා කරමින් සැප්තැම්බර් මාසයේදී පුද්ගලික ණය රුපියල් බිලියන 37.3 කින් රුපියල් බිලියන 7,576.9 දක්වා අඩු විය. පුද්ගලික ණය ගිවිසුම මාසයකට පෙර රුපියල් බිලියන 58 කි. ජුනි සහ ජූලි මාසවල පෞද්ගලික ණය රුපියල් බිලියන 40කින් අඩු වී තිබිණි..

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *