ග්ලයිෆොසේට් තහනමෙන් තේ කර්මාන්තය වල පල්ලට- මේ රසායනිකය තහනම් කළ එකම රට ශ්‍රි ලංකාවයි !

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනලයේ බරපත පසු බැසිමක් ඇති වී තිබෙන බවත්, එයට ප්‍රධාන හේතුව ග්ලයිෆොසෙට් වල්නාෂකය තහනම් කිරීම නිසා ඇති වී තිබෙන තත්ත්වය බවත්, තේ කර්මාන්තයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි. පසුගිය ජූලි මාසයේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 21.3ක් දක්වා පහත වැටුණු අතර එය පසුගිය වසරට වඩා 19%ක අඩුවීමකි. එමෙන්ම එය වසර දහයක දී වාර්තා වූ අඩුම නිෂ්පාදනයයි.
තේ වගාවේ වල් මර්ධනය සඳහා යොදාගත් ගලයිෆොසේට් වල් නාශකය එක්තරා අන්තවාදි පිරිසකගේ ප්‍රචාර නිසා තහනම් කිරීමත්, එයට සුදුසු විකල්පයක් නොමැතිවීමත් මෙම තත්ත්වයට හේතු වී ඇති බව කියති. තිබෙන එකම විකල්පය වන අතින් වල් ගැලවිම වියදම් අධික වන අතර එමගින් හෝදා පාළුව වැඩිවන වන බව තතු දත්තෝ කියති.
ග්යිෆොසේට් ඉතා විෂ සහිත බවටත්, ඇතැම් අන්තවාදීන් කරන ප්‍රචාර සත්‍යයෙන් තොර බවත්, මේ වන විට මෙම වල් නාෂකය තහනම්කර ඇති එකම රට ශ්‍රී ලංකාව බවත් අපගේ ආරංචි මාර්ග සඳහන් කරයි. වකුගඩු රෝගයට ග්ලයිෆොසේට් හේතුවන බවට ගෙනයන ප්‍රචාර ද පදනමකින් තොර ය. ශ්‍රි ලංකාවේ ග්ලයිෆොසේට් භාවිතය ආරම්භ වූයේ 1998 දී වන අතර වකුගඩු රෝගය වාර්තා වන්නට පටන් ගත්තේ 1991 දී පමණ සිට ය. අනික් අතට ශ්‍රි ලංකාවේ වෙනත් ප්‍රදේශ වල මෙන්ම ලෝකය පුරා ග්ලයිෆොසේට් භාවිතය වාර්තාවන නමුත් එම කිසිදු පෙදෙසකින් වකුගඩු රෝගය වාර්තා වි නැත. එබඳු තත්ත්වයක් යටතේ ග්ලයිෆොසේට් තහනම් කිරීම ශ්‍රි ලංකාවේ කෘෂිකර්මය බිඳවැටිමට හේතුවන බව අපගේ ආරංචි මාර්ග කියයි.
යුරෝපයේ ග්ලයිෆොසේට් තහනම් කරන ලෙස පරිසර සංවිධාන කළ ඉල්ලීමක් යුරෝපා පාර්ලිමේන්තුව පසුගිය දා ප්‍රතික්ෂේප කළේ ය. රජරට වකුගඩු රෝගයට හේතුව ග්ලයිෆොසේට් බව දැන් කියන කණ්ඩායම මිට පෙර කීවේ එයට හේතුව ආසනික් බවයි. ආසනික් අඩංගු බව කියන ඇතැම් කෘමි නාෂක මෙරටට ගෙන්වීම ද තහනම් කරනු ලැබි ය. පසුව ග්ලයිෆොසේට් මෙයට හේතුව බව කී අතර එය ද තහනම් කරනු ලැබි ය. දැන් දැන් ඔවුන් කියන්නේ මෙයට රසායනික පොහොර හේතු වියහැකි බවයි.

රජරට වකුගඩු රෝගය පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය කළ අධ්‍යයනයේ සඳහන් වන්නේ වකුගඩු රෝගයට කෘෂි රසායන හේතුවන බවට සාක්ෂි නැති බවයි. එසේ වව ද ඉහත කී පිරිස එම වර්තාවල කරුණු ලෙස අසත්‍ය කරුණු ඉදිරිපත් කරන බව ද පෙනෙන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *