රට හදන්න නම් හැමෝගෙම ආකල්ප වෙනස් විය යුතුයි – ආචාර් ය රනිල් සුගතදාස

 

රටකට නොවෙනස් ජාතික ප්‍රතිපත්ති ඉතා වැදගත්ය. එරට විද්වතුන්ගේ අදහස්, උදහස්, පර්යේෂණ, මතවාද ආදියද ඊට බලපායි. මෙරටට එය කෙබඳුද? මේ සූදානම තවත් විද්වතෙක් සමඟ ඒ පිළිබඳ කතාබහකටයි. ඔහු ආචාර්ය ඉංජිනේරු රනිල් සුගතදාසය. හෙතෙම මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකි. කළමනාකරණය හා නායකත්ව පුහුණු කිරීම් පිළිබඳ විශේෂඥවරයකු වශයෙන් ද ඔහු ප්‍රකටය.

 කොහොමද ඔබ නූතනය දකින්නේ?

ඒ පිළිබඳ මගේ අත්දැකීම් හා අවබෝධයට අනුව නම් වඩාත් අසහනකාරී බවක් තමයි වත්මන් සමාජයෙන් පෙනෙන්නේ. ඒත් ඒ වර්තමානයට බලපා තිබෙන සමාජ, ආර්ථික ප්‍රශ්න නිසාම නෙවෙයි. මේ කිසි ගැටලුවක් නොවුණත් අපේ සමාජයෙන් අසහනකාරීත්වය ඉස්මතු වී පෙනෙන්නට කරුණු පැවතුණා. භෞතික කරුණු මතම දෝලනය වීම ඊට බලපාන එක් කාරණයක්.

ඉතින් කොරෝනා වයිරසය, සමාජ නොසන්සුන්තා, ආර්ථික ගැටලු, දූෂණ අක්‍රමිකතා පමණක් නෙවෙයිනේ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රතිපත්තිමය තීරණත් අද අත්වී තිබෙන ගැටලුවලට බලපා තිබෙනවා. තවදුරටත් මෙරට කඩාවැටීමට ඒ කරුණුත් හේතු වුණා.

ඉකුත් කාලයේදීත් අසංවිධානාත්මක, සැලසුමකින් තොර වූ අරගලය පසුපස ඇතැමුන් දිව ගියා. එය පුස්සක් වූයේ ඒ නිසයි. ඒත් ඉන් යම් සාධනීය අංග නොවුණා නෙවෙයි. මහජනතාව තරමකට යථාර්ථවාදීව එසේත් නැතිනම් විචක්ෂණශීලිව බලන්නටත් ඉන් පෙලඹීමක් ඇති වුණා නේ. ඒත්, රාජ්‍ය හා පොදු දේපළවලට හානි කරමින් සොරකම් මංකොල්ලකෑම්වල නිරත වෙමින් ඇතමුන් ගත් මඟ පොදු මහජනතාවගේ පිළිකුලට ලක් වුණා. එසේම අරගලය දඩමීමා කරගෙන සමහරු බලයට එන්නට මාන බැලූ බවත් අමුතුවෙන් කිව යුත්තක් නොවෙයි නේ. දේශපාලනඥයන්ගේ දේපළ වනසමින් මෙරට ලෝකයා ඉදිරියේ අපකීර්තියට පත්වන තැනට සමහරු ඇද දැමුවානේ. ඒ පසුපසත් බලලෝභීත්වයත් කුහකකමත් තිබුණා.

ඉකුත් කාලයේදීත් අසංවිධානාත්මක, සැලසුමකින් තොර වූ අරගලය පසුපස ඇතැමුන් දිව ගියා. එය පුස්සක් වූයේ ඒ නිසයි. ඒත් ඉන් යම් සාධනීය අංග නොවුණා නෙවෙයි. මහජනතාව තරමකට යථාර්ථවාදීව එසේත් නැතිනම් විචක්ෂණශීලිව බලන්නටත් ඉන් පෙලඹීමක් ඇති වුණා නේ. ඒත්, රාජ්‍ය හා පොදු දේපළවලට හානි කරමින් සොරකම් මංකොල්ලකෑම්වල නිරත වෙමින් ඇතමුන් ගත් මඟ පොදු මහජනතාවගේ පිළිකුලට ලක් වුණා. එසේම අරගලය දඩමීමා කරගෙන සමහරු බලයට එන්නට මාන බැලූ බවත් අමුතුවෙන් කිව යුත්තක් නොවෙයි නේ. දේශපාලනඥයන්ගේ දේපළ වනසමින් මෙරට ලෝකයා ඉදිරියේ අපකීර්තියට පත්වන තැනට සමහරු ඇද දැමුවානේ. ඒ පසුපසත් බලලෝභීත්වයත් කුහකකමත් තිබුණා.

තවදුරටත් විස්තර කරමුද?

මේ වන විට අන්තර්ජාතික වශයෙනුත් ආර්ථික දේශපාලන වාතාවරණය බොහෝදුරට අයහපත්. හුඟක් රටවල ප්‍රශ්න නේ. අසහනකාරීත්වය වඩා වර්ධනය වීමක් ඒ බොහෝ රට රටවල්වලින් හඳුනාගත හැකියි. අගමැතිවරු ඉවත් කිරීමට ජනතාව අතුරින් මතුවූ විරෝධතා ආදියෙන් ඒ වග පෙනෙනවා.

එමෙන්ම අපේ රටටත් ඒ තත්ත්වය වඩාත් දැනෙනවා. ලෝක ආහාර අර්බුදයක් පිළිබඳත් මෙකල රතු එළි දැල්වෙනවා. රැකී රක්ෂා අහිමි වීම ජන ජීවිතවලට තවදුරටත් නරකට බලපා තියෙනවා.

අපේ සමාජයේ හැසිරීම්වලට ඒ තත්ත්වය කරන බලපෑම් කෙබඳුද?

එය ගැඹුරින් විමසා බැලිය යුතු තත්ත්වයක්. හුඟ දෙනෙක් හදිසි, දැඩි තීරණවලට එළැඹිලා, සැලකිය යුතු පිරිසක් ඊට විකල්පයක් විදියට රට හැර යෑමට තීරණය අරන් තියෙනවා. ඒත් ගේදොර ඉඩකඩම් විකුණා දමමින් හෝ උකස් කරමින් ඒ අවදානම් තීරණ ගත් සමහරුන්ට විදෙස්ගත වූ පසුව අත්විඳින්නට සිදුවී තිබෙන්නේ වඩාත් නරක තත්ත්වයක්. ඇතැමුන්ට නැවත හිස් අතින් මෙරටට ඒමටත් සිදු වෙලා. එවිට වඩාත් දුක්ඛිත ජීවිතයක් තමයි නැවත උදාවී තියෙන්නේ. එය අභියෝගාත්මකයි. ඉකුත් දිනක දකුණු පළාතේ පාසලක වැඩමුළුවකට මා සහභාගි වුණා. එවිට එහි විදුහල්පති අවධාරණය කළේ දුර බැහැර සිට එම පාසලේ සේවයට පැමිණෙන ගුරුවරුන්ට දැන් ආර්ථික ගැටලු බෙහෙවින් බලපා ඇති බවයි. එසේම මිලෙන් අධික ඇඳුමක් විදියට සාරියකින් සැරසී එනවාට වඩා පහසු ලාභදායී ඇඳුමකින් සැරසී පාසල් ඒමට ගුරුවරියන් අතුරින්ම යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. වැටුප ප්‍රමාණවත් නොවීමයි ඊට හේතුව.

ඒ වගේම සමාජයේදී බොහෝ විට එකිනෙකා පිට වරද පටවා ගනිමින් දෝෂාරෝපණ කර ගැනීමක් මෙකල දක්නට පුළුවන්. ජනමාධ්‍ය හරහාත් නිතර එවැනි සිද්ධි ප්‍රචාරය කරනවා. දේශපාලනඥයන්ට නිතර දොස් පැවරීම් ජනතාව කෙරෙන් දක්නට පුළුවන්.

මේ අසහනය, පීඩාව නිවෙසට ගෙන යන අයත් සිටිනවා. එවිට බොහෝ විට කාන්තාවන්, ළමුන් ඉන් පීඩාවට පත් වෙනවා. එය මෙරට අනාගතයට දරුණු විදියට බලපෑ හැකියි.

එහෙමනම් ඊට විසඳුම් මොනවාද?

අඳුරට ශාප කිරීමෙන් පලක් නැහැ නේ. ඊට එදිරිව එක් පහනක් හෝ දැල්වීමයි කළ යුත්තේ. ඉතින් තනි තනිව වුවත් රට වෙනුවෙන් මේ අවස්ථාවේ කළ යුතු වගකීම නොපිරිහෙළා ඉටු කිරීමයි වැදගත්. ඒත් එහෙම හිතන අය අද අපේ සමාජයේ අඩුයි. කලකිරීමෙන්, ද්වේෂයෙන්, ක්‍රෝධයෙන් ඒ අසීරුතාවලට මුහුණ දෙන අය වැඩියි. ඊට කරුණු බොහොමයක් බලපානවා. ඇත්තෙන්ම මෙකල අර්බුදවලට සාර්ථකව මුහුණ දීමට දිරි දෙන වැඩසටහන් රාජ්‍ය අංශයෙන් ක්‍රියාත්මක නොකරනවා නෙවෙයි. ඒත් අඩුවෙන් තමයි ඒවා බිම් මට්ටමට දැනෙන්නේ.

අනෙක, ලෝකයේ වංචා, සොරකම් දූෂණ නැති රටක් නැතිම තරම්. ඒත් ඒ ඒ රටවල් ඊට වැට බඳින්නට නිසි ක්‍රමවේද හඳුන්වා දී තිබෙනවා. හරි ‘සිස්ටම්’ එකක් දැන්වත් ඇති කර නොගත්තොත් අපිට කිසිම දවසක ගොඩඒමක් නැති වේවි.

ඒත් කොතැනින්ද ඒ වැඩේ පටන් ගන්නේ?

ඉහළින් තමයි අරඹන්න ඕනි. ඒ මිසෙක තවදුරටත් පහළ සිට ඉහළට සිස්ටම් එක හදන්න යෑමෙන් පලක් වෙන්නේ නැහැ.ඒ අතින් වත්මන් ජනාධිපතිවරයාගෙන් යම් සාධනීය බවක් මා දකිනවා. එළියට ඇවිත් ඔහු ඒ පිළිබඳ අවධාරණය කිරීම් කරනවා. ඒ ප්‍රකාශ කිරීමත් වැදගත් අංගයක්.

ඒකයි ඇත්ත. අපි අලුත් වෙන්න ඕනි. අලුතින් හිතන්න ඕනි. විශේෂයෙන් මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් ඒ වෙනස දැකිය යුතුව තිබෙනවා. මෙරට ඉහළ තලයේ තීරණ ගන්නා තැනැත්තන් වඩාත් නිවැරදිම තීරණ නිසි වේලාවේදී ගත යුතුමයි. මහ බැංකු නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ ඉහළ තනතුරු දරන්නන්, වෛද්‍යවරු, ඉංජිනේරුවරු, නීතිඥවරු ආදීන් මෙරටට නොවෙනස් ප්‍රතිපත්ති සම්පාදනයේදී එකට එකතු විය යුතුයි. නැතිනම් අපිට රටක් විදියට යැපීමට මඟක් නැති වෙන්න පුළුවන්.

අපි අලුත් වෙන්න ඕනි. අලුතින් හිතන්න ඕනි. විශේෂයෙන් මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් ඒ වෙනස දැකිය යුතුව තිබෙනවා. මෙරට ඉහළ තලයේ තීරණ ගන්නා තැනැත්තන් වඩාත් නිවැරදිම තීරණ නිසි වේලාවේදී ගත යුතුමයි. මහ බැංකු නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ ඉහළ තනතුරු දරන්නන්, වෛද්‍යවරු, ඉංජිනේරුවරු, නීතිඥවරු ආදීන් මෙරටට නොවෙනස් ප්‍රතිපත්ති සම්පාදනයේදී එකට එකතු විය යුතුයි. නැතිනම් අපිට රටක් විදියට යැපීමට මඟක් නැති වෙන්න පුළුවන්.

පාසලෙන්ම රට අලුතෙන් හදන වැඩපිළිවෙළ පටන්ගත යුතු බවටත් ඇතැම් විද්වතුන් පෙන්වා දෙනවා නේද?

ඔව්. ඒත් මධ්‍ය සහ දිගු කාලීනවයි එහි ප්‍රතිඵල ලැබෙන්නේ. බාලාංශයේ පටන් අවුරුදු 13ක් සිසුන් පාසල ඇසුරේ ගත කරනවා නේ. අනෙක දැනටත් අපේ පාසල් අධ්‍යාපන ක්‍රමයේ යල්පැනගිය අංග එමටයි. එයින් තරගකාරී ලෝකයත් සමඟ පෙරට යෑමට පොලඹවන ධනාත්මක ආකල්ප සිසු මනස තුළ ගොඩනැංවීම අපහසුයි. ඊට ක්‍රමයක් හදන්න දශකයකටත් වැඩි කලක් ගත වන බවයි මං අවධාරණය කරන්නේ.

හත ශ්‍රේණියේ පෙළපොතට එම වයසේ සිසුන්ට අනුචිත නාරි ලාලිත්‍ය පිළිබඳ කියැවෙන පාඩම් එකතු කරන්නේ ඒ අනවබෝධය ඇත්තන්. එවැනි ප්‍රතිපත්ති සම්පාදනයෙන් රටේ අනාගතය මොට වීම අරුමයක් නොවෙයි. එවැනි අදූරදර්ශී ක්‍රියා නිසා ගුරු සිසු දෙපිරිසම අපහසුතාවට පත් වෙනවා. මේ වෙලාවේ අපි වැටුණු තැනින් ගොඩඒමටයි ප්‍රමුඛතාව දිය යුත්තේ. ඇත්තෙන්ම ලෙඩ ඇඳේ වැතිර සිටින රෝගියෙක් නැඟිටුවනවා වගේ දෙයක්. ඊට නිසි වැඩපිළිවෙළක් මුලින් සකස් කළ යුතුයි. ඒ ඉලක්කයට ළඟා වූ පසුව ඉදිරියටත් ඉලක්ක හඳුනා ගනිමින් ක්‍රමයෙන් ඒ කරා ළඟා විය යුතුයි.

උදාහරණ ඇසුරෙන් එය තවදුරටත් පැහැදිලි කළොත්?

සිංගප්පූරුවෙන් නිදසුනක් ගමු. එරට මැදින් ගලා ගිය කුණු ඇළක් ධන උල්පතක් කිරීමට එරට පාලකයන්ට හැකි වුණා. ඒ සංචාරක ව්‍යාපාරය අතින් ඔවුන් විදෙස් ආයෝජකයන් කැඳවා ගනිමින් ඒ දේ කළේ. අපේ රටේ ඊට වඩා හාත්පසින් මනරම් ස්වාභාවික සම්පත් බොහොමයි. ඒත් මෙරට සංචාරක කර්මාන්තය තවම ඉබිගමනේ යන්නේ. ඒ අලුත් අදහස්, සංකල්පවලට පූජ්‍ය පක්ෂයේ ඇතමුන්ගෙන් මෙන්ම පටු දේශපාලන මතධාරීන් ඇතුළු පිරිසක් නිතර කරන බලපෑම් නිසයි. ඒ කුහකකමට.

නිතර පරිපූර්ණ දේවල්ම සෙවීම මේ පටු අදහස් දරන්නන්ගේ එක් ලක්ෂණයක්. ඒ අදහස් දඩමීමා කර ගනිමින් මහජනතාව කුපිත කරවීම මෙරට ආර්ථික දියුණුවට අකුල් හෙළන, සැලසුම් සහගතව කටයුතු කරන අයගෙන් නිතර දක්නට පුළුවන්. ඒ මිසෙක රාජ්‍ය – පුද්ගලික හවුල් ආයෝජන විදියට මෙරට පෞරාණික ස්ථාන සංචාරක ව්‍යාපාරයේ උන්නතියට යෙදවීම වැනි ප්‍රගතිශීලි යෝජනාවලට ඒ අය නිතර විරුද්ධයි. එය ආර්ථික පසුබෑමට තුඩු දෙන්නක්.

ඔලුවිල් වරාය අවට ප්‍ර‍ෙද්ශය තවමත් සංචාරක කර්මාන්තය සඳහා දියුණු නොකළ එවැනි මනස්කාන්ත ඉසව්වක්. එවැනි බොහෝ තැන් කෙරෙහි තවමත් අවධානය යොමු වී නැහැ. ඒ වගේමයි අත යට ගනුදෙනු මෙරටට හෙණයක් වී තිබෙන තවත් පිළිලයක්.

වංචා, දූෂණ පිටුදැකීමට ඉක්මන් ස්ථිරසාර පියවර ගත යුත්තේ එනිසයි. මෙරට එක් එක් දේශපාලන පක්ෂයට ආදරය කරන දේශපාලනඥයන් බොහොමයි. ඒත් ඒ හුඟ දෙනකු රටට ආදරය නොකිරීමයි ගැටලුව. විශේෂයෙන් විදෙස් සංචාරකයන් ගෙන්වා ගැනීමට නම් විවෘත මනසකින් එදෙස බලමින් එම සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට විධිවිධාන සැකසිය යුතු වෙනවා.

සභ්‍යත්වය පිළිබඳ එතැනදි සමහරු ගැටලු මතු කරනවා?

ඒත් සභ්‍යත්වය කියා නැති දෙයක් කරපින්නාගෙන සමහරු එය විකුණමින් සිටිනවා. ඒ බොරු චෝදනා, මතවාද ගොඩනංවන අයගේ පරමාර්ථය ඉතා පටුයි. ඒ වග දැන් ජනතාවටත් බොහෝ දුරට පැහැදිලි ඇති. මුලින් කොයි දේටත් එදිරිවීම මෙරට ඇතැමුන්ගේ සිරිතයි. සාර්ථක වූ බොහෝ ව්‍යාපෘති ආරම්භයේදී මේ කියන පටු මතධාරීන් හැසිරුණු අන්දමත් ඉන් පසුව දැන් තත්ත්වයත් ජනතාවට හොඳින් මතක ඇතැයි මං සිතනවා.

මත්ද්‍රව්‍ය අද බාල වයස්කරුවන් පවා බිලිගන්නා මාර‍ෙයක් බවට පත් වෙලා?

ඉහළ සිටම ප්‍රතිපත්ති සම්පාදකයන් ඊට වැට බඳින්නට අවකංව කටයුතු කළ යුතු වෙනවා. එසේම බාල හා තරුණ පරපුර ඊට නැඹුරු වීම ගැන මං තරමක් වෙනස් අදහසක් දරනවා. එනම් සමහර ගුරුවරු ඇතුළු මේ අධ්‍යාපන ක්‍රමයේ දුර්වල තැන් දරුවන් එවැනි අඳුරු අහුමුලුවලට තල්ලු කර දමනවා.

‘උඹට ගණන් බැහැ’, ‘විද්‍යාව බැහැ’ ආදී වශයෙන් සිසු සිසුවියන් මානසිකව ඇද වැටෙන තැනට කටයුතු කරන කවුරුත් අන්තිමේදී අනුන්ගේ ආකර්ෂණය, රැකවරණය, පිළිගැනීම තකා වැරදි මඟට යොමුවීමේ අපරාධයට වගකිව යුතුයි. ඒ වෙනුවට ඩ්‍රීම් එකක් ළමා සහ තරුණ සිසු සිසුවියන් තුළ ඇති කරනවා නම් ඔවුන් සමාජ විරෝධී ක්‍රියාවලට යොමු වෙන්නේ නැහැ. ඒත් පවතින තරගකාරී විභාග ක්‍රමයෙන් ඊට විසඳුම් ලැබෙන බවක් නම් පෙනෙන්නට නැහැ.

අපිට ඉතිහාසයෙන් පාඩම් කියා දීමටවත් පවතින යල්පැනගිය ක්‍රමයට හැකි වුණේ නැහැ. සුනාමි උවදුර ඊට එක් උදාහරණයක්. අතීත රජදවසින් පාඩම් උගත්තත් අපිට එයත් මේ වෙලාවේ ප්‍රමාණවත්. ඒත් සුනාමි ව්‍යසනයකදී සොබාදහම වෙනස් වන විදිය වත් මේ රටේ බොහෝ දෙනකු දැන සිටියේ නැහැ. මිනිස්සු අතිවිශාල ප්‍රමාණයක් මිය ගියේ එවැනි උවදුරකදී කටයුතු කළ යුතු නිවැරදි ක්‍රමය රටක් විදියට උගන්වා නොතිබුණු නිසයි.

ඒත් සංචාරක කර්මාන්තය අතින් මහා පරාක්‍රමබාහු, ධාතුසේන වැනි රජවරු විදෙස් ආයෝජකයන් මෙහි ගෙන්වාගෙන පුරවැසි බව දෙමින් ඒ ඒ ක්ෂේත්‍රවල වෙළෙඳ සබඳතා ගොඩනඟා ගනිමින් එදා අතීත රජදවසේ පවා කටයුතු කළා. එය උපායමාර්ගික කළමනාකරණයයි. කෙටි කලෙකදී දියුණු වූ රටවල් ඇසුරෙන් ඊට තවත් උදාහරණ පහසුවෙන් සපයා ගත හැකියි.

අපි දැන් ළමයි අධ්‍යාපනයෙන් විශිෂ්ටයන් කරන විදිය පිළිබඳයි කතා කරන්නේ?

ඒත් ඒ දැන් හුඟක් අම්මලා දරුවන් පොලඹවන විදියට නෙවෙයි. දැනුම හඹා යෑමට නේ හුඟක් වැඩිහිටියන් දරුවන් මෙහෙයවන්නේ. සමහර ගුරුවරුත් එහෙමයි. ඒත් දැනුම දරුවා විශිෂ්ටයකු කරන ක්‍රමයේ එන එකක් විතරයි. ඒ හැරෙන්නට විභාග දක්ෂතා, මනස ශක්තිමත් කිරීම, මොළය වර්ධනය කියන අනෙක් කරුණුත් ඊට එකතු වෙන්න ඕනි.

ඉතින් ගොටුකොළ, ලුණුවිල ආදී කොළ වර්ගත් නිසි පරිදි ජලය පානයත්, යකඩ අවශ්‍යතාව පරිපූර්ණව ලැබෙන ආහාරපාන දරුවාට දීමත් කෙරෙහි දරුවා පාඩමටම යොමු කරවන අම්මලා තාත්තලා එතරම් සැලකිලිමත් නැහැ.

අනෙක, විභාග කාලය ළං වන විට අනිවාර්යයෙන්ම ලැබිය යුතු නින්දත් බොහෝ දරුවන්ට වැඩිහිටියන් නිසා අහිමි වෙනවා. ඒ නොදැනුවත්කම නිසයි. ඒත් එයින් මොළය දුර්වල වීමෙන් එතෙක් ගොඩනඟා ගත් දක්ෂතාවත් දරුවාට අහිමි වන බව හුඟ දෙනෙක් කල්පනා කරන්නේ නැහැ. මේ අලුත්වීම් අපිට රටක් සමාජයක් විදියට අවශ්‍යමයි. එය එසේ වන තාක් මෙරටට සෞභාග්‍ය‍ෙය් මාවත දුර වීමට ප්‍රබල හේතුවක් වග නැවත නැවතත් අවධාරණය කරන්නට සිදු වෙනවා.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර් ය 

ආචාර් ය  රනිල් සුගතදාස

සටහන – නුවන් මහේෂ් ජයවික්‍රම

දිනමිණ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *