ණය ප්‍රතිව්‍යූහගතකරණයට චීන රජයේ සහයෝගය ; තානාපති සහතික වෙයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා තම රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි-ශෙන්හොන් මහතා කියා සිටියි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඊයේ (07) හමු වූ අවස්ථාවේදීය.
දීර්ඝ කාලයක් පුරා දෙරට පැවති සම්බන්ධතා ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය දක්වන බව ද මෙම සාකච්ඡාවේ දී චීන තානාපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකාව කිසිසේත්ම තනි නොකරමින්, පවතින අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදවා ගෙන යථා තත්ත්වයට පත් කර ගැනීමට අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට තානාතිවරයා මෙහි දී සහතික විය.
දිනමිණ 

         

Leave a Reply

Your email address will not be published. Required fields are marked *