චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන පහක ආයෝජන

ඉදිරි වසර කිහිපයේ දී ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන පහක ආයෝජනය සිදුකිරීමට චීනය බලාපොරොත්තු වන බව චීන තානාපති යී පියැන් ලින් මහතා ප්‍රකාශකොට ඇත. ජාතික වාණිජ මණ්ඩලය මගින් කොළඹ දී පවත්වන ලද සම්මන්ත්‍රණයකට සහභාගිවෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය. ඉදිර වසර තුනත් පහත් අතර කාලයේ දී මෙම ආයෝජන සිදු කරන බව ඒ මහතා පවසා තිබේ.
හම්බන්තොට ප්‍රදේශයේ ආයෝජන කලාපයක් ඉදිකිරිම සඳහා හෙක්ටයාර් 15000ක ඉඩමක් රජයෙන් ලබාගැනීමට චීනය බලාපොරොත්තු වෙයි. මේ සඳහා සුදුසු ඉඩම් හඳුණාගැනීමට ක්‍රියාකරමින් සිටින බව මලික් සමරවික්‍රම ඇමතිවරයා කියයි. හම්බන්තොට හැරුණු විට කොළඹ ආශ්‍රිත සහ දිවයිනේ වෙනත් ප්‍රදේශ වල ද ආයෝජන සිදු කිරීමට තම රට සූදානමින් සිටින බව චීන තානාපතිවරයා ප්‍රකාශකොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *